IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


22 ගැන පොහොට්ටු මහ ලේකම්ගේ මතය

(සුජිත් හේවාජුලිගේ )

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව තමා දන්නා තරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් ඡන්දය නොදෙන බව එම පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.

එම පනත් කෙටුම්පතට පක්ෂව ආත්ම ගරුත්වයක් ඇතිව තමාට ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.

මේ රටට විශාල විනාශයක් ඇති වුණු සහ රට අරාජික කිරීමට හේතු වූ දහනව වැනි සංශෝධනය වෙනස් කිරීම සඳහා විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් පිරිසක් ලෙස නැවතත් දහනවවැනි සංශෝධනය හොඳ යැයි ප්‍රකාශ කරන්නේ කෙසේදැයි සාගර කාරියවසම් මහතා ප්‍රශ්න කළේය.

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 20 සහ 21 යන දෙදින පැවැත්වීමට නියමිතය. පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම 21 වැනිදා පස්වරුවේ පැවැත්වේ.

පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක් විසින් දැනටමත් සිය සංශෝධන රජයට බාර දෙනු ලැබ ඇත.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය වෙනුවෙන් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කරන්නේ නම් ඊට විරෝධතාවයක් නොදක්වන බවයි.

දහනව වෙනිආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වුණු සාධනීය වගන්ති රැසක් විසිදෙවැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වන හෙයින් එම පනත් කෙටුම්පතට ධනාත්මක සහායක් දීමට සූදානම් බව පැවසූ මන්ත්‍රීවරයා අනාගතයේ රටේ පාලනය බාර ගැනීමට සිටින පක්ෂය ලෙස සමගි ජන බලවේගය කඩාකප්පල්කාරී වැඩ කිරීමට සූදානම් නැති බවද සඳහන් කළේය

. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසූවේ පනත් කෙටුම්පතට පක්ෂය ඉදිරිපත් කළ සංශෝධන සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග සැලකිල්ලට ගෙන පක්ෂය ඉදිරියේදී සිය තීරණය ප්‍රකාශයට පත්කරන බවයි.

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කිසිවිටෙකත් දියාරු කිරීමට ඉඩනොදෙන බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (6)

22 ගැන පොහොට්ටු මහ ලේකම්ගේ මතය

Gunapaala Tuesday, 11 October 2022 09:27 AM

පිරිමි වෛෂ්යයාවන්

:       0       13

Rohan Perera Tuesday, 11 October 2022 09:33 AM

ඔන්න පොහොට්ටු මොලය. 19 න් රට අරාජික උනලු.

:       0       7

Deepal Nirosh Tuesday, 11 October 2022 09:51 AM

මෙහෙමත් බොරු තුප්පහි වංචනික ලේකම් කෙනෙක්, මහජන මතයක් ‍නො තිබුණු 19 ගේන්න මූලිකත්වය දීපු කෙනා රටේ ජනාධිපති කරවන්න කටයුතු කරල දැන් බොරුවට 19 යෙම දිගවක් වන 22ට විරුද්ධ වෙන්න හදනවා. කරුනාකරල ඔය කට වහ ගන්නව ද?

:       0       11

sharm warn Tuesday, 11 October 2022 10:54 AM

ඇත්තටම මෙ කොහේ ඉදල ආව ‌කෙනෙක්ද කපුටගෙ අනසක ක්‍රියවෙ යොඩවන්න ගෙනාපු පඹයෙක් කියල අපි දනන්ව.. මෙච්චර හයියක් දෙන්න තරම්? මෙ අන්ඩුව ගෙදර යන දවසට මෙයා කන්නෙ ඔය කෙහෙල් මුහේ ඉන්න අනිත් අයගෙන්. .

:       0       4

Rata Perata Tuesday, 11 October 2022 12:08 PM

නාඳුනන තුවක්කුකරුවනි .. ඔබ කොහිද?

:       0       7

fairoos Tuesday, 11 October 2022 12:16 PM

රට ආජික වුණේ පොහොට්ටුවේ ආණ්ඩුව නිසා. නන්දසේනව එලෙව්වා වගේ සෙට් එකම එළවන්න ඕනි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site