INSEEසිමෙන්ති සමාගම පසුගියදා දකුණු පළාත් සභාව සමග විශේෂ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබී ය. මේ යටතේ INSEE සිමෙන්ති සමාගමේ තාක්ෂණ නිලධාරී සහ ඉංජිනේරු කුසලතා සංවර්ධන වැඩසටහන් එම පළාත තුළද ක්‍රියාවට නැංවෙනු ඇත.
දකුණු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා මහතා සහ INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා විසින් මෙම ගිවිසුම්වලට අත්සන් තබන ලදී.
තාක්ෂණ නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනේ දෙවැනි අදියර සහ පළාත් ඉංජිනේරුවන් සඳහා හඳුන්වා දී ඇති Continuous Professional Development (CPD) වැඩසටහන සඳහා ගිවිසුම් අත්සන් කළ ප්‍රථම පළාත් සභාව වන්නේ දකුණු පළාත් සභාවයි. දකුණු පළාත් සභා ලේකම් කාර්යාලය සමග එක් වී මෙම වසර තුළ තාක්ෂණ නිලධාරීන් 350 දෙනකු සහ ප්‍රාදේශීය ඉංජිනේරුවන් 55 දෙනකු සඳහා පුහුණු සැසි පැවැත්වීම INSEE සිමෙන්ති සමාගමේ ඉලක්කය වී තිබේ.
රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතු, ගොඩනැගිලි ද්‍රව්‍ය සම්බන්ධ තත්ත්වය පාලන කටයුතු, පරීක්ෂණ, ඉදිකිරීම් කළමනාකරණය, ආරක්ෂාව, සිමෙන්ති හා කොන්ක්‍රීට් භාවිතය සහ හරිත ගොඩනැගිලි ක්‍රමවේද යනාදිය සම්බන්ධයෙන් ඉංජිනේරුවන්ගේ හා තාක්ෂණ නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම ඔස්සේ දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම INSEE සිමෙන්ති සමාගමේ තාක්ෂණ කුසලතා සංවර්ධන වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ.
-සටහන- චමින්ද මුණසිංහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
INSEE සිමෙන්ති ද, පළාත් සභාව විශේෂ ගිවිසුමක