IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


DIMO මාලදිවයිනේ සමුද්‍රී ඉංජිනේරු විසඳුම් ඉහළ නැංවීමට සූදානම්

DIMO, මාලදිවයිනේ සිය සමුද්‍ර ඉංජිනේරු සේවා වැඩිදියුණු කිරීම සඳහා නව සැළසුම් ඉදිරිපත් කර ඇත.  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ MTU, DDC   යාත්‍රා එන්ජින් සඳහා බලයලත් සේවා නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO සිය සමුද්‍ර ඉංජිනේරු අංශය වන 'DIMO Marine Solutions'  හරහා මාලදිවයිනේ විදේශීය යාත්‍රා, අධි සුඛෝපභෝගී යාත්‍රා සහ නිවාඩු නිකේතන හිමියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සේවා දියත් කිරීමට සූදානමින් සිටී.

2017 වසරේ දී DIMO මාලදිවයිනේ සාමුද්‍රීය ඉංජිනේරු  සේවා සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් 'Coastline Investments'  සමාගම සමඟ සහයෝගීතාවක් ගොඩනඟාගැනීමට  කටයුතු කළේය.

මාලදිවයින හා ජාත්‍යන්තර සමාගම් සහභාගී වූ මාලදිවයිනේ ජාතික බෝට්ටු සංගමයේ (NBAM)  නිල ප්‍රදර්ශනය සඳහා  සහභාගී වෙමින් DIMO,  න තුළ සිය මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට ඉදිරි පියවරක් තැබීය. එම ප්‍රදර්ශනයට අමතරව, DIMO Marine Engineering Solutions  කණ්ඩායම මාලදිවයින තුළ ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් ඉතා සාර්ථකව සිදු කිරීමට සමත් වූ අතර,  පුළුල් පරාසයක සමුද්‍රීය ඉංජිනේරු විසඳුම් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට ද එම කණ්ඩායම සමත් විය. එමඟින් DIMO Marine Engineering Solutions  කණ්ඩායමට නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කර ගනිමින්,  ඉදිරියට යාමට ඇති අවස්ථාව ද පුළුල් විය.

DIMO  සමුද්‍ර ඉංජිනේරු අංශය අධීක්‍ෂණය කරනු ලබන DIMO  හි විධායක අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා සිය අදහස් පළ කරමින්, මෙසේ පැවසීය. ‘‘සංචාරක ව්‍යාපාරය මාලදිවයිනේ ආර්ථික සංවර්ධනයේ ප්‍රධානතම සාධකයයි. 

කොවිඩ් 19 වසංගතයේ අභියෝග ජය ගනිමින් එරට සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් අත්පත් කර ගෙන තියෙනවා. සංචාරක කර්මාන්තය යළි පිබිදීමත් සමඟ, මාලදිවයිනේ සුඛෝපභෝගී යාත්‍රාවල සිට සංචාරක නිවාඩු නිකේතන කළමනාකරණය දක්වා සමුද්‍රීය ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ විවිධ නව අවස්ථා නිර්මාණය වෙමින් පවතින බව DIMO අපි නිරීක්ෂණය කළා. දශක 8 කට වැඩි අත්දැකීම්වලින් සමන්විත DIMO, සිය  DIMO Marine Engineering Solutions  අංශය හරහා මෙම ව්‍යාපාරික අවස්ථා කෙරෙහි අවධානය යොමු කිරීමට කටයුතු කරනවා. ඒ ඔස්සේ නිර්මාණය වන  අපගේ නව සේවාවල ප්‍රතිඵලයක් විදියට මෙම කලාපයේ ජනතාවගේ සිහින සහ අභිලාශයන් බලගැන්වීමට DIMO නිරන්තරයෙන් කැප වෙනවා.”‍

DIMO මාලදිවයිනේ MTU සහ DDC එන්ජින් වෙළෙඳපොළ තුළ සිය ව්‍යාපෘතිය ඉහළ නංවාගැනීමට අපේක්ෂා කරයි. ඒ අනුවDIMO Marine  එන්ජින් අලුත්වැඩියා කිරීම, සේවා කටයුතු  (Service)  සිදු කිරීම හා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන අතර, එහි අසමසම අලෙවියෙන් පසු සේවාව පාරිභෝගික විශ්වාසය තවදුරටත් ඉහළ නංවයි.  MGDUFF Marine Cathodic Protection Systems සහ Boat Anodes  අලෙවි නියෝජිතයා ලෙස සිය විශේෂඥතාව උපයෝගී කරගනිමින් DIMO, මාලදිවයිනේ සමුද්‍රීය කර්මාන්තය තුළ නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරන Hull Protection  කෙරෙහි ද අවධානය යොමු කර ඇත.

DIMO Marine Engineering, මාලදිවයිනේ වෙළෙඳපොළ වෙත මුහුදු ජලය හා කිවුල් ජලය පිරිපහදු කිරීමේ පද්ධති සහ අප ජල කළමනාකරණ  පද්ධති හඳුන්වා දෙමින්,  සිය නිෂ්පාදන කළඹ වඩාත්  පුළුල් කිරීමට සමත් වී ඇත. මෙම සේවාව වඩාත් ශක්තිමත් කිරීම  සඳහා DIMO  නවීනතම ජල පිරිපහදු පද්ධති සහ අප ජල කළමනාකරණ විසඳුම් සපයන්නෙකු වන ROCHEM'  සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇති බව ද සිහිපත් කළ යුතු ම කරුණකි. 

ගෝලීය සංචාරක කර්මාන්ත අද තිරසාර මෙහෙයුම් දියත් කිරීම වෙත අවධානය යොමු කිරීමත් සමඟ එම ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි මාලදිවයින් සංචාරක ක්ෂේත්‍රය සවිබල ගැන්වීමට DIMO සහයෝගය ලබා දීමට අපේක්ෂා කරයි.

595



අදහස් (0)

DIMO මාලදිවයිනේ සමුද්‍රී ඉංජිනේරු විසඳුම් ඉහළ නැංවීමට සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site