IMG-LOGO

25 වන විරුජන සම්මාන උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී

(මුදිතා දයානන්ද)

තමන්ගේ දිවි පරදුවට තබා අනෙකාගේ දිවි බේරාගැනීමට ඉදිරිපත් වන්නන් අගය කිරීම අද නෙවෙයි රජකාලයේ පටන් සිදුවන්නක් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) පැවසීය.

රාජපක්ෂ මහතා මෙසේ පැවසුයේ 25 වන විරුජන සම්මාන උළලේදී අදහස් දක්වමිනි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්වූයේ විරුජන පදනමේ සංවිධායකත්වයෙනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා පැවසීය.

‘‘විජයබාහු රජතුමාත් තමන්ගේ ජීවිතේ බේරාගන්න දිවි පරදුවට තබා සටන් කළ තමන්ගේ හේවායෙකුටද මෙලෙස සම්මානයෙන් අගය කළා. එවැනි දේ තුළින් සමාජය යහමගට යොමු කරනවා. ඒ නිසා එවැනි ඇගයීම් අවශ්‍යයි. කතානායක කරු ජයසූරිය මහතා මෙහි උපදේශකත්වයට පත්වූ දා සිට මේ සම්මාන ලබාදෙන ක්ෂේත්‍ර වඩාත් පුළුල් වෙමින් ඉදිරිගමනක් ඇවිත් තිබෙනවා. එය අනාගතයේ පත්වන කතානායකවරුන්ගෙත් වගකීමක්‘‘

එහිදී මහනුවර නාමනාදන් රාමරාජ් මහතා තමන් විසූ මහල් නිවසේ හටගත් ගින්නෙන් සිය දරුවන් තිදෙනා හා බිරිඳ බේරා ගැනීමට දිවි පරදුවට තබා කටයුතු කිරීම වෙනුවෙන් රජත විරුජන සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙහිදී බුදල්නා ස්වර්ණ සම්මානය හා විරුජන රජත මුද්‍රිකා සම්මානය, ශිෂ්‍ය විරුජන සමාජ ක‍්‍රියාකාරකම් වෙනුවෙන් ස්වර්ණ හා රජත හංස මුද්‍රිකා සම්මාන ද ශ්‍රී ජෛව හිතකාමී සම්මාන හා  ජාතික සංහිඳියා විරුජන සම්මානද පිරිනමනු ලැබීණ.

මෙම අවස්ථාවට කතානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, විරුජන පදනමේ නිර්මාතෘ කසුන් පී . චන්ද්‍රරත්න යන මහත්වරු සහ විදේශීය ආරාධිතයෝ පිරිසක් ද එක්ව සිටියහ.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (0)

25 වන විරුජන සම්මාන උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 343 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 889 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site