IMG-LOGO

DSI ටයර්ස් SLIM සම්මාන රැසකින් පිදුම් ලබයි

DSI ටයර්ස් සමාගම SLIM Brand Excellence-2021 සම්මාන උළෙලේදී විවිධ කර්මාන්ත සහ ක්ෂේත්‍ර රැසක සමාගම් රැසක් සමඟ තරඟ කර Local Brand of the year රීදී සම්මානයෙන් සහ Product Brand of the Yearලෝකඩ සම්මානයෙන් මෙන්මSLIM DIGIs 2.1 සම්මාන උළෙලේදී Best SEO/SEM Campaign  රිදී සම්මානයෙන්ද, Best digital marketing campaign in Automotive/ Industrial Manufacturingලෝකඩ සම්මානයෙන්ද පිදුම් ලැබීය.

මීට පෙරද SLIM Brand Excellence සහSLIM DIGIs  සම්මාන රැසක් දිනා ගැනීමට DSI ටයර්ස් සමාගම සමත් විය. SLIM Brand Excellence සහ SLIM DIGIs සම්මාන උත්සව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉහළම පිළිගැනීමක් සහිත, තරගකාරීම සහ උත්කර්ෂවත්ම වෙළෙඳ සන්නාම සම්මාන ප්‍රදානෝත්සව ලෙස සැලකෙයි. පසුගියදා මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේ පැවැති විචිත්‍රවත් සම්මාන උත්සවවලදී DSI ටයර්ස් සමාගමේ  කළමනාකාර අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ  මහතා සම්මාන ලබා ගත්තේය.

DSI ටයර්ස්  පාරිභෝගික අවශ්‍යතා කාලානුරූපීව හඳුනා ගනිමින් නවීන තාක්ෂණය භාවිත කරමින් අඛණ්ඩ පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාදාමයක් ඔස්සේ පරිසර හිතකාමී අයුරින් සිය සන්නාමය ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම දේශීය ටයර් සමාගමක් වීම මෙම අඛණ්ඩ ජයග්‍රහණවලට හේතු විය. පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් අන්තර්ජාල ඇණවුම් ඔස්සේ ටයර් නිවසටම ගොස් සවි කිරීම සේම ආකර්ෂණීය ඩිජිටල් මාධ්‍ය භාවිතය නිසා අන්තර්ජාල වෙළෙඳපොළේදDSI ටයර්ස් අතිශය ජනප්‍රිය වෙමින් පවතී. DSI ටයර්ස්  සමාගම සන්නාමයේ ගුණාත්මකභාවය පිළිබඳව හා ඩිජිටල්කරණ පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. නවීන තාක්ෂණය සහ නූතන අලෙවිකරණ සංකල්පවලට අනුගත වෙමින් කටයුතු කිරීම ජාතික සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට හේතුවයි.” කළමනාකාර අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ  මහතා පැවසුවේය. වසර 39කට වැඩි ව්‍යාපාර ඉතිහාසයකට උරුමකම් කියන සැම්සන් රබර් කර්මාන්ත ආයතනය රටවල් 75කට අධික ගණනකට ටයර් අපනයනය කරමින් සහ දේශීය වෙළෙඳපොළේ බයිසිකල් ටයර්, මෝටර් සයිකල් ටයර්, ත්‍රීවීල් ටයර්, කෘෂි කාර්මික ටයර් සහ ටියුබ් අලෙවි කරමින් ඉතා ඉහළ වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියයි.

-සටහන- චම්න්ද මුණසිංහ



අදහස් (0)

DSI ටයර්ස් SLIM සම්මාන රැසකින් පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 99 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 545 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 972 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site