ද්විත්ව කැබ් රථවලට අය කළ සුඛෝපභෝගී බද්ද නොවැ 1 සිට ඉවතට ද්විත්ව කැබ් රථ(ඩබල් කැබ්) සඳහා මෙතෙක් අය කළ සුඛෝපභෝගී බද්ද නොවැම්බර් 01 වැනි දින සිට ඉවත්කරන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 29 October 2019
කාණ්ඩ 7ක වාහන ලියාපදිංචිකිරීමේ සේවාව තාවකාලිකව අත්හිටුවයි වාහන කාණ්ඩ 7කට අයත් මෝටර් කාර් රථ, ද්විත්ව කාර්ය වාහන, සියලු ලොරි රථ සහ ආසන 30ට අඩු, මගී ප්‍රවාහන බස් රථ ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 29 October 2019
හිස්බුල්ලා ‘අපේ සිහිනය’ එළිදක්වයි මුස්ලිම් ජනතාවගේ ජන ප්‍රතිශතයට අනුව ඉඩම් ලබාදීමට ඉඩම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු හැටියට තරඟ කරන ආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනයෙහි සඳහන් වේ. 29 October 2019
වනාතවිල්ලුව ලැක්ටෝවත්ත නිවස රස පරීක්ෂකගේ පරීක්ෂාවට වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිවසක් තුළ කිසියම් පිරිසක් කළ රහසිගතව කැණිමක් සම්බන්ධව රජයේ රස පරික්ෂකවරයාගේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ පරීක්ෂණයක් අද (29) දින අරඹා තිබුණි. 29 October 2019
රජයේ වෛද්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්නැයි ඉල්ලීමක් ජනාධිපතිවරණයේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්නැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය(CMEV) ලිපියක් යොමුකරමින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. 29 October 2019
ගෑස් ගෙන එන නැව් ප්‍රමාදයි දිවයිනපුරා ඇති වී තිබෙන ගෑස් හිඟය තව දින කිහිපයකින් අවසන් වන බව ලිට්රෝ ගෑස් සමාගමේ ප්රකාශිකාවක් පැවසුවාය. 29 October 2019
‘දෙනුවර මැණිකේ‘ පළමු වැනිදා සිට ගමන් අරඹයි ‘දෙනුවර මැණිකේ‘ නමින් නව සුඛෝපභෝගී දුම්රියක් ලබන 01 වැනිදා සිට කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. 29 October 2019
‘රටේ වර්තමාන තත්ත්වය ගැන ගෝඨාභය බොරු කියනවා‘ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ වත්මන් තත්වය පිළිබද අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවත් පිටරටින් ලංකාවට තේ ගෙන එන බවට සිදුකළ ප්‍රකාශයත් එවැනිම අසත්‍ය එකක් බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවැසීය. 29 October 2019
මරණ දඬුවම වළක්වාලීමේ අතුරු නියෝගය දීර්ඝ කරයි මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක්‍රියාත්මකවීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන 10 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 29) තීන්දු කළේය. 29 October 2019
නිල්වලා ගඟ පිටාර මට්ටමේ නිල්වලා ගඟේ ජල මට්ටම අද(29) පිටාර මට්ටමට පැමිණ තිබූ අතර පහත් බිම් ජලයෙන් යටවෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 29 October 2019
ගාල්ලේ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දේශපාලන ඉල්ලීම් අත්හිටුවයි ගාල්ලේ පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා ලෙසට දේශපාලනඥයින් කරන නියෝග වහාම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන බලධාරීන්ට අද (29)දැනුම් දුන්නේය. 29 October 2019
බදුල්ල-පස්සර: පස්සර-නමුණුකුල මාර්ග නායයයි බදුල්ල-පස්සර මාර්ගය සහ පස්සර-නමුණුකුල මාර්ගයට අද(29) පස්කඳු කඩාවැටී අවහිර වී තිබිණි. 29 October 2019
දයා ගමගේට එරෙහිව මැතිවරණ පැමිණිල්ලක් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතාට එරෙහිව මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවරණ පැමිණිලි ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 29 October 2019
හම්බන්තොට ජලයෙන් යටවේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග, නිවාස සහ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. 29 October 2019
තමිල්නාඩුවේ ළිඳකට වැටුණු දරුවා මියයයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිඳකට වැටුණු දෙහැවිරිදි දරුවා මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 29 October 2019
පළාත් සභාවලින් කළ ව්‍යාපෘතිවලට භාණ්ඩාගාරයෙන් මෙතෙක් මුදල් ලබාදී නෑ පළාත් සභාවලින් ඉකුත් කාල සීමාව තුළ සිදුකරන ලද විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 650 ක පමණ මුදලක් මහාභාණ්ඩාගාරයෙන් මෙතෙක් නොගෙවීම නිසා පළාත් සභා දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තාවේ. 28 October 2019
