ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වනHCL ටෙක්නොලොජිස් ශ්‍රී ලංකාවේ වසරක මෙහෙයුම් කාලයක් සපුරමින්, මෑත භාගයේ උපාධිධාරීන් මෙන්ම ක්ෂේත්‍රයේ මනා අත්දැකීම් සහිත වෘත්තිකයන් සමග එහි දේශීය සේවක සංඛ්‍යාව 1000 ඉක්මවා යෑමේ සන්ධිස්ථානය සනිටුහන් කළේය.
සමාගම දැන් සිය ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය කොළඹ Orion City හී ස්ථාපනය කර ඇති අතර, එතැනින් නොනැවතී තවදුරටත් ව්‍යාප්ත වෙමින් සිය නවීනතම පන්නයේ කාර්යාලයක් කොළඹ නගරයේ සිනමන්ලයිෆ් හිදී ස්ථාපනය කිරීමට යෙදී තිබේ.
මෙරට තුළ සිය වසරක මෙහෙයුම් අතරතුර, නව හැකියාවන් ඔප්නැංවීමට සහ ආකර්ෂණය පිණිස HCL විසින් වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරන ලදි. තාක්ෂණික මෙන්ම, තාක්ෂණික නොවන විෂය ධාරා ඔස්සේ වසර 3ක හෝ වසර 4ක අධ්‍යයන කාලයන් නිමකළ තරුණ උපාධිධාරීන් වෙතHCL Sri Lanka විසින් මෘදුකාංග ඉංජිනේරුවන් හෝ තොරතුරු තාක්ෂණික විශ්ලේෂකයන් ලෙසින් තමන් හා එක්වීමේ අවස්ථාව සලසා දෙනු ලැබීය.
HCL ටෙක්නොලොජීස් හි ප්‍රධාන මානව සම්පත් නිලධාරී අප්පාරාඕ මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් මෙසේ පැවැසුවාය ‘ශ්‍රී ලංකාවේ අප සාර්ථක පළමු වසර සැමරීමට හැකිවීම ගැන අප මහත් සතුටට පත්වෙනවා’ රටේ සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳව අපි සුබවාදීව බලාසිටින අතර දේශීය ප්‍රජාව වෙත ගෝලීය වශයෙන් වැඩි අවස්ථා ප්‍රමාණයක් උදාකරදීමට අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ, දක්ෂතාවලින් පිරිපුන් මෙන්ම ලෝක මට්ටමේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් සිටිනවා. අපගේ Global 2000 සේවාදායකයන්ට මෙන්ම ලෝකය පුරා පිහිටා සිටින හවුල්කරුවන්ට අඛණ්ඩව සහ වර්ධනය වන භූමිකාවක් සමගින් සේවා සැපයීම පිණිස මෙහි සිටින අප HCL පවුලේ සාමාජිකයන්ට හැකිවන බව නිසැකයි.

2025 දෙසැම්බර් මස 16
70
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
HCL ශ්රී ලංකාවේ පළමු වසර සමරයි