IMG-LOGO

22 සම්මත කිරීම ලෝකයටම ආදර්ශයක්

(අංජුල මහික වීරරත්න)

කෘතහස්ත ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ලෝකයට අගනා ආදර්ශයක් ලබා දුන් බව රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය  අකුරැටියේ නන්ද හිමියෝ පැවසූහ.

සේදවත්ත, වේරගොඩ පුරාණ විහාරස්ථානයේ කඨින මහා පුණ්‍යෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

ජනාධිපති ධූරයේ ඒකාධිපති බලතල පාර්ලිමේන්තුව සතු කරමින් ජනාධිපතිවරයා ගත් මේ ක්‍රියාමාර්ගය නිසැකයෙන්ම රටේ අභිවෘද්ධියට හේතුවනු ඇති බව ද උන්වහන්සේ සඳහන් කළහ.

සේදවත්ත විහාරාධිපති අඹන්වෙල ඥානාලෝක හිමිගේ අනුශාසනා පරිදි වාර්ෂික කඨින පිංකම සංවිධානය කර තිබිණි.

කඨීන චීවරය ඊයේ (21) පෙරවරුවේ පෙරහරකින් ජනාධිපති කාර්යාලය වෙත වැඩමවා එහි තැන්පත් කර කාර්ය මණ්ඩලයට වන්දනාමාන කටයුතු සඳහා ඉඩ සලසා දීම ද සිදු කෙරුණු අතර ඊයේ පස්වරුවේ නැවතත් කඨින චීවරය පෙරහරකින් වැඩම කරවීම සිදු කෙරිණි

අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව කඨින චීවර පූජාව සහ භික්ෂූන් වහන්සේ උදෙසා දානය පිළිගැන්වීමට ද එක් විය.



අදහස් (8)

22 සම්මත කිරීම ලෝකයටම ආදර්ශයක්

Ariyathilaka Saturday, 22 October 2022 04:51 PM

2020 ඔක්තෝබර් 29 දින දක්වා සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නැවත සංශෝධනය කරමට 2022. 07 29 , 20222 08 .02 දින දරණ ගැසට් පත්‍රය මගින් පළ කරන ලද 22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහිද් 91 වෙනි ව්‍යවස්ථාව සම්බන්ධව අනනුකූලභාවයක් පෙන්නුම් කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාවේ "1එ "යනුවෙන් ඡේදයක් නැත. "උ" ඡේදයෙන් පසු "එ" ඡේදයක් නැත. 20222 08 .02 දින ගැසට් කරන ලද 22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91වෙනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යටතේ " එ ඡේදයේ iv අයිතමයේ " 41අ වන ව්‍යවස්ථාවේ 1වන උප ලේඛනයේ සදහන්" යන වචනය සහ ඉලක්කම් වෙනුවට "41ආ වන ව්‍යවස්ථාවේ උප ලේඛනයේ සදහන්"යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්; 2 එ ඡේදයේ (vඅ) වන් අයිතමයට ඉක්බිතිව පහත සදහන් අයිතමය ඇතුලත් කිරීමෙන්:- (vආ) යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැර 41අ ව්‍යවස්ථාවේ 1 වන අනුව්‍යවස්ථාවේ ඉ ඡේදයේ සදහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු සහ, 3 එ ඡේදයේ xii වන අයිතමයට ඉක්බිතිව පහන දැක්වෙන අයිතමය ඇතුළත් කිරීමෙන් :- "xiii වෙනත් යම් රටකද පුරවැසියකු වන ලංකාවේ පුරවැසියකු " යනුවෙන් ද ගැසට් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි 91 . 3 එ ඡේදයේ xii වන අයිතමයට ඉක්බිතිව පහන දැක්වෙන අයිතමය ඇතුළත් කිරීමෙන් :- "xiii වෙනත් යම් රටකද පුරවැසියකු වන ලංකාවේ පුරවැසියකු " යනුවෙන් දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, ඉහත දක්වා ඇති පරිදි 91 ව්‍යවස්ථාවේ "එ" ඡේදයක් නැත; මෙහි සදහන් කරුණ වලට සමාන බව දැක්විය හැක්කේ 91 ව්‍යවස්ථාවේ "ඇ" ඡේදය ය. ඊයේ 2022 .10.21 දින සම්මත කරන ලද 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙහි ඉහත පරස්පරතා නිරවුල් නොකර පාර්ලිමේන්තුව විසින් සම්මත කළේ නම් එම ව්‍යවස්ථා සංශෝධනය බරපතළ ගැටලු ඇති කිරීමට හේතු විය හැක.

:       3       19

දාස Saturday, 22 October 2022 05:07 PM

ලෝකෙටම ආදර්ශයක් අනේ නන්ද හිමියන්ගෙ දැනුම මිනුම ගැන ඇතිවෙන්නෙ දුකක්. හිමියනි ටිකක් දෙයක් කියන්න ඉස්සෙල හිතල බලන්න. ඔය හොරු රැල ඕකට අත ඉස්සුවෙ එගොල්ලො 134 පත්කල නායකයා පොරොන්දුවක් දුන්න හොර ගුහාව අවුරුදු 2 1/2 විසුරුවන්නෙ නැ කියල , ඉට පස්සෙ තමයි ඔය නසරානියො අත ඉස්සුවෙ. හරි රට ලෝකෙට ආදර්ශ දෙන්න, රට බංකොලොත් මිනිසුන්ට කන්න නෑ . බෙහෙත් ගන්න සල්ලි නෑ.

:       52       9

sweneSunday, 23 October 2022 07:48 AM

22 සාපේක්ෂව හොඳ වුනත් බඩ ගෝස්තරයට ව්‍යවස්ථා වෙනස් කිරීම රටේ පරිහානියයි. හොරු රැල අවුරුදු 4 1/2 කට වාචිකව ස්ථිර කරලයි කැමැත්ත ගත්තේ. ඊට පස්සේ උන්ට විශ්‍රාම පඩියත් ලැබෙනවා. මහින්ද වගේ විශ්‍රාම පඩිය දැනටමත් හිමි අය ගානක්ම ආවෙත් නැහැ. අනික ජනාධිපති බලය අඩුවන නිසා, පොහොට්ටු කාරයින්ට හොඳයි නේ.

:       27       2

පිටරැටියා Saturday, 22 October 2022 05:43 PM

මාමාගේ ව්‍යවස්ථාවට පින් සිද්ද වෙන්ඩ ජනාධිපති වෙච්ච් එකත් කොච්චර දෙයක්ද ?

:       0       34

චන්දිම Saturday, 22 October 2022 07:26 PM

ගොටු තමයි. නේද හාමුදුරුවනේ?

:       36       11

siri Saturday, 22 October 2022 11:15 PM

ඇයි අපේ නායක හාමුදුරුවනේ 22 ක සම්මත කරගත්තාට වඩා මහා මැතිවරණයකින් පාර්ලිමේන්තුවේ එක ආසනයක්වත් දිනාගන්න බැරි වෙච්ච කෙනෙක් රටේ ජනාධිපති වෙච්ච එක අපේ ලෝකෙට විතරක් නෙවේ මුළු විශ්වයටම ලොකු ආදර්ශයක් නේ. කාටද ආඩම්බර ?

:       23       4

Demuni Uduwara Sunday, 23 October 2022 04:36 AM

Hamuduruwane, existing Constitution allows us to make any amendment. Besides, Ranil is not a people-voted President !

:       26       2

fairoos Sunday, 23 October 2022 12:50 PM

අනේ සාදු සාදු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site