IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන්න අවසර

 

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කිරීමට  අද (19) කැබිනට් අනුමැතිය ලබා  දී තිබේ.
 
නව ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම  පැවැත්වූ අද  ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය. 



අදහස් (8)

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන්න අවසර

මාතර සත්‍යපාල Wednesday, 19 August 2020 10:48 AM

19 අහෝසි කළත් ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරන්න එපා. ජනතාවගේ පැත්තෙන් ස්වාධීන කොමිෂන් සභා වටිනවා. විශේෂයෙන්ම තොරතුරු දැනගැනීම් කොමිෂන් සභාව... පොලිස් කොමිෂන් සභාව පිළිබඳ නම් ඒතරම් පැහැදීමක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක තොරතුරු දැනගන්නට තිබෙන අයිතිය ජනතාව සතුයි. නැත්නම් අපට කිසිවක් දැනගන්නට අවස්ථාව නැහැ. තොරතුරු කොමිෂන් සභාව තවදුරටත් අාරක්ෂා කරගත යුතු අායතනයක්. ඒ තැනට අධිකරණ විනිසුරුවන් සහ අධිකරණයට සම්බන්ධ උදවිය පත්කරලා රාජ්‍ය සේවයේ විශ්‍රාම ගිය නිලධාරින් අස්කරන්න. ලංකාවේ රාජ්‍ය සේවය නිලධාරිවාදය මගින් කරන අපරාධ.. නිලධාරි වාදයෙන් රාජ්‍ය සේවය බේරා ගන්නට තිබෙන හොඳම අවිය තමයි තොරතුරු කොමිසම... නැතිනම් සාමාන්‍ය වැසියා යනු හැමදාමත් නිලධාරින්ගේ හෝ දේශපාලකයින්ගේ යකඩ සපත්තුවට පෑගෙන පුද්ගලෙයක්. ඒ නිසා 20 වැනි සංශෝධනය හරහා තොරතුරු කොමිෂන් සභාව නම් අහෝසි කරන්න එපා. පොලිස් කොමිසම නම් සත 5කට වැඩික් නැති අායතනයක්. ඒවා නිසා සංශෝධන විය යුතු වුවත් එය දේශපාලකයින්ට වඩා පොදු මහජනතාවට වැඩක් විය යුතු බව හොඳින් අවධාරණයට ගන්න.

:       0       101

විජිත් Wednesday, 19 August 2020 01:21 PM

ශ්‍රී ලංකාවේ බලයට පත්වෙන හැම රජයක්ම කරන "සෙල්ලමක්" තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමන්ට '‘වාසි" වනලෙස සංශෝධනය කිරීම... ඇත්තටම දේශපාලනික ලෙස "ශීලාචාර" රටවල් තම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බොහෝ ඉහළින් ආරක්ෂා කරගන්නේ රටේ ඇති ඉතාම පූජනීයම දෙයක් ලෙසයි. ඒ වගේම තමයි ඒ රටවල ව්‍යවස්ථාව යම් ලෙසකින් උල්ලංඝනය වුණොත් "වහාම" එය යළිත් නිවැරදි කරනවා. හැබැයි ඉතින් අපේ රටේ ඊට වෙනස්.. ව්‍යවස්ථාව වැඩියෙන්ම උල්ලංඝනය වෙන රට මේ රට වෙන්න ඇති. හැබැයි ඉතින් ජනතාව ඊට විරුද්ධව යමක් කරන්නෙත් නැහැ. එය ' නූගත්කමද ' 'බියසුළු බවද' කියා නොදනිමි. ඒ වගේමයි ව්‍යවස්ථාව උල්ලංඝනය වූ විට එය කවරදාකවත් නැවත නිවැරදි කිරීමක් කළ බවකුත් මම අසා නැහැ. රටක ව්‍යවස්ථාව ආරක්ෂා කරන "ආරක්ෂකයා" ශ්‍රේෂ්ඨාධිකරණය බවවත් නොදන්නා නූගත් "දේශපාලුවන්" සිටින එකම රට මේ රට වෙන්න ඇති...

