(සුජිත් හේවාජුලිගේ )

වයස 60 ඉක්මවූ විවිධ සංකූලතාවලින් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තෙවැනි එන්නත් මාත්‍රාවක්  ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තීරණය කර ඇත.

මන්ත්‍රීවරුන්ට තෙවෙනි මාත්‍රාව ලෙස මෙසේ ලබා දෙන්නේ  ෆයිසර් එන්නතය..

වයස 60 ඉක්මවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තෙවෙනි එන්නත් මාත්‍රාවක් ලබා දෙන්නැයි  වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පසුගියදා ලිඛිතව ඉල්ලීමක් කළේය. අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම තීරණය කර ඇත්තේ ඒ අනුවය.

මේ අනුව වයස 60 ඉක්මවූ මන්ත්‍රීවරුන්ට තෙවැනි මාත්‍රාව ලබාදීම යුද  හමුදා  මූලස්ථානයේදී ලබන 8 වෙනිදා සිට 12 වැනිදා දක්වා උදේ 9.00සිට පස්වරු 2.00 දක්වා සිදුකිරීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ටද තෙවෙනි එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමට කටයුතු කරගෙන යන බව වේත්‍රධාරිවරයා සඳහන් කළේය.