පොලිස් ලොක්කන් 64 කට මාරුවීම් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත නියෝජ්‍ය පොලිස්පතිවරු දෙෙදනකුට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුට, පොලිස් අධිකාරීවරුන් දෙදනෙකුට, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනකුට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 24 දෙනකුට සහ සහ පොලිස් පරීක්ෂකවරු 33 දෙනකු සඳහා ස්ථානමාරුවීම් ලබා දී තිබේ. 15 September 2019
පිපිරීමෙන් තුවාල ලැබූ කාන්තාවන්ගේ තත්ත්වය බරපතලයි දෙමටගොඩ මහවිල පටුමඟ සමන්තවත්ත ප්‍රදේශයේ නිවසේ සිදුවූ පිපිරීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනාගේ තත්ත්වය බරපතල බව පොලිසිය පවසයි. 15 September 2019
රත්නපුරට-බලන්ගොඩට නාය යාමේ පූර්ව නිවේදන නිකුත් කරයි පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා රත්නපුර සහ බළන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක නායයාමේ අවදානම් කලාප ලෙස පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. 15 September 2019
යාපනය අන්තර්ජාතික සිනමා උළෙල දී ලංකාදීප විශේෂාංග කර්තෘට සම්මානයක් ‘යාපනය අන්තර්ජාතික සිනමා උළෙල’ 5 වැනි වරටත් පසුගියදා යාපනයේ දී පැවැත්විණි. 15 September 2019
ලංකාතිලක රජමහා විහාරයේ-විෂ්ණු දේවාලයේ රන්දෝලි පෙරහර ඓතිහාසික ලංකාතිලක රඡ මහා විහාරයේ සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසල මහ පෙරහරමංගල්යයේ දිය කැපීමේ චාරිත්‍රය අද උදෑසන සිදු කෙරිණි. 15 September 2019
‘සාකච්ඡා සාර්ථකයි’ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂ සමඟ කළ සාකච්ඡාව ඉතා සාර්ථක බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලංකාදීපයට පැවැසීය. 15 September 2019
කලාගම කලබලයකින් කලාවැව උද්‍යානය වසාදමයි ගල්කිරියාගම, කලාගම ප්‍රදේශයේ ගම්වාසින් පිරිසක් සහ කලාවැව උද්‍යානභාර නිලධාරීන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත උද්‍යානය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව උද්‍යාන භාරකාර ඩී. රාමසිංහ මහතා පැවසීය. 15 September 2019
පොලිසිය අකුරටම සාමය රකී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ආධාරකරුවන් පිරිසකට ‘හූ’ කියා අසභ්‍ය වචනයෙන් ජනාධිපතිට දොස් පැවරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලිසිය පවසයි. 15 September 2019
ඉඩම් ගැටලු සෙවීමට උතුරු ආණ්ඩුකාරවරයාගෙන් කමිටුවක් උතුරු පළාතේ යුද හමුදා කඳවුර ඇතුළු ආරක්ෂක අංශ සතුව පවතින පෞද්ගලික ඉඩම් නිශ්චිත වශයෙන් හඳුනාගැනීම සඳහා කමිටුවක් පත්කර, ඔවුන්ගෙන් පූර්ණ වාර්තාවක් ලබාගැනීමට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පියවර ගෙන ඇත. 15 September 2019
බීඩි කොල කිලෝ 1000 ක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් තිබූ බිඩි කොළ කිලෝ 1050 කට ආසන්න තොගයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ මාරවිල මුහුදුකටුව මුහුදු තිරයෙදී අද (15) පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 September 2019
දෙමටගොඩ නිවසක පිපිරීමක් දෙමටගොඩ මහවිල පාරේ නිවසක අද (15) උදෑසන සිදු වූ පිපිරීමකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 15 September 2019
එස්.ටී.එෆ්. එකෙන් වෙඩි කා වැලි ඡාවාරම්කරුවෙක් රෝහලේ යාපනය අරියාලෙයි නෙඩුංකුලම් ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ජාවාරමේ නිරත වූවන් පිරිසක් ගමන්ගත් ට්‍රැක්ටරයකට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කළ වෙඩි තැබීමකින් එක් අයෙකු තුවාල ලබා රෝහලගත කළ බවට යාපනය පොලීසිය පවසයි. 15 September 2019
ස්වර්ණ පුස්තක සම්මානය ‘අදිසි නදිය‘ට 2018 වසරේ ප්‍රකාශිත ප්රශස්ත නවකතාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය ‘ස්වර්ණ පුස්තක සම්මානය 2019‘ සම්මාන ප්රදානෝත්සවය හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්අද (14) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. 14 September 2019
ශ්‍රීලනිපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5කගේ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්කළ මන්ත්‍රිවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින දෙක, තුනකදී තහනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි හ්රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පැවසීය. 14 September 2019
ව්‍යාජ ටිකට්පත් අලෙවිකළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ‘සිඟිති දැරියකගේ ජිවිතය බේරා ගනිමු‘ යනුවෙන් ව්‍යජ ලෙස මුද්‍රණය කල ටිකටිපත් බලහත්කාරයෙන් ජනතාවට අලෙවි කර මුදල් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු සැප්තැම්බර් (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් ඒ.එම්.එස්.මැණිකේ මහත්මිය අද (14) දා නියෝග කළාය. 14 September 2019
