
(ළහිරු හර්ෂණ)
කැමරා එල්කේ (CameraLK) ආයතනය තුන්වන වරටත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සංවිධානය කරනු ලැබු “Image Expo 2023” ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පස්වරුවේ එක් විය.
“Image Expo 2023” හරහා ලෝකයේ ප්‍රමුඛතම වෙළෙඳ සන්නාම හා සමාගම්වල නවතම තාක්ෂණය එකම වහලක් යටදි අත්විදීමට වෘත්තිමය මෙන්ම විනෝදාංශයක් ලෙසත් ඡායාරූපකරණයේ හා වීඩියෝකරණයේ යෙදෙන්නන්ට අවස්ථාව හිමිවේ.
මෙහිදී සෝනි සන්නාම තානාපතිවරුන් ලෙස ජනප්‍රිය ඡායාරූප ශිල්පීන් වන දිමිත්‍රි කෲස් සහ තිළිණ කළුතොටගේ යන මහත්වරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන ලැබූහ.
සම්මානලාභී වනජීවි ඡායාරූප ශිල්පියකු වන ලක්ෂිත කරුණාරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත වනජීවි ඡායාරූප එකතුවක් ප්‍රදානය කළේය.
CameraLK ආයතනය විසින් ජනාධිපති මාධ්‍ය අංශය වෙත අති නවීන තාක්ෂණයෙන් යුත් ඩ්‍රෝන කැමරාවක් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.
CameraLK ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ, සෝනි ආයතනයේ කලාපීය අළෙවි සංවර්ධන මධ්‍යස්ථානයේ අළෙවි ප්‍රධාන ස්ටැනිල් ටෑන් (Stanley Tan), වෙළඳ ප්‍රධානියා යැප් යංග් (Yap yung), DJI ආයතනයේ අළෙවි කළමනාකාර ෆයි චැංග්වූල්ද (Fly Changwald) සහ ලොව ප්‍රමුඛතම තාක්ෂණික වෙළඳ සන්නාම සහ සමාගම්වල නිලධාරිහු පිරිසක්ද මීට එක්ව සිටියහ.





2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
“Image Expo බලනන ජනපති යයි