IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


2018 පුහුණු වූ සියලු හෙද හෙදියන්ට රැකියා දෙන්න භාණ්ඩාගාර අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

2018 දී හෙද පුහුණුව සඳහා බඳවා ගත් පුහුණුලාභීන් සියලුම දෙනාට පත්වීම් ලබාදීමට මහා භාණ්ඩාගාරය එකඟතාවය පළ කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2018 වසරේ දී හෙද පුහුණුව සඳහා 2518 ක සිසු පිරිසක් බඳවා ගෙන පුහුණුව ලබා දුන් නමුත් රටේ පැවති මූල්‍ය අස්ථාවරත්වය ඇතුළු කරුණු නිසා මෙයින් 1000කට පමණක් පත්වීම් ලබා දීමට මහා භාණ්ඩාගාරය මුල් අවස්ථාවේ තීරණය කර තිබිණි.

හෙද සිසු සිසුවියන්ගේ සහ ඔවුන්ගේ මවුපියන් ගේ ඉල්ලීම මත රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මැදිහත් වී මුදල් අමාත්‍යංශයට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම මත 2018 දී පුහුණුව සඳහා බඳවා ගත් පුහුණුලාභීන් සියලු දෙනාටම පත්වීම් දීමට මහා භාණ්ඩාගාරය එකඟත්වය පළ කළ බව රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

දැනට රටපුරා පිහිටි රෝහල්වල හෙද සේවයේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් පවතින අතර මීට අමතරව හෙද හෙදියන් විදේශගත වීම නිසා පුරප්පාඩු 1500ක් පමණ නිර්මාණය වී ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

 



අදහස් (3)

2018 පුහුණු වූ සියලු හෙද හෙදියන්ට රැකියා දෙන්න භාණ්ඩාගාර අනුමැතිය

LGP. JATHUNARACHCHI. Thursday, 12 October 2023 06:43 AM

2118 ගොඩක් කලින්නෙ

:       0       3

wedage Thursday, 12 October 2023 10:09 AM

පිරිමි හෙදිය දැන් ලොක්කෙක් වෙලානේ චන්දයක් තියනවද ලඟදි

:       1       4

Rata Perata Thursday, 12 October 2023 12:19 PM

ඉට වැඩිය හොදයි යාග ක්‍රමය කියල දුන්නනම්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site