සෞදියේ ඉන්ධන කම්හල් 2ක් ගිනිගනී සෞදි අරාබියේ ඇබ්ක්වේක් සහ කුරේයිස් පළාත්වල පිහිටි ඉන්ධන කර්මාන්තශාලා දෙකක් ඩ්‍රෝන ප්‍රහාර එල්ලවීම හේතුවෙන් ගිනිගෙන ඇතැයි වාර්තා වේ. 14 September 2019
මැතිවරණ නීති ක්‍රියාත්මක කරන්න කොමිසමට බලය පැවරේ මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනිද්දා (15) සිට මැතිවරණ කොමිසමට බලය පැවරේ. 13 September 2019
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණය ගන්න භාණ්ඩාගාරයෙන් ණය සහන ලිපි නිකුත් කෙරේ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වසර 4 ක් තිස්සේ ආයෝජකයෙකු සොයමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රාජ්‍ය බැංකු දෙකකින් තවත් රුපියල් කෝටි 1528 ක් පමණ ණය පහසුකම් ලබා ගැනීමට හැකිවන සේ මහා භාණ්ඩාගාරයෙන් ණය සහන ලිපි නිකුත් කිරීමට රජය තීරණය කර ඇත. 13 September 2019
අජිත්.පී පෙරේරාගේ - සුජීවගේ සාමාජිකත්වය අත්හිටුවිය යුතු බවට තීරණය කරයි එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත්.පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවිය යුතු බවට එජාප විනය කමිටුව තීරණය කර ඇතැයි වාර්තාවේ. 13 September 2019
රජයේ විධායක නිලධාරීහු වැඩවර්ජනයකට සැරසෙති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකරමින් රජයේ විධායක නිලධාරීහු ලබන 18 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර සිටිති. 13 September 2019
එජාපයට කෙනෙහිලිකම් සිදු වූයේ ජනාධිපතිවරයා නිසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂක ලෙස යළිත් වරක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වුවහොත් සිරිසේන මහතා පරාජය කිරීම සඳහා කටයුතු කරන බව පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (13) පැවැසීය. 13 September 2019
සිවිල් සංවිධාන නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ඉල්ලයි දින වකවානු සඳහන් කරමින් නිශ්චිත කාළ සීමාවක් තුළදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවට වන ප්‍රබල ඉල්ලීමක් සිවිල් සංවිධාන විසින් එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙත ඉදිරිපත් කර තිබේ. 13 September 2019
ඇල්පිටිය ප්‍රා සභා බල ප්‍රදේශය සාමකාමීයි ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය මේ මොහොත වන තෙක් සාමකාමී හා විනයගරුක අයුරින් කටයුතු සිදුවන බව පැෆරල් සංවිධානය කියයි. 13 September 2019
‘‘හාමුදුරුවෝ මට්ටු කරන්නට ගිහියන්ට බාර දෙනවා නම් රටට ආණ්ඩුවක් අවශ්‍ය නෑ‘‘ හාමුදුරුවෝ මට්ටු කරන්නට ගිහියන්ට බාර දෙනවා නම් රටට ආණ්ඩුවක් නොතිබිය යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (13) වීරකැටිය කොන්දගල පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවසුවේය. 13 September 2019
‘‘සජිත් ජනපති අපේක්ෂකයා වීම කිසිඳු කුමන්ත්රණයකින් වැළැක්විය නොහැකියි‘‘ සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වීම කිසිදු කුමන්ත්රණයකින් වැළැක්විය නොහැකි බව අජිත් පී. පෙරේරා මහතා කොළඹදී අද (13) පැවැසීය. 13 September 2019
පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත්කළ කොමිසන් සභාවල වාර්තා ඉක්මනින් ප්‍රසිද්ධ කළ යුතුයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කොමිසන් සභා දෙකේ වාර්තා කඩිනමින් ප්‍රසිද්ධ කරන ලෙස තමන් අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 13 September 2019
හිටපු නියෝජ්‍ය ඇමතිගේ නියෝගය ක්‍රියාත්මක නොකළ නිලධාරීන් 5 කට ස්ථාන මාරු ඇල්පිටිය ප්‍රදේශයේ පාසල්වල විද්‍යාගාර විවෘත කිරීමේ උත්සව කිහිපයක් ඇතුළුව ගාලු දිස්ති‍්‍රක්කයේ පැවැත්වෙන උත්සව ආවරණය කරන මෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් නිලධාරින් පස් දෙනෙකු දුෂ්කර පළාත්වලට මාරු කළ බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරින් පස් දෙනෙක් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත. 13 September 2019
ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ඡා ලබන සතියෙන් අවසන් නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවත්වනු ලබන සාකච්ඡා ලබන සතිය වන විට අවසන් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේම අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 13 September 2019
මුන්නේශ්වරම් දේවාලයේ නිකිණි උලෙළෙහි දිය කැපීමේ මංගල්‍යය මුන්නේශ්වරන් ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ වාර්ෂික නිකිණි පූජා මහොත්සවයේ දිය කැපීමේ මංගල්‍යය දේවාලයේ ප්‍රධාන පූජක තිරුක්කල් බ්‍රහ්මචාරී එස්. පත්මනාභ පූජකවරයාගේ ප්‍රධානත්වයෙන් අද ( 13) පැවැත්විණි. 13 September 2019
කංජිපානිගේ පියා- සොහොයුරා ඇතුළු 6 දෙනා රිමාන්ඩ් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර දීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හය දෙනා සැප්තැම්බර් 25 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(13)නියෝග කළේය. 13 September 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026