IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


Earthfoamවෙතින් රබර් ගොවීන්ගේ දරුවන්ට රු.මි.15කට වැඩි පාසල් උපකරණ

ස්වාභාවික රබර් පමණක් මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන රබර් මෙට්ට, කොට්ට ඇතුළු විවිධ නිෂ්පාදන මෙරටදීම නිපදවා අපනයනය කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Earthfoamපෞද්ගලික සමාගම මෑතකදී රුපියල් මිලියන 15කට අධික මුදලක් වැය කරමින් රබර් ගොවීන්ගේ දරුවන්ට පාසල් බෑග් සහ අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කළේය.

එම ව්‍යාපෘතිය යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ජීවත් වන පාසල් ළමයින් 1,900කට අධික පිරිසකට රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුතු පාසල් බෑග් සහ අභ්‍යාස පොත් ප්‍රදානය කරන ලදී.

2022දී ඇරැඹූ Earthfoamසමාගම සියයට 100ක් ස්වාභාවික සහ කාබනික රබර් භාවිත කර සකසන නිෂ්පාදන යුරෝපය සහ ඇමෙරිකාව ඇතුළු රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කරයි. එම සමාගම ඔවුන්ටම ආවේණික ක්‍රම සහ සුවිශේෂ යන්ත්‍රෝපකරණ භාවිතයෙන් සිය නිෂ්පාදනවල කල් පැවැත්ම, සුවපහසුව සහ ආරක්‍ෂිත බව සහතික කරයි. 1,500කට වැඩි දේශීය ගොවීන්ගේ කාබනික රබර් වගාවලින් සපයා ගන්නා ස්වාභාවික රබර් පමණක් භාවිත කිරීම හරහා තත්වයෙන් ඉහළ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට ඔවුන්ට හැකි වී ඇත.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ‘Fair for Life’සහතිකය දිනා ගත් පළමු මෙට්ට නිෂ්පාදකයා වන Earthfoamසමාගම රබර් ගොවීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය උදෙසා විවිධ ව්‍යාපෘති නිරන්තරයෙන් දියත් කරයි. එම සමාගමට අයත් කර්මාන්තශාලාව හොරණ පිහිටා ඇති අතර, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිපදවනHexagon Asia පෞද්ගලික සමාගමට අයත් කර්මාන්තශාලාව ඇහැලියගොඩ පිහිටා ඇත. දේශීය සහ විදේශීය සම්මාන සහ තත්ව සහතික රැසකින් පිදුම් ලබා ඇති Earthfoamසමාගම සෑම විටම සිය නිෂ්පාදනවල වෙනත් සංඝටක සමග මිශ්‍ර කළ රබර් අඩංගු නොවන බව තහවුරු කරයි.

-595



අදහස් (0)

Earthfoamවෙතින් රබර් ගොවීන්ගේ දරුවන්ට රු.මි.15කට වැඩි පාසල් උපකරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site