(චමින්ද මුණසිංහ)
DFCCබැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති/ආයතනික බැංකුකරණ ප්‍රධානී ලෙස සොහාන්ත විජේසිංහ මහතා පත්කර තිබේ. 2021 ජනවාරි 04 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.
සොහාන්ත විජේසිංහ මහතා ශාඛා බැංකුකරණය, වෙළඳ මූල්‍ය සේවා, ගෙවීම් හා මුදල් කළමනාකරණය, සහ ආයතනික හා වාණිජ බැංකුකරණ වැනි අංශ සම්බන්ධයෙන් දශක අත්දැකීම් සම්භාරයක් හිමි ප්‍රවීණ බැංකු සේවා වෘත්තිකයෙකි.
DFCC බැංකුව සමග එක්වීමට පෙර විජේසිංහ මහතා HSBC Sri Lankaහි වසර 22 ක කාලයක් සේවය කළ අතර එහිදී ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව මට්ටමේ තනතුරු රැසක් දරා ඇත. එහි මූල්‍ය ආයතන ප්‍රධානී ලෙස කටයුතු කළ කාලයේදී ඒ මහතා එවකට දේශීය බැංකුවක් සඳහා වූ විශාලම ඒකාබද්ධ ණයක් ලෙස සැලකුණු ගනුදෙනුවක් සම්බන්ධ කටයුතු වලදී පෙරමුණ ගනිමින් එම ගනුදෙනුව සාර්ථක කරගැනීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබාදුන්නේ ය. ගෙවීම් හා මුදල් කළමනාකරණ ප්‍රධානී ලෙස කටයුතු කරමින් ඒ මහතා වසර 3 ක් පුරා විශිෂ්ටතම මුදල් කළමනාකරණ බැංකුව සඳහා වන යූරෝමනී සම්මානය දිනාගැනීම සඳහා සිය කණ්ඩායමට නායකත්වය දුන් අතර, ජාත්‍යන්තර අනුබද්ධ බැංකුකරණ ප්‍රධානී සහ ආයතනික බැංකුකරණ ප්‍රධානී ලෙස සුවිශේෂී මට්ටමේ ගනුදෙනු සිදුකිරීමටත්, ප්‍රමුඛ පෙළේ ආයතනික සම්බන්ධතා ශක්තිමත් කරගැනීමටත් වැදගත් කාර්යභාරයක් ඉටුකළේ ය. ඊට අමතරව HSBC බැංකුව වෙනුවෙන් මාලදිවයින සඳහා වැඩබලන දේශීය කළමනාකරු ලෙසද, එම බැංකුවේ වැඩබලන මහා පරිමාණ බැංකුකරණ සේවා ප්‍රධානී ලෙසද ඒ මහතා කටයුතු කර ඇත.
කොළඹ 10 ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සොහාන්ත විජේසිංහ මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකුද වේ.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
DFCCජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයට සොහාන්ත විජේසිංහ පත්කෙරේ