IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


CDB වෙතින් කොවිඩ් පාලනයට රු.මි. 50 ඉක්ම වූ පරිත්‍යාග

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) රටේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ සහ ජනතාව වෙනුවෙන් සිදුකළ පරිත්‍යාගවල වටිනාකම රු. මිලියන 50 ඉක්මවා ඇතැයි එම සමාගම සඳහන් කරයි.

මෙහි ආසන්නතම පියවර වශයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඔක්සිජන් සාන්ද්‍රකරණ (Oxygen Concentrators) යන්ත්‍ර 5 ක් පරිත්‍යාග කිරීමට එම සමාගම කටයුතු කළේය. රු. මිලියන 12.5 ක වටිනාකමකින් යුත් මෙම යන්ත්‍ර පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත භාරදෙන ලදි. මෙම ඔක්සිජන් සාන්ද්‍රකරණ යන්ත්‍ර අනුරාධපුර මෙත්සිරිසෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය, වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල, පොළොන්නරුව වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය, ඇඹිලිපිටිය මූලික රෝහල සහ තංගල්ල මූලික රෝහල යන රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබාදීමට නියමිතය.

මීට පෙර CDBසමාගම විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට රු. මිලියන 10 ක පරිත්‍යාගයක් කරන ලදි. එමෙන්ම බූස්ස නාවික හමුදා කඳවුරේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා රු. මිලියන 8.8 ක වියදමින් හදිසි ප්‍රතිකාර ඇඳන්, මල්ටි-පැරාමීටර සහ ස්ථාවර ඔක්සිජන් නල පද්ධතියක් ද ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට රු. මිලියන 10.2 ක වියදමින් දැඩි සත්කාර මොනිටර් යන්ත්‍රයක් සහ වෙන්ටිලේටර් යන්ත්‍රයක් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක්ද කඳාන දිස්ත්‍රික් රෝහල සහ නැගෙනහිර කොළඹ මුල්ලේරියාව මූලික රෝහල යන රෝහල්වලට රු. මිලියන 4.1 ක වියදමින් හදිසි ප්‍රතිකාර ඇඳන් සහ ඔක්සිජන් සැපයුම් පද්ධතියක් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක්ද පරිත්‍යාග කිරීමට CDB සමාගම කටයුතු කළේය.

CDB ශාඛා ජාලයේ ශාඛා 71 හරහා රු. මිලියන 8 ක වටිනාකමකින් යුත් වියළි ආහාර මලු 1500 ක් දිවයින පුරා විපතට පත් පවුල් වෙත පරිත්‍යාග කිරීමක්ද සිදු කෙරිණි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

CDB වෙතින් කොවිඩ් පාලනයට රු.මි. 50 ඉක්ම වූ පරිත්‍යාග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 351 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site