IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


21න් පසු කොමිෂන් සභා ස්වාධීන විය යුතුයි

(නිමල කොඩිතුවක්කු)

21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා සදහා නව සාමාජිකයන් පත්කිරීමේදී  සමාජයේ පිළිගැනීමට හේතුවන අපක්‍ෂපාතී හා කීර්තිමත් පුද්ගලයන් පත්කරගැනීමේ අවශ්‍යතාවය කෙරෙහි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂයන් මෙන්ම සිවිල් සමාජය ද සිය බලවත් අවධානය යොමු කලයුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සභාපති කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

එමෙන්ම පසුගිය කාලයේ බලාත්මකව පැවැති ස්වාධීන කොමිෂන් සභා නියෝජනය කළ සාමාජිකයන් අතර සිටි එවැනි සුදුසුකම් සහිත දක්‍ෂ පුද්ගලයන් යළි පත්කරගැනීමට ඇති අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමුකරන ප්‍රමාණයටම දේශපාලන පක්‍ෂ ක්‍රියාකාරිත්වයන්හි නිරත වූ බවට පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල වූ පුද්ගලයන් නැවත එවැනි තනතුරුවලට පත්කිරීමට කටයුතු නොකල යුතු බවත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

   "එම කොමිෂන් සභාවන්හි සාමාජිකයන් ලෙස කටයුතු කර තිබෙන දක්‍ෂ, කීර්තිමත් හා අපක්‍ෂපාතී පුද්ගලයන් නැවතත් පත්කර ගැනීම සුදුසු බව අප ද විශ්වාස කරන අතරතුර පසුගිය කාලයේ බරපතළ චෝදනා එල්ල වූ කිසිවෙකුට හෝ එම අවස්ථාව හිමිවිය යුතු නැතයි ද අපි අවධාරණය කරන්නෙමු.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සෑම ස්වාධීන කොමිෂන් සභාවක් සදහාම සාමාජිකයන් පත්කර ගතයුතුව ඇත්තේ එක් එක් දේශපාලන පක්‍ෂවල හෝ බලවතුන්ගේ අපේක්ෂා හා සිතැඟියාවන් අනුව නොව රටේ ඉදිරි යහපැවැත්ම උදෙසා සිය උපරිම කාර්‍ය්භාරය මනා ලෙස හැසිරවිය හැකි පුද්ගලයන් කෙරෙහි සැලකිලිමත් වෙමිනි. එහිදී තරුණ හා කාන්තා නියෝජනයක් අන්තර්ගත වීම ද අතිශයින්ම වැදගත්ය.

එය මේ රටේ දැනුම්වත් හා යුක්තිගරුක පුරවැසියන්ගේ මෙන්ම අනෙකුත් සිවිල් සමාජ ව්‍යාපාරයහී ද ස්ථාවරය වන බව රටේ වගකිවයුත්තන් මැනවින් අවබෝධ කරගැනීම වැදගත්ය



අදහස් (0)

21න් පසු කොමිෂන් සභා ස්වාධීන විය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site