IMG-LOGO

60ට එරෙහිව වෛද්‍යවරුන්ගේ පෙත්සමට දුන් තීන්දුව

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම බලාත්මක කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ රාජ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුන්ට අදාළව විශ්‍රාම ගැන්වීම ලබන වසරේ ජනවාරි 25 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීම අත් හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම අතුරු නියෝගය නිකුත් කළේ විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 ක් සළකා බැලීමෙන් පසුවය.

මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.

 



අදහස් (7)

60ට එරෙහිව වෛද්‍යවරුන්ගේ පෙත්සමට දුන් තීන්දුව

අප්පුහාමි Wednesday, 14 December 2022 07:08 PM

ඉදිරියේ වත් රාජ්‍ය සේවයේ යොදවන පත්වීම් ලිපියේ විශ්‍රාම ගැන්වීම කවදාද කියලා සදහන් කරන්න මුලින්ම රාජකාරි බාර ගැනීමේදී වයස 60 දී විශ්‍රාම ගැනීමට කැමැත්ත ගන්න .වයස 55 සම්පූර්ණ වුනාට පසුව වාර්ෂිකව ඉතිරි සේවා කාලය සිහිගැන්වීම කරන්න අපි සේවයට පැමිණි කාලයේ අපි දැක්කා මාස හයකට පෙර ඔබගේ සේවා කාලය ..........දින අවසන් වෙනවා එයට පෙර තමන්ගෙ ලිපිගොනුවට අවශ්‍ය යම් ලේඛන ඉදිරිපත් කර නැත්නම් සම්පූර්ණ කිරන ලෙසත් දන්වනවා ඒ සමග විශ්‍රාම පූර්ව නිවාඩුවක් ගැනීම කරන්නේ නම් ඉල්ලීම කරන්න දන්වනවා.එම ලිපියේ පිටපත් වැටුප් අංශයට ,ගණකාධිකාරි වෙතට යොමුකිරීම කරනවා විශ්‍රාම ගැනීමට බොහෝවිට අකමැතිව සේවා දීර්ඝ ඉල්ලීම කරන්නෙ සේවය නැතුව සමාජයට ගියාම කුමකින් කුමක් වේද කියලා බයට ආත්මාරක්ෂාව සදහා තමයි ඉල්ලීම කරන්නෙ එහෙම නැතුව සමාජ සේවයට නම් නොවෙයි සමහරු විශ්‍රාම ලැබීමට ආසන්න කාලයේ හෘදයාබාධ හැදිල කරදර විදිනවා තවත් සමහරු විශ්‍රාම ගොස් වසරකින් දෙකකින් පරලොව සැපත් වෙනවා කැමති කෙනෙක් සමීක්ෂණයක් කරල බලන්න සත්‍ය වැටහේවි

:       0       1

ajith Thursday, 15 December 2022 12:34 AM

මේ රටට කෙල වෙලා තියෙන්නේ එක එක අයට විශේෂ සැලකිලි දැක්වීම නිසයි.

:       0       8

ලුම්බිණි Thursday, 15 December 2022 05:05 AM

රාජ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුනට වෙනම නීතියක් මොකටද? මේ අයට වෙනම නීතියක් ඇති කළොත් අනෙක් රජයේ සේවකයින්ගේ මූලික අයිතිවාසිකම්වලට බල පානවා...

:       0       10

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 15 December 2022 08:06 AM

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මට්ටමට පත්වූ වෛද්‍ය වරයෙකු වෙනුවෙන් ඔහුගේ අධ්‍යාපනය සඳහා ජාතික ධනය සෑහෙන ප්‍රමාණයක් වැය වෙන බව පෙනේ. එසේම, ඔහුගේ විශේෂ හැකියාව ලැබීය යුතු අසරණ රෝගීන් ගණන අපමණ යි. එසේ හෙයින්, රටේ අසරණ රෝගී ජනතාව ගැන සිතා, විශේෂඥ වෛද්‍ය වරුන් අනෙකුත් රජයේ සේවකයන් සේ නොසළකා ඔවුන්ගේ සේවය රටේ මහ ජනතාව වෙත ලබා දීමට කටයුතු කිරීම වැදගත්. යම් හෙයකින් ඔවුන් විශ්‍රාම ගන්වන්නේ නම්, අවශ්‍ය පඩි නඩි හා පහසුකම් ලබාදී, කොන්ත්‍රාත් ක්‍රමයට සේවයට ඔවුන් බඳවා ගැනීම සිදුකළ යුතුය. එසේ නොකළ හොත්, මේ රටේ බදු මුදලින් උගත් මේ වෛද්‍යවරුන් මේ රටේම රඳවා ගැනීමට නොහැකි වීම නිසා, විදෙස් රටවල් ඔවුන්ගේ විශේෂ හැකියාව හා සේවය ලබා ගනු ඇත.

