බාලවයස්කරුවකු අපයෝජනය කළ අයෙක්ට ඇප වයස අවුරුදු හතක බාලවයස්කරුවකු අපයෝජනය කළැයි මසකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදාහරින ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියෝග කළාය. 23 July 2019
අල්ලස් ගත් පොලිස් කොස්තාපල්වරයෙක් රිමාන්ඩ් අස්ථානගතවූ විදුලි ජනක යන්ත්‍රයක් සොයා දීමට සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යැයි පවසා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් පනස් දහසක අල්ලස් ඉල්ලා ලබා ගත් බව කියන විල්ගමුව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයකු ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (23) නියෝග කළාය. 23 July 2019
අල්ලස් ගත් සැරයන් වසර 16 ක් හිරේට නීත්‍යනූකූල දඩුවමෙන් වළකාලීම සදහා කසිප්පු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 15,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කහවත්ත පොලිසියේ හිටපු පොලිස් සැරයන්වරයකුට වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා රුපියල් 20,000/-ක දඩයකටද ඔහු යටත් කළේය. 23 July 2019
හේමසිරි-පුජිත් ගැන ප්රතිශෝධන අයදුම්පතෙහි කරුණු සළකා බැලීම කල්යයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කොට ඇති ප්රතිශෝධන ඇයැදුම්පත සම්බන්ධයෙන් ලබන අගොස්තු පළමුවැනිදා කරුණු තහවුරු කරන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (23) නියම කළේය. 23 July 2019
‘රාජපක්ෂ කඳවුරේ කිසි කෙනෙක් ප්රතිසන්ධානය වී නැහැ‘ 2015 ට පෙර රාජපක්ෂ කඳවුරේ සිටි එක පුද්ගලයෙක්වත් නැවත ප්රතිසන්ධානය වී නොමැති බවත් මේ අය යළිත් බලයට පැමිණියහොත් රටටත් ජනතාවටත් අබ සරණයි යැයිද හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද ලැනරෝල් මහතා පැවැසීය. 23 July 2019
රේගු සේවා සංගමයෙන් මුදල් අමාත්‍යංශයට ලිපියක් රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන - අපනයන පාලන පනත ආදියෙහි පාලනයකින් තොරව නිදහසේ භාණ්ඩ ආනයනය හා අපනයන කිරිමට අවශ්‍ය නීතිමය පසුබිම ලබාදී ඇති ගැසට් පත්‍රය වහාම අවලංගු කරන ලෙස සමස්ත ලංකා රේගු සේවා සංගමය මුදල් අමාත්‍යංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. 23 July 2019
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෛද්‍ය සභාවට නියෝගයක් පිළිගත් විදේශීය විශ්ව විද්‍යාලයන්ගෙන් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් ලංකා වෛද්‍ය සභා පනතේ 16 වැනි වගන්තිය යටතේ පැවැත්වෙන කඩඉම් විභාගයෙන් සමත්වන්නේ නම් ඔවුන් දින 30 ඇතළත ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අද ( 23) නියෝග කරන ලදී. 23 July 2019
‘ශාසනයට එජාපය තරම් සේවය කළ පක්ෂයක් නෑ’ බෞද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේට එක්සත් ජාතික පක්ෂය තරම් සේවය කළ වෙනත් පක්ෂයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පැවසීය. 23 July 2019
‘රහස්‍යභාවය රැකෙන්නේ නම් බුද්ධි අංශ ප්‍රධානීන් ගෙන්වීමේ වරදක් නෑ’ රහස්‍යභාවය රැකෙන්නේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මාධ්‍යයට විවෘත නොකර බුද්ධි අංශ ප්‍රධානීන් ගෙන්වීමේ වරදක් නැතැයි හිටපු වන්නි ආඥාපති ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා අද (23) පැවසීය. 23 July 2019
පාස්කු විශේෂ කාරක සභාව ජනපති - කාදිනල්තුමන් හමුවට යයි පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාගෙන්ද කරුණු විමසීමට බලාපොරොත්තු වන බව එම කාරක සභාවේ සාමාජිකයෙක් “ලංකාදීප”යට ඊයේ පැවසීය. 23 July 2019
