
ඡායාරූපකරණය සඳහා උනන්දුවක් දක්වන උතුරු පළාතේ ජනතාවට වඩාත් ඉහළ ගුණාත්මක තත්ත්වයේ කැමරා ආම්පන්න පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව උදාකර දීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකාවේ විශාලතම කැමරා ආම්පන්න අලෙවි සමාගම වන CameraLK විසින් සිය තුන්වැනි ශාඛාව යාපනය නගරයේ දී සුබ මොහොතින් විවෘත කරන ලදී.
මෙම යාපනය නව ශාඛාව දියත් කිරීම CameraLK හි, ශ්‍රී ලංකාව පුරා පුළුල් පාරිභෝගික ප්‍රජාවක් නිර්මාණය කරමින් ඡායාරූපකරණයේ ගුණාත්මක අගය ඉහළ නැංවීමේ උපායමාර්ගික එළඹුමේ තවත් එක් සන්ධිස්ථානයකි.
යාපනයේ නව ශාඛාව Sony ආයතනයේ RMDC විකුණුම් ප්‍රධානී Stanley Tan, Sony ආයතනයේ RMDC DIඅලෙවි ප්‍රධානී Karan sumසහ CameraLK හී කළමනාකරණ අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු අතින් සුබ මොහොතින් විවෘත වූ අතර ආරාධිත අමුත්තන් සහ CameraLK කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී විය.
කාර්ගිල්ස් චතුරස්‍රය, පළමු මහල, අංක 09 ස්ථානයේ පිහිටා ඇති මෙම නව අලෙවිසැල ඡායාරූපකරණ අවශ්‍යතාවලට මනාව ගැළපෙන කැමරා ආම්පන්න නිරීක්ෂණය කිරීමට සහ ඒවා මිලදී ගැනීමට නවීන පහසුකම් සහිතව නිර්මාණය කර ඇත. උසස් තත්ත්වයේ DSLR කැමරා, පහසුවෙන් හැසිරවිය හැකි mirrorless කැමරා, Point – and - shoot කැමරා සහ විශාල පරාසයක පැතුරුණු විවිධ කැමරා ආම්පන්න රැසක් යාපනය නව ශාඛාවේ තිබෙන අතර උතුරු පළාතේ පාරිභෝගිකයන්ට තමන්ගේ අවශ්‍යතාවට සරිලන නවීන මාදිලියේ උපකරණ රැසක් එකම තැනකින් සාධාරණ මිලකට ලබාගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබේ.
ව්‍යාපාර පුළුල් කිරීමේ මේ කාර්යභාරය පිළිබඳව අදහස් දැක්වූ CameraLK ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා මෙසේ පැවැසීය. ඇත්තටම යාපනය ප්‍රදේශයේ අපේ ශාඛාවක් විවෘත කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා වගේම උතුරු පළාතේ සිටින ඡායාරූපකරණයට කැමති අයට සහ ඡායාරූප ශිල්පීන්ට නවීන උපකරණ එකම තැනකින් ලබාගැනීමේ අවස්ථාව උදාකර දීමට අපට හැකියාව ලැබී තියෙනවා. මෙම නව ශාඛාව හරහා විශිෂ්ට පාරිභෝගික සේවාවක් සමග උසස් තත්ත්වයේ ලොව පිළිගත් නවීන කැමරා ආම්පන්න වඩා සාධාරණ මිලකට ලබාගැනීමේ දැන් හැකියාව ලැබෙනවා.”
595



2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
CameraLK යාපනය නගරයට පිවිසෙයි