:       6       7

අනුරාධා Thursday, 15 December 2022 08:27 AM

බොරු.බෙහෙත් විෂ වෙන විදියට දීලා මිනිස්සු මරණ දොස්තරලා ඉන්නවා.උන් ඉවත් වෙන්නෙ නැතුව ඉන්නවා.අළුතෙන් හොද දොස්තරලා බිහිවෙයි.මිනීමරුවෝ අළුත් අයට එන්න දෙන්නෙ නැහැ

:       0       2

Ariyathilaka Thursday, 15 December 2022 08:51 AM

විශේෂඥ වෛද්‍යවරුන්ට හෝ වෛද්‍යවරුන්ට විශ්‍රාම ගැන්වීමේ කාලයක් දැක්විය නොහැක. වෛද්‍යවරුන් තම වෘතිය කිරීමට ඇවැසි චිත්ත බලය, කාය බලය පිළිබඳව හොදින් දන්නා පිරිසක් බව අපගේ අදහස ය. තම වෘත්තිය සපුරාලිය නොහැකි නම් එහි තව දුරටත් වෛද්‍යවරුන් වෛද්‍ය වෘතියෙහි නොරැදෙනු ඇත. විශේෂයෙන් විශේෂ්ඥ වෛද්‍යවරුන් තම වෘතීය සේවාවේ කල්‍ යත් යත් ම දැනුමෙන් වඩ වඩාත් ම පරිපෝෂිත වන බැවින් ඔවුන්ගේ දැනුම යල් පැන යන්නේ නැත. විශ්‍රාම ගැන්වීමේ කාලයක් දැක්විය නොහැක. දැනට රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ සීමාවන් දක්වා ඇති චක්‍ර ලේඛ අනුව යම් වයස් සීමාවන්ට අනුකූලව ක්‍රියා කළ යුතු වුව ද විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් එකී වයස් සීමා වෙනස් කර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව ලබා ගැනීමට උත්සුක වීම රටේ ජනතාවට යහපත ගෙන දීමට හේතු වනවා ඇත. ස්වකීය අභිමතය පරිදි උපරිමය වයස අවුරුදු හැත්තෑවක් (70) සීමාව දක්වා සේවය කිරීමට ඉඩ දීම සුදුසු බව අපගේ අදහස ය. නැති නම් පරිනත වූ දැනුමෙන් ප්‍රයෝජන නොගැනීම, රටට ජනතාවට වන මහත් පාඩුවක් බව ද කිව යුතු ය.

:       3       2

Nilanka Thursday, 15 December 2022 11:48 AM

මට නම් දුකයි doctor s ලා ගැන... 60 පැනලත් ඇයි ඔච්චර සේවයක්... ජිවිතේ කියන්නෙ රස්සාව ම නෙවෙයි ...කාලා බිිලා ඇවිදල කියල සතුටින් ඉන්න ඕනි 60 පස්සෙවත් අඩුම තරමෙන්.. මේ ළඟදි කේසිරි විතානගේ සර් කියනවා සර් 40 අවුරැද්දක් ටියුෂන් කලා අවුරුදු 40ටම සර් දින 10ක් වගේලු clz cut wene... 40 අවුරැද්දට සර්ට මොනතරම් දේවල් miss වෙන්න ඇද්ද. සල්ලි කොච්චර ලැබුණත් ⁣එක දෙයකටම කොටු වුනාම ජිවිතය මග හැරෙනචා.. අවසානයේ කොටි ගානක ගෙදරක , කොටි ගානක වාහන පාරක් කරන් රෝද පුටුවේ ඉන්න වෙයි... ආයෙත් කියන්නෙ ජිවිතය miss කර ගන්න එපා..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site