උදරයේ තිබූ කිලෝ 19 ක ගෙඩියක් අක්කරේපත්තුව රෝහලේදී ශල්‍යකර්මයකින් ඉවතට අක්කරේපත්තුව මුලික රෝහලට ප්‍රථිකාර පැමිණි කාන්තාවගේ බඩේ තිබු කිලෝ 19.5 ගෙඩියක් සාර්ථකව ඉවත්කිරිමට අකරේපත්තුව මූලික රොහලේ වෛද්යවන් පිරිසක් සමත්ව තිබේ. 08 October 2019
චිත්රශිල්පී සොයිලිස් මෙන්ඩිස් වෙනුවෙන් මුද්දරයක් කැලණි විහාරයේ බිතු සිතුවම් ඇඳීමෙන් ලොව පුරා ජනාදරයට පත් චිත්‍ර ශිල්පියකු වූ සොයිලිස් මෙන්ඩිස් මහතා වෙනුවෙන් අද (08) තැපැල් මූලස්ථානයේදී මුද්දරයක් නිකුත් කෙරිණි. 08 October 2019
’විශාල ණය බරක් තිබියදීත් විශ්‍රාමිකයන්ගේ - රජයේ සේවකයන්ගේ අගය වැඩිකළා’ රටේ ආර්ථිකයේ විශාල ණය බරක් තිබියදීත් රාජ්‍ය සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ අගය වැඩිකිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය. 08 October 2019
පූජිත් - හේමසිරි ප්රතිශෝධන ඇයැදුමේ තීන්දුව හෙට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප්රතිශෝධන ඇයැදුම්පත සම්බන්ධ තීන්දුව හෙට (9) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ ප්‍රකාශ කිරීමට නියමිතය. 08 October 2019
චේ ගුවේරාගේ 52වැනි ගුණ සැමරුම යහලකැළේවත්තේදී විප්ලවීය කියුබානු නායකයෙකු වූ අර්නස්ට් චේ ගුවේරාගේ 52 වන ගුණානුස්මරණ උත්සවය කියුබානු තානාපතිනි ජුවානා එලීනා රාමෝස් රොඩිගේ්රස් මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්, අද(08) හොරණ මොරගහහේනහි පැවැත්විණි. 08 October 2019
ඇල්පිටියේ මැතිවරණ ප්රචාරක කටයුතු අදින් අවසන් ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ සියලුම ප්රචාරක කටයුතු අද (08) රාත්‍රි 12න්පසු අවසන් වන බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා පවසයි. 08 October 2019
අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කරන්නැයි ලංකාවේ ඉල්ලීම ගැන සළකාබලන බව සිංගප්පූරුව කියයි ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතීය යටතේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්රමුඛස්ථානයක් දී කටයුතු කරන බව සිංගප්පුරු නීතීපති දෙපාර්තමෙන්තුව ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 08 October 2019
ජනාධිපති අපේක්ෂකයන්ට විවෘත ආයාචනයක් ජනාධිපතිවරණයේ පූර්ව මැතිවරණ සමයේ දී තමන් එකී තනතුරට සුදුස්සෙකු බව ක්‍රියාකාරිත්වයෙන් ඔප්පු කරන ලෙස පැෆරල් සංවිධානය සියලූම අපේකෂකයින්ගෙන් ඉල්ලීමක් කරයි. 08 October 2019
සෙත්සිරිපාය අවට මාර්ගයන්හි රථවාහන තදබදයක් විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය අසළ දැඩි රථවාහන තද බදයක් පවතී. 08 October 2019
රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනා යළි රිමාන්ඩ් හිටපු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් ප්‍රේමලාල් ජයවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂක තාරක සෙනෙවිරත්න ලබන 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 08 October 2019
සන්ධ්‍යාවේ ගිගිරුම් සහිත වැසි වැඩිවෙයි දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 October 2019
උතුරුමැද පාසලක දරුවෝ පොල් අතු මඩුවල උගනිති අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කොට්ඨාසයේ හිඹුටුගොල්ලෑව විදුහලේ සිසුන්ට ඉගෙනුමට අවශ්‍ය මූලික භෞතික පහසුකම් සැලසීමට අධ්‍යාපන බලධාරීන් අපොහොසත්ව ඇතැයි දරුවන්ගේ මව්පියවරු පවසති. 08 October 2019
ආචාර්යවරු - අනධ්‍යයන සේවක ගැටලුවලට විසඳුම් ඉල්ලා සිසුහූ උද්ඝෝෂණයක අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ආයතනයේ ආචාර්යවරුන්ගේ සහ අනධ්‍යයන සේවකයන්ගේ ගැටලුවලට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් එහි සිසු සිසුවියන් එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (8) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි. 08 October 2019
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ගැන පැමිණිලි 103ක් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 103ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය පවසයි. 08 October 2019
පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නාවට කඩා වැටෙයි පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නා ඔයට කැඩී ගොස් ඇතැයි වාර්තා වේ. 08 October 2019
