වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක‍ මහතා පසුගියදා ත්‍රිකුණාමලය වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම චාරිකාවේදී අමාත්‍යවරයා ප්‍රථමයෙන් චීන වරාය ගුවන්තොටුපළට පැමිණි අතර එහිදී ගුවන්තොටුපල ප්‍රධානී එයාර් වයිෂ් මාෂල් ඩබ්.පී.පෙරේරා  මහතා සමඟ ගුවන්තොටුපල පර්යන්තයේ සංවර්ධනය කළ යුතු අවශ්‍යතා ගැන නිරික්ෂනයේ යෙදෙමින් සොයා බැලූහ.

ඉදිරියේදී සංචාරක කටයුතු සඳහා මෙම චීන වරාය තොටුපල සංවර්ධනය කිරීමට රජය සැලසුම් කරමින්  සිටින බවද අවධාරණය කළේය.

ඊළගට අමාත්‍යවරයා ‌ ඇතුළු කණ්ඩායම වරාය අධිකාරිය සතු පැරණි පර්යන්තයේ නිරික්ෂණයට පැමිණියේය. මෙම අවස්ථාවට වරාය අධිකාරියේ ත්‍රිකුණාමල වරාය නේවාසික කළමණාකාර සරත් කුමාර මහතා ද සහභාගී විය. ඒමෙන්ම නියෝජ්‍ය විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ත්‍රිකුණාමල දිස්ත්‍රීක් පාල්ලිමේන්තු මන්ත්‍රී රෙෂාන් අක්මීමන යන මහත්වරුන් සහ ප්‍රාදේශීය සභා නියෝජිතයෝ ද, සහභාගී විය.

ඔවුන් පළමුව සිලෝන් ජැටියත්, ඊළඟටද ඉතා පැරණි ඕල්ඩ් (Old)ජැටියටත් පැමිණි අතර, මේ වන විට ඒවායේ භෞතික  තත්වය නිරීක්ෂනය කරනු ලැබුවා. මේ පර්යන්ත දැනට කිසිදු කටයුත්තක් සඳහා ප්‍රයෝජනයට නොගන්නා අතර තවත් පැරණි ටවුන් ජැටිය,1947 ජැටිය සහ මන්කෝ ජැටිය යන පර්යන්ත  වෙත පැමිණියේය.

මෙහිදී වරාය අධිකාරියේ ඉංජිනේරුමය කටයුතු සඳහා යොදාගත් මවුතෝ ජැටියේ, පැරණි ජැටිය, පැරණි ගොඩනැගිලි ගැනද විමසා බැලුවේය.

අනතුරුව වරාය අධිකාරියේ ජේෂ්ඨ නිළධාරීන් සමඟ 2026 වසරේ ත්‍රිකුණාමලය වරායේ ප්‍රගතිය ගැන සාකච්ඡාවකට සහභාගී වූහ.එහිදි  වරාය නේවාසික කළමණාකාර සරත් කුමාර මහතා 2024 වසරට වඩා 2025,2026 වසර වල වරායේ මෙහෙයුම් කටයුතු ගැන කරුණු පැහැදිළි කර අතර, 2025 වසරේ ඉපයූ ශුද්ද ලාභය රුපියල් මිලියන 1129 බවත් 2026 ගොවුණු මාස හයේ රුපියල් මිලියන 958 ලාභයක් ලබා ඇති බවත් ප්‍රකාශ කළේය.

ඉන් පසු අමාත්‍යවරයා ඇතුළ පිරිස අස්රොප් ජැටියේ මෙහෙයුමි කටයුතු නිරීක්ෂණය කළ අතර පස්වරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවනට සහභාගී විය. එහිදි අදාළ සියලු පාර්ශව කැදවා තිබූ අතර වරාය අධිකාරිය  සතු ඉඩම් සහ මහජනතාවගේ වරාය පරිශ්‍රයන්හී ඉඩකඩම් ගැටලු ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යංශ ලේකම් ඩබ්.ඩබ්.එස් මංගල යන මහත්වරුන්  මෙම චාරිකාවට එක්ව සිටියහ.