කින්නියා පුරාවිද්‍යා පරිශ්‍රයේ සංරක්ෂණ වැඩ තහනමක් ත්‍රිකුණාමලය කන්නියා උණුදිය ළිං පුරාවිද්‍යා පරිශ්‍රයේ චෛත්‍යයක් සංරක්ෂණය කිරීම හා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවතන ලෙස නියෝග කරමින් නැගෙනහිර පළාත් බද මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා අතුරු තහනම් නියෝගයක් ඊයේ (22) නිකුත් කළේය. 23 July 2019
කලගෙඩිහේනේ පහරදීමට සෙවූ ටියුෂන් ගුරු 29 තෙක් රිමාන්ඞ් කොළඹ--මහනුවර මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියැදුරකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අධිකරණයට බාරවූ පෞද්ගලික පන්ති පවත්වන ගණිත ගුරුවරයකු වන දිනේෂ් නුවන් අමරතුංග නමැත්තා ඇතුළු සිවුදෙනකු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය ඊයේ (22) නියෝග කළාය. 23 July 2019
මෙට්ට කන්ටේනර්වල සැබෑ හිමිකරු ඒ.ටී.එල් කලම්බු සමාගමයි ශ්‍රී ලංකාවට කසළ ආනයනය කළැයි එල්ල වන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව සීමා සහිත හේලීස් ෆ්‍රී සෝන් සමාගමේ (Hayleys Free Zone Limited - HFZ) අධ්යක්ෂ අසංක රත්නායක මහතා කොළඹදී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. 23 July 2019
ඕස්ට්‍රේලියාවට යන්න ගිය ලාංකිකයන් 20 ක් අද පිටුවහල් කෙරෙයි නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 20 දෙනකු ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් එරටට අයත් ක්‍රිස්මස් දූපත වෙත යවා තිබේ. 23 July 2019
‘ආවා‘ කල්ලියේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට යාපනය, මානිප්පායි, ඉනුවිල් ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධක රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන්ට පහර දුන් ආවා කල්ලියේ බවට සැක කෙරෙන තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 23 July 2019
මෝටාර් උණ්ඩ තොගයක් ළිඳකින් හමුවෙයි වව්නියාව, පුලියන්කුලම ප්‍රදේශයේ පාලු ළිඳක තිබී මෝටාර් උණ්ඩ තොගයක් සොයා ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි. 23 July 2019
සී.අයි.ඒ. ඔත්තුකරුවන් 17 කට මරණ දඬුවම ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි ආයතනය හෙවත් සී.අයි.ඒ. සංවිධානයට සේවය කරන ඔත්තුකරුවන් 17 දෙනකු අල්ලාගත් බවත් ඉන් පිරිසකට මරණ දඬුවම නියම කර ඇති බවත් ඉරාන මාධ්‍ය අද (22) වාර්තා කළේය. 22 July 2019
ජනමාධ්‍යවේදීන් සඳහා අරමුදලක් ප්රජාතන්ත්රවාදී ශ්‍රී ලංකාවක් සඳහා මාධ්‍ය සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා හදිසි අරමුදලක් ආරම්භ කිරීම කොළඹ මූවන්පික් හෝටලයේදී අද (22) සිදු කෙරුණි. 22 July 2019
මීගමුව පිටිපන වෙරළ තීරයේ දරුණු වෙරළ ඛාදනයක් මීගමුව පිටිපන වෙරළ තීරයේ මෝරවල ප්‍රදේශයේ මුහුදු වෙරළ දරුණු ලෙස ඛාදනය වීම හේතුවෙන් වෙරළ තීරයේ නිවාස පහක තාප්ප මුහුදට බිලිවී තිබේ. 22 July 2019
චෝදනා කරන්නේ දේශපාලන න්‍යාය පත්‍ර ඇති අයයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ගතයුතු සියලූ පියවර ගෙන තිබියදීත් පිටකොන්දක් නැති බව කියා තමාට චෝදනා කරන්නේ දේශපාලන න්‍යාය පත්‍ර අතේ තබාගත් අයයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 22 July 2019
එජාප ජනපති අපේක්ෂකයා ගැන තීරණය පුළුල් සන්ධානයක් පිහිටවීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව තීරණය ගැනීම සියලු පක්ෂ වලින් සමන්විතව පිහිටවන ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ වල එකඟතාවයෙන් ගැනීමට අද (22) රැස්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේය. 22 July 2019
