IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


75 වන නිදහස් දිනයේ තේමාව ’’එක්ව නැගිටිමු’’

(අංජුල මහික වීරරත්න)

ජාතික හා ආගමික එකමුතුව පිළිඹිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

"එක්ව නැගිටිමු " තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වන දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

75 වන නිදහස් දින සමරු උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

 



අදහස් (17)

75 වන නිදහස් දිනයේ තේමාව ’’එක්ව නැගිටිමු’’

Indika Wednesday, 12 October 2022 07:42 PM

ඔයාලාගේ ඔය ජාතිමාමක තේමාවන් අහලා අහලා ඇති වෙලා තියෙන්නේ දැන්...

:       2       94

"34 තට්ටුවට එක්ව නැගපු උඩක්"Wednesday, 12 October 2022 08:42 PM

අපේ රටේ "එක්ව නැගිටිමු" ඇත්තෝ දකින්නට ඉන්නේ කුඹුරේ පමණි..! ඒ පඹයෝය..! රටේ අනිත් සෑම තැනකම සිංහලයා වාසියට පක්‍ෂවලට බෙදී රට කොර කොරලාය..!

:       0       4

කිරි පුතා Wednesday, 12 October 2022 07:57 PM

කොටි එහෙම හුරතල් කරන්න ලෑස්ති වෙන එකක් නැතිවෙයි කියලා හිතනවා.

:       12       6

සුරංග Wednesday, 12 October 2022 08:04 PM

එක්ව නැගිටිමු කියන්නේ පොහොට්ටු කල්ලිය නැවතත් බලයට ගෙනෙන වැඩක් කියලා පසුගිය දිනක මයිනා කියලා තිබුණේ කළුතරදී...!

:       2       131

Jayantha Mendis Wednesday, 12 October 2022 08:15 PM

මහින්දව අල්ලගෙන නැගිටින්න උදව් කරන්න...

:       0       97

Dharmatileke Wednesday, 12 October 2022 08:22 PM

අවුරුදු හැත්තෑ හතරක් නිදාගෙනෙ ඉදල දැන් නැගිටින්න හදනව.

:       0       2

fairoos Wednesday, 12 October 2022 08:24 PM

රටට ආදරේ කරන ජනතාවනම් මෙයාලාගේ මේ නාඩගම ප්‍රතික්ෂේප කරන්න ඕන.කවුරුත් යන්න එපා #රනිල්ගේ නිදහස් දින සැමරුම වර්ජනය කරන්න

:       0       6

BamunuarachchiSaturday, 15 October 2022 08:00 AM

මුස්ලිම්ලා කවදද රටට ආදරය කලේ? මේ ගොයියා ආදරයක් ගැන කතාකරනවා අමු කාලාද?

:       1       0

Akila Wednesday, 12 October 2022 09:48 PM

අපේ අත්තගේ මුත්තාගේ කාලේ ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්න රනිල් එදා වගේම තවමත් මිනිසුන්ට එක්ව නැගිටින්න අඬගහනවා

:       0       5

සිරිමල් Thursday, 13 October 2022 02:43 PM

අපේ අත්ත මුත්තගෙ කාලෙ සිට රනිල් පාර්ලිමේන්තුවේ සිටිනවා කියන අකිලගේ පවුලේ කට්ටිය අවුරුදු පහෙන් දහයෙන් විවාහ වෙලා දරුවො හදනවාද .මයිනා සහ වාසු 1970 පාර්ලිමේන්තුවට ආපු දෙන්නෙක්. රනිල් ආවෙ 1977 අවුරුද්දෙ.අකිල කියන විදියට මයිනා හා ඔහුගේ යාලු වාසු අකිලගෙ නත්තගෙ කාලෙ සිටම පාර්ලිමේන්තුවේ ඉන්නවා නේද

:       0       0

ගමේ එකාලා Wednesday, 12 October 2022 10:02 PM

එක්ව නැගිටින්ඩ ඕනෙම නම් පොහොට්ටුවෙ දූෂිත දේසපාලුවෝ සෙට් එකම ඉන්නේ ? වසර 74 ක් තිස්සේ දූෂිත බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවෝ කෙරුවේ මාරුවෙන් මාරුවට ජනතාව රවට්ටපු එක. රටම හොරාකාලා කාබාසීනියා කරපු එක. එක්ව නැගිටින එකත් ඔය කියන තරම් ලෙහෙසි වෙන එකක් නැහැ .

:       0       3

Dasuni Wednesday, 12 October 2022 10:07 PM

තනිව හොරාකමු, එක්ව නැගිටිමු.

:       0       3

Perera Wednesday, 12 October 2022 11:01 PM

ජනතාවගේ තේමාව විය යුත්තේ 'හොරු ටික පන්නමු'

:       0       5

Prabha Wednesday, 12 October 2022 11:22 PM

අපුරු තේමාව. ඔතන කීයෙන් කී දෙනාටද තනියෙන් නැගිටින්න පුළුවන් හරියට...

:       0       2

ලුම්බිණි Thursday, 13 October 2022 03:53 AM

කරුණාකර විශාල හමුදා සංදර්ශන වලට සල්ලි නාස්ති කරන්න එපා.

:       0       3

SL Thursday, 13 October 2022 10:46 AM

එක්ව දීමනා වැඩි කරගමු, එක්ව පෙට්රෝල් දීමනාව වැඩි කරගමු, එක්ව ඇමති මණ්ඩලේ වැඩි කර ගමු. එක්ව ජනතාවගේ පඩියත් හූරන් කාල ඒකෙන් ආතල් ගමු යකෝ මිනිස්සුන්ගෙන් බදු පිට බදු ගහල සල්ලි එකතු කරගෙන ,ඒවා කාබාසිනියා කරන්න නටන නාඩගම් ටික නවත්තපල්ලා. නැතිනම් මිනිස්සු ආයෙත් ගාහනවා ෂුවර්

:       0       3

දාස Thursday, 13 October 2022 11:21 AM

තොපිත් එක්ක නැගිටිනවට වඩා හොදයි බඩකපාගෙන මැරෙන එක

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site