IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


2023 වසරේ අලි සංගණනයක්

(අංජුල මහික වීරරත්න)

2023 වසරේ දී මෙරට අලි සංගණනයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අලි - මිනිස් ගැටුම වැලැක්වීම සඳහා පියවර ගැනීමේ දී දැනට ශ්‍රී ලංකාවේ සිටින වන අලි ගහණය සම්බන්ධයෙන් ස්ථිර දත්තවල අවශ්‍යතාවයක් පවතින බව කී අමාත්‍යවරයා ලබන වසරේ දී අලි සංගණනයක් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු අවසන් කර තිබෙන බව කීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා සඳහන් කළේ වනජීවී හා වන සංරක්ෂණය පිලිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් අලි - මිනිස් ගැටුම  වැළැක්වීම සඳහා වනජීවී  හා වන සංරක්ෂණ අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර පැහැදිලි  කරන ලෙස ඉල්ලා සිටි බවයි.

අවසන් වරට මෙරට වන අලි සංගණනයක් පවත්වා තිබෙන්නේ 2011 වර්ෂයේ දීය. එම වකවානුවේ 5000 ඉක්මවූ වන අලින් සංඛ්‍යාවක්  වාර්තා වී තිබේ. එමෙන්ම දැනට පවතින නිල නොවන දත්ත අනුව වන අලි ගහණය 7000කට ආසන්න තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව  වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (1)

2023 වසරේ අලි සංගණනයක්

සිල්වා Thursday, 17 November 2022 11:27 AM

අවුරුදු දහයක් පමණ කාලයක් තුල අලින් ගේ වැඩි වීම 40% පමණ වෙනවා. අලින්ටත් උපන් පාලන ක්‍රමයක් හදුන්වා දිය යුතුයි.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site