(අංජුල මහික වීරරත්න)
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක ඉඩම් හා පොලිස් බලතල හැරුණුකොට අනෙක් සියලුම බලතල පළාත් සභාවලට දියයුතු බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ස්ථාවරය වී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
තමන් පළාත් මහ ඇමතිවරයකු ලෙස කටයුතු කළේද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා යැයි කී අමාත්‍යවරයා දැනටමත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක බවද පැවසීය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක “ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස ලාභීන්ට සින්නක්කර ඔප්පු හා නිවාස ණය බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අද (1) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
තමා හැමදාම හිටියේ පරිපාලන බලතල පළාත් සභාවට දියයුතුය යන ස්ථාවරයේ බව කී අමාත්‍යවරයා කොළඹ සිට අධ්‍යාපන අමාත්‍ය ධූරයේ කටයුතු කරමින් උතුරු හා නැගෙනහිර පළාත්වල අධ්‍යාපන ගැටළුවලට විසඳුම් දෙන්න බැරි බව ද පැවසීය.
2025 දෙසැම්බර් මස 18
352
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1008
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
13 ගැන ආණ්ඩුවේ ස්ථාවරය කියයි
කිරිපුතා Friday, 01 September 2023 05:34 PM
බලතල නෙවෙයි පළාත් සභාම අවශ්‍ය නෑ. ඉන්දියාවෙන් කොටින් සතුටු කරලා රට බෙදන්න දීපූ ගුණ්ඩුවක් මේක. තව තවත් මහජන මුදල් හොකම් කරන හොරු ටිකක් බිහිවෙන එක තමයි වෙන්නේ..!
Bamunuarachchi Friday, 01 September 2023 06:46 PM
මොවුන් කන්න හිතුණාම කබරයා, තලගොයා කරගන්නවා. ඔබලාට ලෙහෙසියෙන් ඕක කරන්න හම්බ වෙන්නේ නෑ. ලේ වැගිරීමක් කරන්න වෙයි. දෙමළුන්ට රට පාවා දෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ...
සල්ලි Saturday, 02 September 2023 06:33 AM
අම්පාරටම වෙලා ඉන්න...