චීන ජාතිකයාගේ නේවාසිකාගාරයේ රහසිගත දැව සැකසුම් මධ්‍යස්ථානයක් ලග්ගල- කළුගඟ ජලාශ යෝජනා ක්රමයේ ඉදිකිරිම සමාගමක නේවාසිකාගාර කාමරයක් තුළ රහසිගතව යාන්ත්‍රික දැව සැකසුම් මධ්‍යස්ථානයක් පවත්වා ගෙනගිය චීන ජාතිකයෙකුට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවීමට නාඋල මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා නියෝග කළේය. 08 October 2019
සැකකරු පැන ගියාට කොස්තාපල්ගේ සේවය අත්හිටුවයි පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරුවකු පැන යාම සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකුගේ සේවය අත්හිටුවා ඇතැයි තංගල්ල සහකාර පොලිස් අධිකාරී 1 සනත් අමරසිංහ මහතා පවසයි. 08 October 2019
බ්‍රිතාන්‍ය ගුවන් තොටේ දී ලාංකිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සැක කළ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනකු ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇත. 08 October 2019
අදත් දුම්රිය ප්‍රමාදයි දින 12 ක් පුරා පැවති දුම්රිය වර්ජනය අවසන් වුවත් අද (8) දුම්රිය ධාවනය ප්‍රමාදවීම හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවයට පත්වූහ. 08 October 2019
විශ්ව විද්‍යාවල - ව්‍යාපාරික ආයතන අතර සබඳතාවක් නිර්මාණය කළ යුතුයි විශ්ව විද්‍යාවල පර්යේෂණ සංවර්ධන අංශ සහ ව්‍යාපාරික ආයතන අතර ශක්තිමත් සබඳතාවක් නිර්මාණය කළ යුතුව ඇතැයි නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද (7) පස්වරුවේ පැවැසීය. 07 October 2019
ගෝඨාභය නාරාහේන්පිට අභයාරාමයට ගොස් ආශිර්වාද ලබාගනී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට අද (7) නාමයෝජනා බාරදීමෙන් අනතුරුව නාරාහේන්පිට අභයාරාමයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය. 07 October 2019
කසළවලින් විදුලිය නිපදවීම ලංකාවේ කසළ ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි කසළවලින් විදුලිය නිපදවීම ලංකාවේ කසළ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් නොවන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා අද (07) පැවසීය. 07 October 2019
ශ්‍රී ලංකාව විස්සයි20 තරගාවලිය ජයගනී පාකිස්තානයට එරෙහිව ලාහෝරිහි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (07) පැවති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 35 ජයක් ලැබූ ශ්‍රී ලංකාව තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය 2–0 ලෙස ජයගැනීමට සමත්විය. 07 October 2019
අරුවක්කාලු කසළ අංගනයේ පිපිරීමක් අරුවක්කාලු කසළ අංගනයේ අද (07) රාත්‍රීයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වෙයි. 07 October 2019
ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ 30 වැනි සැමරුම ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ (ලර්න්) හි 30 වැනි සැමරුම වෙනුවෙන් විශේෂ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අද (7) පස්වරුවේ පැවැත්විණි. 07 October 2019
අරුවක්කාලු කසළ රඳවනයේ ඇතිවූ දුර්ගන්ධය පාලනය කෙරේ හදිසියේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අරුවක්කාලු කසළ රඳවනයේ කසල තැන්පත් කිරීම නිසි පරිදි සිදුකළ නොහැකි වීමෙන් දුර්ගන්ධයක් ඇති වූවත් මේ වන විට එය යථා තත්ත්වයට පත්කර ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා අද (07) පැවසීය. 07 October 2019
නාමයෝජනා බාර නොදුන් අයගේ ඇප මුදල් නැවත ලබාදෙනවා ජනාධිපතිවරණයට තරග කිරීමේ අරමුණින් මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත්කර එහෙත් නාමයෝජනා පත්‍ර බාර නොදුන් සහ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අපේක්ෂකයින්ගේ එම ඇප මුදල් මැතිවරණයෙන් පසුව නැවත ඔවුන්ට ගෙවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 07 October 2019
බැටි වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි හිටපු අමාත්‍යවරයෙකු සහ ලංකා සම සමාජ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් අධි නීතිඥ බැටි වීරකෝන් මහතා අද (07) අභාවප්‍රාප්ත විය. 07 October 2019
පොහොට්ටුවේ ආධාරකරුවන්ගෙන් හිරුණිකාට හිරිහැර මැතිවරණ මහලේකම් කාර්යාලය අසලදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් අශෝභන ලෙස හිරිහැර කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. 07 October 2019
සජිත් සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ගෝඨාභයට ඇරයුමක් ප්‍රතිපත්ති සහ රටේ අනාගතය පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද(07) පැවැසීය. 07 October 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026