IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


INSEE සිමෙන්ට සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරිවරයෙක්

INSEE සිමෙන්ති ලංකා සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස යාන් කුනිග් මහතා පත්කර තිබේ. 2023 ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන මෙම පත්වීම සමාගමේ නව යුගයක ආරම්භය සනිටුහන් කරනු ඇතැයි එම සමාගම සඳහන් කරයි. මීට පෙර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළ නන්දන ඒකනායක මහතා එම තනතුරෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව එම තනතුරට මෙලෙස යාන් කුනිග් මහතා පත්කර ඇති අතර ඒකනායක මහතා මින් ඉදිරියට සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

2017 වසරේදී විධායක උපසභාපති ලෙස INSEE සිමෙන්ට් ශ්‍රී ලංකා  සමාගමට එක්වූ යාන් කුනිග් මහතා එහි වාණිජ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරමින් අලෙවි, විකුණුම්, නිෂ්පාදන හා විසඳුම්, නවෝත්පාදන සහ බාහිර කටයුතු සම්බන්ධ වගකීම් දැරීය.

ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්තයේ අත්දැකීම් බහුල ප්‍රවීණ වෘත්තිකයෙකු වන කුනිග් මහතා මීට පෙර ස්විට්සර්ලන්තය පදනම් කරගත් Holcim සමූහ ව්‍යාපාරය තුළ තනතුරු රැසක් දරා තිබේ. එම සමූහයේ දකුණු ආසියානු ASEAN කලාපයේ ප්‍රධානී (ක්‍රමෝපාය සහ ව්‍යාපාර සංවර්ධන) ලෙස කටයුතු කළ ඒ මහතා ඉන්දුනීසියාවේ Holcim සමාගමේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලෙස කටයුතු කරමින් එම සමාගමට ඇමරිකානු ඩොලර් බිලියනයේ ආදායම් සීමාව පසුකිරීම සඳහා පුරෝගාමී දායකත්වයක් ලබාදුන්නේය.

Holcimසමූහයට එක්වීමට පෙර කළමනාකරණ උපදේශන කටයුතුවල නිරත වූ  කුනිග් මහතා, ඇමරිකා එක්සත් ජනපදයේ Western lllinois University වෙතින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර ජර්මනියේ Bamdery University වෙතින් යුරෝපීය ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධ ඩිප්ලෝමාවක් (Diplom Kaufmann) හිමිකරගෙන තිබේ.  එමෙන්ම ඒ මහතා  IMD Lausanne (ස්විට්සර්ලන්තය) සහ (ඇමරිකා එක්සත් ජනපදය) යන ආයතනවල විධායක කළමනාකරණ වැඩසටහන්වලට සහභාගී වී ඇත.  

595



අදහස් (0)

INSEE සිමෙන්ට සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරිවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site