‘කැබිනට් රැස්වීම නොපැවැත්වීම ගැන ජනපතිගෙන් විමසනවා’ කැබිනට් රැස්වීම් නොපැවැත්වීම පිළිබඳව ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු විමසීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා කොළඹදී පැවසීය. 13 June 2019
මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප්‍රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද (13 ) මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් ජුනි 27 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය. 13 June 2019
කැබ්නට් රැස්වීම සුපුරුදු පරිදි ලබන සතියේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුපුරුදු ආකාරයට ලබන සතියේ සිට කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි පැවැත්වීමට මේ වන විට එකඟතාවය පළවී තිබේ. 13 June 2019
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දියුණු කිරීමට මෝදිගෙන් සහය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නංවාලීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට තමන් සූදානම් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. 13 June 2019
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව වෙතට යුරෝපා සංගමයේ අවධානය සාමය සහ සංහිඳියාව අනතුරේ හෙළමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන දේශපාලනික හා ආගමික බලපෑම් පිළිබඳව දැඩි අවධානය යොමුව ඇති බව යුරෝපා සංගමය පවසයි. 13 June 2019
පිහි ඇනුමකින් සරසවි සිසුවියක් රෝහලේ කැලණිය විශ්වවිද්‍යාලය අසළ දී තරුණයකු එල්ල කළ පිහි පහරකින් සරසවි සිසුවියක් තුවාල ලබා අද(13) උදෑසන උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි. 13 June 2019
වැඩබලන ඇමතිවරු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනියි මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍යාංශ තුනකට වැඩබලන ඇමැතිවරුන් තිදෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 12 June 2019
මොරටු පුරපති ඇතුළු පිරිස ආරම්භ කළ උපවාසය අවසන් වඩු මඩු තහනම් කරන බවත් අවුරුදු පහක කාලයක් ඇතුළත වෙනත් රැකියා සොයා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා කළ බව කියන ප්‍රකාශයකට විරෝධය පළකරමින් මොරටුවේ පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ වඩු කාර්මිකයෙක් ආරම්භ කළ උපවාසය අද (12) අවසන් කළහ. 12 June 2019
භික්ෂූන් වහන්සේලා රක්ෂණය 26 වැනිදා අරලියගහ මන්දිරයේදී භික්ෂූන් වහන්සේ රක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 26 වැනිදා සවස 3.00 ට කොළඹ අරලියගහ මන්දිරයේදී සිදුකිරීමට රජය පියවර ගෙන තිබේ. 12 June 2019
කොච්චිකඩේ දේවස්ථානය ප්රතිසංස්කරණයෙන් පසු දේව මෙහෙය කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන් පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානය දින පනහකට අඩු කාලයක් තුළ නාවික හමුදාවේ මැදිහත්වීමෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව සිද්ධස්ථානය නැවත අභිෂේක කිරීමේ දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්විණි. 12 June 2019
මඩකලපුව සරසවිය රජයට පවරාගැනීමේ ඇති හැකියාව බලන්නැයි අගමැති කියයි මඩකලපුව ප්‍රදේශයේ පිහිටුවා ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලය, විශ්ව විද්‍යාල පනතේ 70 (F) වගන්තිය යටතේ රජයට පවරා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ලිවේරා මහතා වෙත ලියා දන්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට අද (12) උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. 12 June 2019
ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක් පිටකොටුවේ රට අරාජික කරමින් මහජන ආරක්ෂාව බිල්ලට දෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු යැයි රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වු උද්ඝෝෂණයක් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි. 12 June 2019
‘ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගන්න සටන් කරනවා’ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළත් ඔහු විසින් මඩකලපුව ප්‍රදේශයේ ගොඩ නගා ඇති ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගැනීම වෙනුවෙන් ගෙන යන සටනේදී හිතවත්කම් පසෙක දමා කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය. 12 June 2019
ජපුර සරසවියේ සිසුන් පස්දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට පහරදුන් බව කියන එම විශ්වවිද්‍යාලයේම සිසුන් පස්දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටවූ බව උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංහ මහතා පැවැසීය. 12 June 2019
‘එච්අයිවී-සිපිලිස්‘ ශ්‍රී ලංකාවේදී මවගෙන් දරුවාට බෝවීම නවතී එච්.අයි.වී. සහ සිපිලිස් යන රෝග, මවගෙන් දරුවාට බෝවීම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම්කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 12 June 2019
ජනාධිපති හෙට ටජිකිස්ථානයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට(13) ටජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය. 12 June 2019
මාලදිවයිනේ ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකාවේ සංචාරයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ඇතුළු මුළු කැබිනට් මණ්ඩලයම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙති. 12 June 2019
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී මාධ්‍යයට දොර වැසෙයි පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප්‍රකාශ වෙද්දී ඒ අවස්ථා මාධ්‍යයට විවෘත නොකිරීමට එකඟතාවයක් ඇති කර ගෙන තිබේ. 12 June 2019
කංජිපානි ඉම්රාන් ඇතුළු 3ක් අධිකරණයට කොළඹ අපරාධ කොට්ඨාසය තුළ රැඳවුම් නියෝග මත රඳවා සිටින පාතාල සාමාජිකයකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අද(12) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කළේය. 12 June 2019
තඹ කම්හලේ සිද්ධියේ සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරයට මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඉන්සාෆ් අහමඩ්ට අයත්, අගුළු දා මුද්‍රා තබා තිබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ ඉබි යතුරු කඩා තඹ සොරකම් කළැයි කියන සිද්ධියට අදාළව සැකකරුවකු ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(12) නියෝග කළේය. 12 June 2019
බෝ අත්තක් කඩා වැටී පෙරපාසල් දරුවන් 15කට තුවාල නාරම්මල පහමුණේ ප්‍රදේශයේ පිහිටි ඉපැරැණි බෝධියක් අසළ අද(12) සිල් සමාදන්වීමේ නිරතව සිටි පෙර පාසලක දරුවන් පිරිසක් මතට බෝ අත්තක් කඩා වැටීමෙන් දරුවන් 15 දෙනෙකු තුවාල ලබා ඇත. 12 June 2019
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ජපානයේ අවධානය යොමු වී තිබෙන බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටොෂිකෝ අබේ මහත්මිය ප්‍රකාශ කළාය. 12 June 2019
‘ජාත්‍යන්තරයට වෙන්දේසියට දාපු රටක් බවට අද අපේ රට පත්වෙලා’ වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය හේතුවෙන් ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට අද අපේ රට පත්ව ඇතැයි ඇල්ලේ ගුණවංස හිමියෝ කොළඹ දී අද (12) පැවසූහ. 12 June 2019
බදියුදීන්ට-අසාද් සාලිට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි ගොනු කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමය ඇතුළු තවත් සංවිධාන දෙකක නියෝජිතයෝ අද කොළඹ කොටුව පොලිස් මූස්ථානයට පැමිණ සිටියහ. 12 June 2019
කොළඹ නගර සභාවට කෝටි තුනහමාරක ස්කෑනරයක් කොළඹ මහ නගර සභාවේ ආරක්ෂක අවශ්‍යතා මත කියමින් රුපියල් කෝටි 3 ½ ක් පමණ වටිනා ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ සුදානමක් පවතින බව වාර්තා වේ. 12 June 2019
අගමැති සිංගප්පූරු යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින සංචාරයක් සඳහා අද(12) දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය. 12 June 2019
සර්ප උකුස්සන් තිදෙනෙකු වනාන්තරයට මුදාහැරේ වයඹ වනජීවි සෞඛ්‍ය කළමණාකරණ ඒකකය භාරයේ සිටි සර්ප උකුස්සන් තිදෙනෙකු අද(12) දහවල් වනාන්තරයට මුදා හැරි බව වයඹ වනජීවි කලාපයේ පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පැවසිය. 12 June 2019
රංජන්ට එරෙහි පැමිණිල්ලට චෝදනා පත්‍රයක් දෙන්නැයි නීතිපතිට නියෝග අධිකරණයට අපහාස කළැයි සඳහන් කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දෙවැනි පැමිණිල්ලට අදාළව ඉදිරි මාසය ඇතුළත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නීතිපතිවරයාට නියෝග කරන ලදී. 12 June 2019
අල්ලස් නඩුවේ අධි චෝදනා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ හමුවට ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි ආචාර්ය ඉදිකැටිය හේවගේ කුසමුදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා වූ පියදාස දිසානායක යන මහත්වරුන් සම්බන්ධ අල්ලස් නඩුව ස්ථිර ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග කිරීමට අධිචෝදනා ගොනුකිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට නිර්දේශ ලබා දී තිබේ. 12 June 2019
එජාපය යැවූ නම් ජනපති ප්‍රතික්ෂේප කරයි කැබිනට් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල වැඩ බැලිමට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් යවන ලද ඇමැතිවරුන්ගේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්රතිකේෂප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 11 June 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026