විනීතා එම් ගමගේ
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඉල්ලා 15 දෙනාගේ කණ්ඩායම විසින් පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමට එවන ලද ලිපියක් වාර්තාවට එකතු කරගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය.
කෙසේ වෙතත් එම ලිපියට 15 දෙනා අස්සන් කර නොතිබු අතර එහි අස්සන් තිබුනේ 9 ක් පමණ පිරිසකගේ බවත් කී අමාත්‍යවරයා එම ලිපිය පිළිබඳව මධ්‍යම කාරක සභාවේ දී සාකච්ඡා නොකළ බවත් හෙතෙම සඳහන් කළේය.
මධ්‍යම කාරක සභාවේ දී සාකච්ඡා කරනු ලැබූ පක්ෂයේ ඉදිරිගාමී වැඩපිළිවෙල ඉදිරි මාස තුන ඇතුළත වේගයෙන් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු සුදානම් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.
මීට පෙර ද ශ්‍රීලනිපය ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන්න ගැන පැය දහයක සාකච්ඡාවක් සිදු කළ බවත් මාධ්‍යයට හෙළි නොකළ නමුත් එය පක්ෂය බොහෝ ඉදිරියට ගෙන යන සාකච්ඡාවක් වූ බවත් අමාත්‍යවරයා කීය.
මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කෘෂිකර්ම අමාත්‍යංශයේ අද (18) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.
එහි දී ජනාධිපති ඝාතන තැත පිළිබඳ සිද්ධිය ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම සිද්ධිය සුළුවෙන් තැකිය යුත්තක් නොවන බවයි.
2025 දෙසැම්බර් මස 18
308
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘15 කණ්ඩායමේ ඉල්ලීම වාර්තාවට එකතු කළා’