සදාම් හුසේන්ගේ ගෝලයෙක් අයිඑස්අයිඑස් නායකයා ලෙස පත්වෙයි ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ හමුදාවේ හිටපු නිලධාරියකු අයි.එස්.අයි.එස්. සංවිධානයේ නව නායකයා ලෙස පත්වී ඇතැයි වාර්තා වේ. 28 October 2019
ළිඳේ සිරවුණු දරුවා මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ නඩුකට්ටුපට්ටි පළාතේ ත්‍රිචි ප්‍රදේශයේ ළිඳක කුහරයකට වැටී සිරවී සිටින දෙහැවිරිදි සුජිත් විල්සන් නමැති දරුවා බේරා ගැනීමේ මෙහෙයුම් අද (28) දිනය මුළුල්ලේ ද ක්‍රියාත්මක වූ අතර ඊට වර්ෂාවෙන් ද බාධා එල්ල විය. 28 October 2019
වෛද්‍ය පාදෙනිය ගැන මැතිවරණ කොමිසම පරීක්ෂණයක් ඉල්ලයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීමකට සහභාගී වී සිටි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි මැතිවරණ කොමිසම සෞඛ්‍ය ලේකම්වරියට දැනුම් දී තිබේ. 28 October 2019
ජනපතිවරණයේදී සමාජ මාධ්‍ය නිරීක්ෂණයට ක්‍රම රැසක් ක්‍රියාත්මක කරනවා ජනාධිපතිවරණය සමයේදී සමාජ මාධ්‍ය නිරීක්ෂණය සඳහා ක්‍රමවේද රැසක් භාවිත කරන බවත් සිදුවීම් එකින් එක නිරීක්ෂණය කරන අතර යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී දිමිත්‍රා යුවානෝ මහත්මිය ‘ලංකාදීපය’ට පැවැසුවාය. 28 October 2019
සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්රකාශනය මහනුවරදී එළිදක්වයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය මෙම මස 31 වැනිදින මහනුවරදී එළිදක්වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 28 October 2019
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා - දුම්රිය වාණිජ්‍ය අධිකාරීවරයා නිදහස් දුම්රිය දෙපාර්තමෙන්තුවේ ස්ථාවර හා ජංගම භෝජනාගාරය ගිවිසුමකින් තොරව පුද්ගලයකුට පවත්වාගෙන යෑමට ඉඩ ලබා දුන් බවට චෝදනා ලැබ සිටි හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහ හිටපු දුම්රිය වානිජ්‍ය අධිකාරීවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් නිදහස් කරන ලදී. 28 October 2019
‘සාධාරණ - ප්‍රායෝගික ආර්ථික ක්‍රමවේදයක් මත කටයුතු කරනවා’ සාධාරණ, ප්‍රායෝගික, ජනතාවට සෙත සැලසෙන රට ඉදිරියට ගෙන යෑමට හැකි ආර්ථික ක්‍රමවේදයක් මත කටයුතු කරන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. 28 October 2019
ඡන්ද පත්‍රිකා ගබඩා කර ඇති තැපැල් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව ඉල්ලයි ජනාධිපතිවරණයට අදාල ඡන්ද පත්‍රිකා ගබඩා කර ඇති තැපැල් කාර්යාලවලට මැතිවරණය අවසන් වන තෙක් පොලිස් ආරක්ෂාව සපයන ලෙසට මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 28 October 2019
ජනාධිපති වී මාස තුනක් ඇතුළත තරුණ ප්‍රතිපත්තිය නීතිගත කරනවා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් ඉදිරිපත් කළ තරුණ ප්‍රතිපත්තිය තමන් ජනාධිපති පදවියට පත්වී පළමු මාස තුන ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කරන බව එම පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප්‍රකාශ කළේය. 28 October 2019
පැෆරල් සංවිධානය සමෘද්ධි අධ්‍යක්ෂකට එරෙහිව නඩු පවරන්න යයි මැතිවරණ නීති උල්ලංඝණය කිරීම, රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම සහ අලුතින් සමෘද්ධි සහනාධාර කාඩ්පත් බෙදාදීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් (පැෆරල්)සංවිධානය කියයි. 28 October 2019
‘යුද්ධයෙන් පසු ලොව හොඳම පුනරුත්තාපනය සිදුකළේ රාජපක්ෂ රජයයි’ යුද්දෙන් පසුව ලෝකයේ හොඳම පුනරුත්තාපන වැඩසටහන රාජපක්ෂ රජය යටතේ කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා යපනයේදී අද (28) පැවැසීය. 28 October 2019
උතුරු නැගෙනහිර විහාරස්ථානවල පුරාවිද්‍යාත්මක කලාප ආරක්ෂා කරන්නැයි ඉල්ලා පෙත්සමක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි බෞද්ධ විහාරස්ථාන හා පුරාවිද්‍යාත්මක කලාප ආරක්ෂා කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතීඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (28) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය. 28 October 2019
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටුවක් අරී මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (28) පැවති වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් වනවිටත් විවෘත කර ඇත. 28 October 2019
‘කුඩු දිලීප’ රිමාන්ඩ් රිවෝල්වරයක් සන්තකයේ තබාගෙන සිටියදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් පාතාල කි‍්‍රයාකාරිකයකු වූ ‘‘කුඩු දිලීප’’ නැමැත්තා ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය. 28 October 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026