ලොව බැංකුකරණ සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ‘ඒෂියන් බෑන්කර්’ සඟරාව විසින් ‘2022 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ.
මූලික වශයෙන් බැංකුවේ ශේෂ පත්‍රයේ ශක්තිමත්භාවය පදනම් කරගනිමින් මෙම සම්මානය ලැබී තිබෙන අතර ආසියානු පැසිෆික් කලාපයේ බැංකු සැසඳීමේදී කොමර්ෂල් බැංකුවේ මූල්‍ය කාර්ය සාධනයේ තිබෙන ඉහළ ගුණාත්මක තත්ත්වයද මෙම සම්මානය ලැබීමට හේතුවී ඇත.
මෙම සම්මානය ලබාදීමේ ඇගයීමේ කාර්යයේදී දර්ශක 06 ක් පිළිබඳව අවධානය යොමුකර තිබෙන අතර දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බැංකුවේ වත්කම් ප්‍රමාණය, ශුද්ධ ණය සහ තැන්පතුවල ශේෂ පත්‍ර වර්ධනය, බැංකු මෙහෙයුම් කටයුතුවල අවදානම් කළමනාකරණය, ලාභදායීතාව සහ තිරසාරභාවය, ලබාදුන් ණයවල ශක්තිය සහ විශ්වසනීයත්වය, අවදානමකට මුහුණදීම සඳහා තිබෙන වත්කම්වල ද්‍රවශීලතාව පිළිබඳව ස්වාධීන තක්සේරුවක් මෙහිදී කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය.
“කෙතරම් අභියෝග පැමිණියත් ඒවා සියලු පාර්ශ්වකරුවන්ගේ බලාපොරොත්තු සාධාරණ ලෙස ඉටු කරගත හැකි ලෙස අපි කළමනාකරණය කර ගන්නවා. පවතින දේශීය සහ ගෝලීය තත්ත්වය අපගේ ශේෂ පත්‍රයට යම් බලපෑමක් කළත් අපගේ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය එලෙසම පවතින බව ඒෂියන් බෑන්කර් විසින් ලබාදුන් මෙම සම්මානයෙන් තහවුරු වෙනවා. ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස අපිව සහතික කිරීම මගින් අපිට විශාල දිරියක් ලැබෙනවා.”
ශක්තිමත්ම බැංකුව තෝරාපත් කරගත් මෙම වැඩසටහනට ආසියා පැසිෆික් කලාපයේ ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, බෲනායි, කාම්බෝජය, චීනය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලාඕසය, මැකාවු, මැලේසියාව, මොන්ගෝලියාව, මියන්මාරය, නවසීලන්තය, පාකිස්තානය, පිලිපීනය, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල බැංකු ඇතුළත් කරගෙන තිබේ.
595
කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, එස්. ප්‍රභාගර් මහතා සම්මානය සමග
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘2022 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ කොමර්ෂල්