දැව සංස්ථාවේ සභාපතිගේ - ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීයාගේ නඩුව විභාග කිරීම 9 වැනිදා සිට ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් කෝටි 5 1/2 ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 02 ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින ජනාධිපතිවරයාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාට එරෙහි නඩුව ලබන මස 09 වැනිදා සිට විභාග කිරීමට පළමුවැනි විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකර 22 July 2019
තැපැල් වර්ජනය අස්සේ කතරගම තැපැල් කාර්යාලය වැඩ රටපුරා සියලුම තැපැල් සේවකයින් අද (22) වැඩ වර්ජනයට එක්වී තිබුණද කතරගම තැපැල් කාර්යාලයේ සේවකයින් පමණක් සේවයේ නිරතව සිටින අයුරු දක්නට ලැබිණ. 22 July 2019
කුරුණෑගල මහේස්ත්‍රාත්ගේ කි‍්‍රයාකලාපය ගැන විමර්ශනයක් කරන්නැයි අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ප්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඩ් ෂාෆි මහතාගේ සිද්ධියට අදාළව කුරුණෑගල මහේස්ත්රාත්වරයාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 22 July 2019
සිවශක්ති ආනන්දන්ගෙන් දෙමළ සන්ධානයට කොන්දේසි ජනාධිපතිවරණයට පෙරාතුව දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දීමට මසක කාලයක් රජයට ලබාදෙන ගිවිසුමක් මෙරට සිටින සියලු රාජ්‍යතාන්ත්‍රිකයින් ඉදිරියේ අත්සන් කිරීමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කළයුතු යැයි එම සන්ධානයෙන් ඉවත්වී ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා පවසයි. 22 July 2019
මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීහු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වෙති මධ්‍යම පරිසර අධිකාරියේ සේවයේ නිරතව සිටින පරිසර නිලධාරීන්ගේ වැටුප් ගැටලුව විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (22) සිට ක්ෂේත්‍ර රාජකාරි කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව පරිසර නිලධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් පද්මසිරි රණවක මහතා පැවසීය. 22 July 2019
කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි නොකරන බවට අධිකරණයට පොරොන්දුවක් විල්පත්තුව රක්ෂිතය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිතයේ ගස් කපා වනාන්තර එළිපෙහෙළි කිරීමට ඉඩ නොදෙන බව වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) අභියාචනාධිකරණයට පොරොන්දු විය. 22 July 2019
පාස්කු දා ප්‍රහාරයට අත්අඩංගුවට ගත් අය ගැන වාර්තා ඉල්ලයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට කොපමණ සැකකරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන රඳවාගෙන විමර්ශනය කරන්නේ ද යන්න වහාම වාර්තා කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (22) දැනුම් දුන්නේය. 22 July 2019
කැළි කසළ යළි ගෙන්වූ රටටම යවන්න අතුරු නියෝගයක් ඉල්ලයි එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන කැළි කසළ යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙසද , ඉදිරියේදී කිසිදු විදෙස් රටකින් කැළි කසළ මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (22) රිට් පෙත්සමක් ගොනු කරන ලදී. 22 July 2019
පාසල් සිසුන්ට හෙට සිට දියර කිරි පැකැට්ටුවක් ‘කිරෙන් සපිරි දැයක්’ යන තේමාව යටතේ පාසල් සිසුන්ට දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී හෙට (23) ආරම්භ කිරීමට නියමිතය. 22 July 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026