DIMO, දේශීය ඖෂධ ක්ෂේත්‍රයට යොමු වීමත් සමඟම සිය සියලුම සෞඛ්‍ය සේවා මෙහෙයුම් "DIMO Healthcare” නමින් නව මුහුණුවරකින් හඳුන්වා දෙන ලදී.
DIMO දශක 7කට වඩා වැඩි කාලයක් පුරාවට විකිරණවේදය, අක්ෂි විද්‍යාව, ස්නායු විද්‍යාව, හෘදරෝග චිකිත්සාව සහ පිළිකා රෝග යන අංශවලට අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ සපයමින් රටේ සෞඛ්‍ය සේවා අංශයට සිය සහයෝගය දක්වා ඇත. මෙම සේවා තවත් පුළුල් කරමින් DIMO ආයතනය, මෑතකදී ඖෂධ ක්ෂේත්‍රයට පිවිසියේය.
සිය උපාය මාර්ගික දැක්මට අනුව කටයුතු කරමින් ඖෂධ ක්ෂේත්‍රය දක්වා ව්‍යාප්ත වෙමින් Mansel Ceylon (Private) Limited සහ Associated Laboratories (Private) Limitedයන සමාගම් අත්පත් කර ගැනීමටද DIMO කටයුතු කරන ලදී.
DIMO හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “DIMO Healthcare යන නව මුහුණුවරකින්, සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැගීමේ අපගේ අරමුණ ඉටු කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අපගේ සමාගම් දැක්ම තුළින් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විවිධ අංශ ඔස්සේ අපගේ ප්‍රජාවන්හි සිහින හා අභිලාෂයන් බලගැන්වීමට අපට හැකියාව ලැබෙනවා.
”ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නවීන තාක්‍ෂණය දේශීය සෞඛ්‍ය සේවා අංශයට ලබාදීමට DIMO Healthcare නිරතුරුවම කැපවී සිටිනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ උසස් සේවාවක් ලබා දීමේ අරමුණින් අප නිතරම ලොව පිළිගත් හවුල්කරුවන් සමඟ සම්බන්ධ වීමට කටයුතු කරනවා.” DIMO හි විධායක අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය සේවා අංශය භාරව කටයුතු කරන විජිත් පුෂ්පවෙල මහතා මෙසේ සිය අදහස් දැක්වීය.
Siemens Healthineers, Carl Zeiss, Draeger යන ලොව ප්‍රකට නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන තුළින් විකිරණවේදය, අක්ෂි විද්‍යාව, දැඩි සත්කාර අංශය, හෘද රෝග චිකිත්සාව, පිළිකා රෝග, යන අංශවලට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීමේ ප්‍රමුඛයා බවට DIMO පත්ව ඇත.
595
චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්
සුපිරි වෙළෙඳ සැල් තුළ හෝ වෙනත් වෙළෙඳ සැල්වල භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් අල්ලා ගන්නා පුද්ගලයන්ට පහර දීම් සිදුනොකර ඔවුන් සම්බන්ධයෙන් ළගම ඇති පොලි
මාවෙල සිට ගම්පොල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකට කඩදොර ප්‍රදේශයේ දී ගොඩ වූ පුද්ගලයින් සිව්දෙනකු එම බස් රථයේ ගමන්ගත් ලංගම රියැදුරකුට පහරදී වෑන් රථයක
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඓතිහාසික මිහින්තලා පුද බිමේ ආලෝකකරනය කිරීම සඳහා රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික සෝලා ත් විදුලි පහන් තොගයක් පරිත්
විශ්‍රාමික විගණකාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප සමග දෙන රුපියල් 25,000 ක දීමනාව රුපියල් 50,000 දක්වා වැඩි කිරීම සඳහා යෝජනාවක් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන ස
මිහින්තලේ පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් සිදු වූ ගුටි බැට හුවමාරුවකින් පුද්ගලයෙකු ජී
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ
දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්
DIMO සෞඛ්‍ය සේවා මෙහෙයුම් ’’DIMO Heathcare” නමින්