IMG-LOGO

59 මව උස්සා පොළොවේ ගසා මරලා

(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)

පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටී 59 හැවිරිදි දෙදරු මවක අතින් පයින් පහරදී උස්සා පොලොවේ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සොයා පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පයාගල , සේවියර්පියගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්.එස්. ප්‍රියානි නමැති කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවද සදහන් වේ.

මියගිය කාන්තාවගේ දියණියක් ඇයගේ ස්වාමී පුරුෂයා සමග ඇති කරගත් ආරවුලක් නිසා දියණියව සහ ඇයගේ දරු දෙදෙනාව සිය නිවසට ගෙන්වා ගෙන ඇති බවත්, එයට උරණවූ බෑනා ඉකුත් 5 දා රාත්‍රි තවත් පිරිසක් සමග නිවසට පැමිණ කතාබහක් ඇති කරගෙන ඇති බවත් පොලිසිය පවසයි.

පිරිස නිවසට පැමිණෙන විට මියගොස් ඇති කාන්තාව ඔවුන්ට බියෙන් අසළ නිවසකට ගොස් ඇදක් යට සැඟව ඇති බවත්, එහි පැමිණ පුද්ගලයකු ආච්චි අම්මාව කකුල් දෙක ඇද එළියට ගෙන උස්සා පොළොවේ ගැසූ බවටත් 5 හැවිරිදි මිණිබිරියක ප්‍රකාශ කර ඇතැයිද මියගිය කාන්තාවගේ ඥාතියෙකු පැවසීය.

පහරකෑමට ලක්ව සිටි කාන්තාව ත්‍රීරෝද රථයක නංවා කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇති බවත්, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (14) අළුයම මියගොස් ඇති බවත් සදහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාව රෝහලට රැගෙන ගිය ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසයි .

ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටින සැකකරුවන් පොලිසිය මඟ හරිමින් සිටින බවත් පොලිස් නිලධාරියෙක් කීය.

 

 



අදහස් (2)

59 මව උස්සා පොළොවේ ගසා මරලා

zeylanicus Friday, 17 February 2023 08:09 AM

ඉස්පිරිතාලෙට අරන්ගිය කෙනාව අත් අඩංගුවට ගත්තාම හරිද? මෙහෙම වුණාම කවුරුවත් මනුස්සයෙක්ට උදව් කරන්නවත් ඉදිරිපත් වෙයිද?

:       0       1

fairoosSunday, 19 February 2023 05:00 PM

ලංකාවේ පොලිසියට සැක හිතුණාම ඕන කෙනෙක් ඇතුළට දාන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site