DIMO ඇග්‍රිබිස්නස් සිය දීර්ඝ කාලීන හවුල්කරුවකු වන මහින්දා ට්‍රැක්ටර්ස් සමඟ එක්ව පසුගියදා නවතම තාක්ෂණයෙන් නිමවුණු අශ්ව බල (HP) 50 කාණ්ඩයේ Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය ශ්‍රී ලාංකික ගොවි ප්‍රජාවට හඳුන්වා දුන්නේය.
Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට හඳුන්වාදීමේ උත්සවය අනුරාධපුර ගලෙන්බිඳුණුවැව මනරම් වෙල්යායක විශාල ගොවි ජනතාවකගේ සහභාගිත්වයෙන් සිදුවුණු අතර, උත්සවයට සහභාගී වූ ගොවීන්ට මෙම නවතම ට්‍රැක්ටර් රථය පදවා පරික්ෂා කිරීමට ද අවස්ථාව ලැබිණි.
Mahindra හි මීළඟ පරම්පරාවේ Yuvoට්‍රැක්ටර් මාලාව යටතේ නිෂ්පාදිත මෙම ට්‍රැක්ටරය එයටම අනන්‍ය වූ සුවිශේෂී ගුණාංග රැසකින් සමන්විත වන අතර එමඟින් මෙහි කාර්යක්ෂමතාව සහ බහුකාර්ය හැකියාව ඉහළ නැංවී ඇත. මෙහි අඩංගු ඉහළ කැරකුම් බලය (Torque) 197nm සහ 2979 CC ධාරිතාව සහිත එන්ජිම තුළින් එරුම් සහිත කුඹුරකදී මෙන්ම ප්‍රවාහනයේදී ද වැඩි බරක් ඇදගෙන යාමේ හැකියාව මෙම ට්‍රැක්ටර් රථයට ලැබී ඇති අතර, 1700 Kg කට ආසන්න එසවුම් ධාරිතාවයක් මෙය සතු වේ. මෙහි අඩංගු ඩ්‍රයි ටයිප් (Dry Type) එයාර් ෆිල්ටරය නිසා නිරන්තර නඩත්තුව හා සේවාව අවශ්‍ය නොවන අතර ෆිල්ටරය පිරිසිදු කිරීමට අවශ්‍ය වන විට ඒ බව ට්‍රැක්ටර් මෙහෙයුම්කරුට ඉතා පහසුවෙන් දැනගැනීමට එය දර්ශක පුවරුවේ සඳහන් වේ. එන්ජිම වඩා කාර්යක්ෂමතාවෙන් හා එලදායී ලෙස ක්‍රියාකිරීමට මෙම එයාර් ෆිල්ටරය නිපදවා ඇත.
ඩුවල් ක්ලච් පද්ධතිය මඟින් ගියර් මාරු කිරීමේදී PTO පද්ධතිය නොනවත්වා ධාවනය කිරීමේ හැකියාවත් PTO ක්‍රියාකාරිත්වය අතින් හසුරුවන ලීවරයක් මඟින් හැසිරවීමේ හැකියාවත් නිසා යන්ත්‍රය මඟින් වැඩි කාර්යක්ෂමතාවකින් හා ඉතා පහසුවෙන් වැඩි වේලාවක් ක්‍රියාකරුට වැඩ කිරීමේ හැකියාව ලැබී ඇත.
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
DIMO ඇග්‍රිබිස්නස් වෙතින් Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය