ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කරනු ලබන COMPLAST 2023 නිෂ්පාදන ප්‍රදර්ශනය ඉකුත්දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණි. ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය (PRISL), ඉන්දියානු සමාගමක් වන Smart Expos India (PVT) Ltd සහ ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඒකාබද්ධ සහයෝගීතාවෙන් පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය මෙරට කාර්මික නිෂ්පාදනවල සංවර්ධනය ගෝලීය මට්ටමින් ප්‍රවර්ධන කිරීම අරමුණු කරගෙන තබුණි.
"Shaping Innovation, Powering Progress " යන තේමා පාඨය යටතේ සංවිධානය වන මෙම ප්‍රදර්ශනය කර්මාන්ත හා වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
සුවිශේෂි සම්භාවනීය ආරාධිතයන් වශයෙන් මෙරට නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ, ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම යන මහත්වරු සහභාගි වූ අතර ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් මෙරට කාර්මික සංවර්ධන සඳහා ඇති කැපවීම මෙම ප්‍රදර්ශනයේදී සනිටුහන් කරන ලදී.
දින තුනක් පුරා පැවැත්වුණු මෙම ඒකාබද්ධ ප්‍රදර්ශනය තුළ කාණ්ඩ 05ක් යටතේ සමගාමී ප්‍රදර්ශන සංවිධානය කර තිබීම සුවිශේෂීත්වයකි. එහිදී RUBEXPO 2023 ප්‍රදර්ශනය හරහා රබර් කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ සහ නිෂ්පාදන රාශියක් ප්‍රදර්ශනය කරන අතර COMEXPO 2023 ප්‍රදර්ශනය හරහා නිෂ්පාදන අංශයේ වර්ධනය කෙරෙහි නවීන තාක්ෂණික විසඳුම් හා සේවාවන්ගේ දායකත්වය ඉදිරිපත් කළේය. TOFAS 2023 ප්‍රදර්ශනය හරහා දෘඪාංග මෙවලම් හා භූමි නිර්මාණකරණය උදෙසා යොදාගන්නා මෙවලම් පිළිබඳව දැනුවත් කිරීම සිදුවුණි. MOPEEXPO 2023 ප්‍රදර්ශනය පළමු වරට මෙම ඒකාබද්ධ ප්‍රදර්ශනයට එක්වන අතර එහිදී මෝටර් රථ අමතර කොටස්, ටයර්, බැටරි සහ ගරාජ් උපකරණ පිළිබඳව දැනුවත් කළේය. MOPEEXPO සඳහා ශ්‍රී ලංකා ඔටෝ කම්පොනන්ට් මැනුෆැක්චර්ස් ඇසෝෂියේෂන්, චෙම්බර් ඔෆ් ඔටෝමොබයිල් ප්‍රොෆෙෂනල් ඇන්ඩ් එන්ටර්ප්‍රයිසස් මෙන්ම ලංකා මෝටර් ස්පෙයාර් පාර්ට්ස් ඩීලර් ඇසෝෂියේෂන් යන සංගම්වල පූර්ණ සහයෝගීත්වය හිමිවුණි.
මෙම ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමාගම් 200ක් පමණ සහභාගී වූ අතර, එයට ඉන්දියානු සමාගම් 50කට අධික සංඛ්‍යාවක් මෙන්ම චීන හා ශ්‍රී ලංකා සමාගම් 80ක් පමණ ඇතුළත් විය.
595
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
COMPLAST 2023 ශ්රී ලංකාවේ අපනයන ආර්ථිකයට සවිබල දෙයි