:       0       252

විජිත් Wednesday, 19 August 2020 01:25 PM

ඒ වුණාට අපේ අසල්වැසි රටේ.. ඒ කියන්නේ ඉන්දියාවේ ව්‍යවස්ථාවක් එක්ක සෙල්ලම් බැහැ...!!! කාලයකට ඉහතදී එකල ඉන්දියාවේ අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මහත්මිය, එතුමියට ඡන්දයෙන් ලැබුණු බහුතර වරම උපයෝගී කරගෙන ඉන්දීය ව්‍යවස්ථාවේ " දර්ශනය සහ ආකෘතිය " වෙනස් කිරීමට 42 වන සංශෝධනය ගෙනවිත් සම්මත කරගත්තේ මහජන විරෝධතාවයන් සහ අධිකරණයේ බලවත් විරෝධතාවයන් ඉවත දමමිනි. 1977 දී ඇය අන්ත පරාජයට පත්වූයේත් ඒ පනත නිසාමයි. ඉන්පසු පත්වුණු ජනතා පක්ෂය 43 සහ 44 සංශෝධන ගෙනැවිත් 42න් සිදුවුණු විකෘතිය නිවැරදි කළා. එපමණක් නොවෙයි.. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය (විනිසුරුවරුන් 13 දෙනෙක් ගෙන් සමන්විත) ඉන්දියාවේ බලයට පත්වන කිසිම ආණ්ඩුවකට වියවස්ථාවේ "දර්ශනය සහ ආකෘතිය'' වෙනස් කිරීමට සංශෝධන ගෙනඒමට නොහැකිවන ලෙස ප්‍රබල තීන්දුවක් ලබා දුන්නා. අද වනතුරු ඉන්දියාවේ කිසිම රජයකට ඒ තීන්දුව වෙනස් කිරීමට හැකිවුයේ නැහැ. එ්ත් බුද්ධිමතුන්ගේ අඩු, බයියන්ගෙන් පිරුණු මේ ධර්මද්වීපය ගැන මොන කතාද...?

:       35       519

nimalWednesday, 19 August 2020 06:17 PM

පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පිරිස ගෙදර තබා බයියෝ විසින් බයියන් පාර්ලිමේන්තුවට පත්කර ඇත.

:       1       57

චන්දනThursday, 20 August 2020 06:39 PM

වැසිකිළි පහසුකම්වත් නැති, අති බහුතර ජනතාවක් අන්ත දිළිඳු තත්වයකින් ඉන්න, කොරෝනා මර්දනය කරන්න එන සෞඛ්‍ය කාර්යමණ්ඩලයට පහරදී එලවා දැමීමට තරම් පහත් මානසිකත්වයක් තියෙන අපචාර බහුලව සිද්ධ වෙන රටක ව්‍යවස්ථාව ශක්තිමත්ය.. ව්‍යවස්ථාව වෙනස් කළ නොහැකිය කියකියා වංශෙ කබල් ගෑවට වැඩක් තියෙනවද?

:       95       0

liyanage Wednesday, 19 August 2020 01:43 PM

20 වැනි සංශෝධනය වෙනස් කරන්නේ රාජපක්ෂලාට, පවුලට බලය වැඩිකර ගැනීමට මිස රටට හෝ රටේ ජනතාවට සිදුවන සෙතක් නොමැත.. 19 වැනි සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහෝසි වී යනු ඇත...

:       3       667

chandimaWednesday, 19 August 2020 07:20 PM

ජයවර්ධනලා, වික්‍රමසිංහලා ඒගොල්ලන්ට වැඩිකරගත්තු බලේ අනික් කට්ටියටත් සමසේ බෙදීයන්න ඕනෑනේ... ඒකයි..

:       1       6

nihal Wednesday, 19 August 2020 09:40 PM

19 වතාවක් සංශෝධනය කරත් හරි... එකක් හදාගන්න බැරි වුණා කියන්නේ මේ අය මිනිස්සු වෙන්න බෑ...

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 473 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2222 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site