(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ගන්දර තලල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් මගීන් 51 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගන්දර පොලීසිය පවසයි.

තුවාල ලැබු පිරිස අතර කාන්තාවන් 28 දෙනකු පිරිමි පුද්ගලයන් 21 දෙනකු හා කුඩා දරුවන් 02 නෙකු සිටින බව පොලීසිය සදහන් කරයි.

ගාල්ල සීට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බසයක් හා තංගල්ල සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මෙම අනතුරට ලක්ව තිබුණි.