(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොටුගොඩ  යාගොඩමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකට අද රාත්‍රියේ 7.30 පමණ කඩා වැදුණු නාදුනන පුද්ගලයන් කිහිපදෙනකු එහි නිදන කාමරයට ගිනි තැබීම නිසා එම කාමරයේ සිටි 65 හැවිරිදි කාන්තාවක පිළිස්සී  මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ ශාන්ති පද්මිණී නැමැති නැමැති කාන්තාවකි

මෙම කාන්තාව නිවසේ හුදෙකලාව ජීවත් වූ තැනැත්තියක බව මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

ප්‍රදේශවාසීන් පැමිණ ගින්න නිවා දමා ඇති අතර ඒ වන විටත් ඇය පිළිස්සි මියගොස් සිටියේ යැයි පොලීසිය සඳහන් කරයි

මෙවැන්නක් කිරිමට හේතු තවම අනාවරණය වී නොමැති බවද බව ද පොලීසිය  පවසයි

හුදකලාව ජීවත් වූ මෙම කාන්තාවගේ නිවසට ගිනි තබා ඇය ඝාතනය කිරීමට හවුල් වූ අය ගැන මෙතෙක් පොලීසියට තොරතුරු ලැබී නොමැත

මිනුවන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යති

(ඡායාරූප: ටෝනි කරුණානායක )