ලබන වසර වෙද්දී, ඉන්දියාව, චීනය අභිබවා ලෝකයේ වැඩිම ජනගහනයක් වෙසෙන රට බවට පත්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ලෝක ජනගහන අපේක්ෂාව සම්බන්ධයෙන් එළිදැක්වූ නවතම වාර්තාවේ සඳහන් වෙයි.
එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වී ඇත්තේ, ඉතා මන්දගාමී වුවත්, සමස්ත ලෝක ජනහනය, මෙම 2022 නොවැම්බර් මස 15 වැනිදා වනවිට බිලියන 8 සීමාවට ළං වනු ඇති බවය.
1950 වසරෙන් පසු වාර්තා වූ මන්දගාමී ජනගහන වර්ධන වේගය මෙය යැයි ද එක්සත් ජාතීන්ගේ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වී තිබේ.
ලෝක ජනගහනය 2030 වසර වනවිට බිලියන 8.5 ක් දක්වාත්, 2050 වනවිට බිලියන 9.7 දක්වාත්, 2080 වනවිට බිලියන 10.4 දක්වාත් වර්ධනය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කරන බව ද එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.
ලෝක ජනගහනය බිලියන 10.4 සීමාවට පැමිණි පසු 2100 වසර වනතුරු ඒ ආසන්නයේ සිටිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි දුරටත් සිය වාර්තාව හරහා පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
2023 ලොව වැඩිම ජනගහනය ඉන්දියාවේ
malaka Tuesday, 12 July 2022 12:54 PM
වෙලාවට එළියට ගන්න නොදන්න ජාතියක්... ඒකයි මේ අය වැඩි...
Kavindi wasana Friday, 22 September 2023 08:19 AM
2050 වෙද්දී ඉන්දියාවේ වැඩිම ජන සංඛ්‍යාව වෙනවා කිව්වේ. ඒත් මෙච්චර ඉක්මණට චීනය අභිබවා ගිහින්ද හිතාගන්න බෑ..