මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් කොළඹ නගරයේ ගොඩ නැඟුණු ඇල්ටෙයාර් (ALTAIR) ගොඩනැගිල්ල පසුගියදා විවෘත කෙරිණි.
කොළඹ නගරයේ ඉදිවූ අති සුන්දර ගෘහ නිර්මාණ ශිල්පයෙන් අනූන බහුමහල් මිශ්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතියක් වන ALTAIR, ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජන (FDI) ව්‍යාපෘතියක් වේ. ආර්ථිකමය වශයෙන් විශාල වැදගත්කමක් ඇති මෙම ප්‍රධාන ව්‍යාපෘතියේ සංවර්ධක වන්නේ ඉන්දියානු සමාගමක් වන South City Group Kolkata ය. මෙම ව්‍යාපෘතිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාව පෙන්නුම් කරන වැදගත් සලකුණකි.
සියලු පහසුකම්වලින් සමන්විත ALTAIR නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණයේ, දැනටමත් අලෙවි කරන ලද නිවාස ඉදිරි සති කිහිපය තුළ හිමිකරුවන්ට නිල වශයෙන් භාර දීම සිදුකරනු ඇත.
මෙම ආකර්ශනීය නිර්මාණයේ නිර්මාතෘ වන්නේ, ලෝක ප්‍රසිද්ධ වාස්තු විශේෂඥ මෝශේ සාෆ්ඩී (Moshe safdie) ලොව වඩාත්ම පිළිගැනීමට ලක්ව සිටින විශිෂ්ට ගනයේ වාස්තු විද්‍යාඥයෙකි.
සියලු පහසුකම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය නේවාසික සහ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කරන ලදී. අක්කර දෙකක භූමි භාගයක වර්ග අඩි මිලියන 1.5ක ALTAIR ගොඩනංවා ඇති අතර, එය මහල් 68 කින් සමන්විතය. එහි අති සුඛෝපභෝගී නිවාස 404 ක් ඉදිකර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ALTAIR විවෘත වේ
gamaraala Friday, 05 November 2021 04:10 PM
ගොඩනැගිල්ලක් වත් හරියට හදාගන්න බෑ... ඒකත් ඇදේට හදලා තියෙන්නේ...! මාර පොරවල්..!
AN Ishan Wednesday, 10 November 2021 05:38 PM
ඔයා නම් ගමරාල කෙනෙක්ම තමයි බන්...