IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


Atlas වෙතින් නතර නොවී ලොව දිනන්න

සතුටින් ඉගෙන ගනිමින් තමන්ගේ සිහින ළඟා කර ගැනීමට අවශ්‍ය යහපත් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට කැපවන Atlasව්‍යාපාරකරණයෙන් එහා ගිය සමාජීය මෙහෙවරකින් පරිපූර්ණ දරු පරපුරක් බිහි කිරීමට  උත්සාහ දරන්නේ හෙට දවසේ රට භාරගන්නා විශිෂ්ටයින් බිහි කිරීමේ අරමුණ පෙරදැරිකර ගනිමින් බව එම සමාගම කියයි.

දෙමව්පියන්ගේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය අතරමඟ නතර නොකරමින් ‘නතර නොවී ලොව දිනන්න’ දරුවන්ට අවශ්‍ය සහාය ලබාදීම සඳහා Atlasවිසින් සිප්සවි ආරම්භ කරන ලදී. ආර්ථික දුෂ්කරතා හා අපහසුතා හමුවේ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමට අපහසු දරුවන්ට අවශ්‍ය මූල්‍ය ශිෂ්‍යත්ව ලබාදීමත්, අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය පාසල් උපකරණ ලබාදීමත් මෙන්ම පාසල් යටිතල පහසුකම් වැඩි දියුණු කරමින් යහපත් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමත් වෙනුවෙන් ක්‍රියාත්මක Atlasසිප්සවි වැඩසටහනෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 250කට වසර 5ක් දක්වා පූර්ණ කාලීන මූල්‍යමය ආධාර ලබා දීමට නියමිතය.

එසේම Atlasසිප්සවි රිදී විහාරය වැඩසටහන, Light a futureවැනි ව්‍යාපෘති හරහා 50,000ට අධික දරුවන් පිරිසක් වෙත අධ්‍යාපනය සඳහා අවශ්‍ය කරන පාසල් උපකරණ ලබා දීමෙන් ඔවුන්ට සතුටින් ඉගෙන ගැනීමේ අවස්ථාව උදාකරදීමට පසුගිය වසරේදී Atlasසමත් විය.

දරුවන් සහ ගුරු මව්වරුන් හා පියවරුන් අතර මනා සබඳතාවක් ගොඩනඟමින් අධ්‍යාපනයෙන් මෙන්ම ගුණ ධර්මවලින් පිරිපුන් දරුවකු නිර්මාණය කිරීමට Atlasගුරු-ගරු තුළින් බලාපොරොත්තු වේ. එහිදී දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන්ට වෙත ක්‍රියාකාරකම් මත පදනම් කරගත් අධ්‍යාපනයෙහි වැදගත්කම පෙන්වා දීමට කටයුතු කර ඇති Atlasඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ හැකියාව ඔවුන් වෙත ලබා දීමටද කටයුතු කර ඇත. ඒ සඳහා ගුරුවරුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් සලසාලමින්, ගුණාත්මක අධ්‍යාපනයකින් පරිපූර්ණ දරුවකු නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙස සිය සමාජීය වගකීම ඉටු කිරීමට Atlasකැපවී කටයුතු කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Atlas Axilliaසකකස් හි කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා මෙසේ පැවසීය. “අධ්‍යාපනය ලැබීම පාසල් වයසේ පසුවන සෑම දරුවකුගේම අයිතිවාසිකමක් බව අප හොඳින් දන්නා කරුණක්. නිදහස් අධ්‍යාපන ක්‍රමයක් පැවතියද වසරකට 25,000කට ආසන්න දරුවන් සංඛ්‍යාවක් අධ්‍යාපනය අතරමඟ නවතා දමනවා.

එම නිසා ඒ සෑම දරුවකුටම එම අවස්ථාව සපුරා ගැනීම සඳහා පහසුකම් සැලසීම අප සියලු‍ දෙනාගේ වගකීමක් මෙන්ම යුතුකමක් ලෙස අප දකිනවා. Atlasසිප්සවි, Atlasගුරු-ගරු, Light a futureසහ Atlas Learn වැනි සියලු‍ම සමාජීය මෙහෙවර සෑම දරුවකුටම සතුටින් ඉගෙන ගන්න අවශ්‍ය ඉගෙනුම් පරිසරය නිර්මාණය කිරීමට බලාපොරොත්තු වනවා.” 



අදහස් (0)

Atlas වෙතින් නතර නොවී ලොව දිනන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site