
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 20දෙනෙකු සුවය ලබා අද(29) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව, එම පිරිස ද ඇතුළුව, මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 3230කි. 120දෙනෙක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
අද දිනයේදී සුවය ලබා පිටව ගිය පිරිස අතර,
ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් - 8
වැලිකන්ද මූලික රෝහලෙන් - 4
ඉරණවිල රෝහලෙන් - 2
හම්බන්තොට රෝහලෙන් - 6 ක්ද වෙති.
හම්බන්තොට රෝහලෙන් සුවය ලබා පිටව ගිය 6දෙනා අතර, විදේශිකයෙක් ද වෙයි.
අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් ගණන 46කි.
ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3363ක් වන අතර, 13දෙනෙකු මියගොසිනි.

COMMENTS