IMG-LOGO

ICTA සංවිධානය කළ National Digital Consortia නිමවේ

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මූලිකත්වයෙන්   ජනවාරි 10 සිට 13 දක්වා පැවති  National Digital Consortia වැඩසටහන සාර්ථකව නිමා කිරීමට හැකිවූ බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Microsoft, Zoom, AWS, Google Cloud, Oracle හා Huawei යන ගෝලීය තාක්ෂණික දැවැන්තයන් සයදෙනාගේ සහභාගීත්වයෙන් මෙමවැඩසටහන පැවැත්වුණ අතර මේ සඳහා, FITIS, SLASSCOM, BCS හා CSSL යන සංවිධාන සහාය වී තිබේ. මෙහි දී ගෝලීය තාක්ෂණික ක්ෂේත්‍රය හා සම්බන්ධ නවතම භාණ්ඩ හා සේවා තොරතුරු සහ ප්‍රවණතා පිළිබඳ සාකච්ඡාවට ලක්විය.

”ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය බලාත්මක කිරීම හා සැබැඳි ප්‍රධානතම රාජ්‍ය ආයතනය ලෙස, ICTA මගින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකාව නවතම තාක්ෂණික ප්‍රවණතා වෙත යොමු කිරීම අපේක්ෂා කරනු ලබන බව මෙම අවස්ථාවට එක්වෙමින් ICTA හි ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී, අනුර ද අල්විස් මහතා ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අනුර ද අල්විස් මහතා මෙසේ ද පැවසීය. ”‍ඩිජිටල් ආර්ථිකය, ජාතික ඩිජිටල්කරණ උපාය මාර්ගයන් තුළ ඉතා වැදගත් භූමිකාවක් ක්‍රියාත්මක කරනවා. අප මේ සිටින්නේ අපගේ ජාතික ඩිජිටල්කරණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ අවධියක. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික වර්ධනය සියැසින් දැකගන්නට ලැබීම ඉතා සතුටට කරුණක්. ඉතිහාසයේ ප්‍රථම වරට අපට ඩිජිටල් ආර්ථික වර්ධනය තක්සේරු කිරීමේ හැකියාවක් දැන් උදාවී තිබේ. ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතය වෙත ඩිජිටල් ආර්ථිකයේ දායකත්වය සියයට 4.37 ක අගයක් ලෙස සටහන් වෙනවා.”‍

කෘෂිකාර්මික, සෞඛ්‍යය, අධ්‍යාපනික හා මූල්‍ය තාක්ෂණික යන අංශවලට අදාල තාක්ෂණික ප්‍රවණතා, රාජ්‍ය ඩිජිටල්කරණය හා සම්බන්ධ සිද්ධි අධ්‍යයන මෙන්ම සයිබර් ආරක්ෂණය හා පාරිභෝගික සබඳතා ද මෙම වැඩසටහන තුළ දී සාකච්ඡා කෙරුණු අනෙකුත් මාතෘකා අතර ප්‍රධානත්වය උසුලනු ලැබිණි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

ICTA සංවිධානය කළ National Digital Consortia නිමවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 24 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1560 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site