ඩෙංගු ප්‍රතිශක්තිකරණ එන්නත සාර්ථකයි ඩෙංගු උණ රෝගය සම්බන්ධයෙන්, ජපානය අත්හදාබලමින් තිබෙන ප්‍රතිශක්තිකරණ එන්නත සාර්ථක වී ඇතැයි එම විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන ජපානයේ ටකේඩා සමාගම සඳහන් කරයි. 10 November 2019
බස්නාහිර හිටපු මහ ඇමැතිගේ සැප රිය හම්බන්තොට වැඩ බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාට වෙන්කර ඇති රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් ජීප් රථය හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට දේශපාලන කටයුතු සඳහා ලබාදී ඇති බැවින් රාජ්‍ය දේපල අවභාවිතයට එරෙහිව නීතිය ක්රියාවේ යොදවන්නැයි ඉල්ලමින් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත. 10 November 2019
මහින්ද අමරවීර ශ්‍රීලනිප සභාපති තනතුරට ළංවෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්‍රාම ගිය පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වෙන්නේ මහින්ද අමරවීර මහතා බව බෙලිඅත්ත ආසනයේ ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායක ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා පැවසීය. 10 November 2019
ගාල්ල නගරය තටාකයක් වෙයි ගාල්ල සහ තදාසන්න ප්‍රදේශ වෙත අද(10) අලුයම සිට ඇදහැලුණ අධික වර්ෂාව සමඟ නගරයට පිවිසෙන මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ. 10 November 2019
‘රුපියල් කෝටි 566 ක් විශ්ව විද්‍යාල 15 ක බැංකු ගිණුම් වල‘ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් වෙන් කෙරෙන මුදලින් රුපියල් මිලියන 5,666 ක මුදලක් විශ්ව විද්‍යාල 15 ක් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් තොරව බැංකු ගිණුම් 794 ක පවත්වාගෙන ගොස් ඇති බව 2017 විගණන වාර්තා හරහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හෙළි කරගෙන ඇත. 10 November 2019
සන්නද්ධ හමුදා අනුස්මරණ දිනයේ පොපි මල් සැමරුම ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කළ 2019 සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි මල් සැමරුම කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පිහිටි යුද ස්මාරකය අසලදී අද (11) සිදුකෙරිණි . 10 November 2019
හම්බන්තොට හෙද හෙදියෝ සේවයට වාර්තා කරති සේවය අතහැර ගිය හම්බන්තොට මහ රෝහලේ සියලු හෙද හෙදියන් (10) උදෑසන සිට සේවයට වාර්තා කර ඇති බව හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය රවීන්ද්‍ර අබේසූරිය මහතා කීය. 10 November 2019
පාර්ලිමේන්තුවේ විශේෂ කැඳවීමක් හෙට පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් සඳහා හෙට (11) උදෑසන 11.30 ට සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන්නැයි කතානායක කරූ ජයසූරිය මහතා දැනුම් දී තිබේ. 10 November 2019
ෆේස්බුක් සාදයක් පැවැත්වූ 11ක් අත්අඩංගුවට බුත්තල, ගෝනගංආර ගලපිටගල ප්‍රදේශයේ හෝටලක ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටි තරුණයින් 11දෙනෙකු අද (10) අත්අඩංගුවට ගත් බව ඔක්කම්පිටිය පොලීසිය කියයි. 10 November 2019
මහවැස්සෙන් බෙලිඅත්ත යටවෙයි බෙලිඅත්ත ප්‍රදේශයට අද (09) පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් බෙලිඅත්ත නගරයේ වෙළෙඳසැල්, නිවාස සහ අතුරු මාර්ග රාශියක් ජලයෙන් යටවී තිබේ. 09 November 2019
‘බුල්බුල්‘ සුළි කුණාටුව හේතුවෙන් 100,000ක් ඉවත් කෙරෙයි බංග්ලාදේශයට ඇතුළු වීමට නියමිත ‘බුල්බුල්‘ සුළි කුණාටුව හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවල 100,000ක පමණ පිරිසක් වෙත ඉවත්වීමේ නියෝග නිකුත් කර තිබේ. 09 November 2019
බ්‍රිගේඩියර්වරුන් 8කට උසස්වීම් යුද හමුදා බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකු මේජර් ජනරාල් ධුරයට පත්කර තිබේ. 09 November 2019
අයෝධ්‍යාව හින්දූන්ට ලබාදිය යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දශක ගණනාවක් තිස්සේ හින්දු හා මුස්ලිම්වරුන් අයිතිය සම්බන්ධව ආරවුල් ඇතිකරගන්නා ලද අයෝධ්‍යාවේ ශුද්ධ භූමිය හින්දු භක්තිකයන්ට ලබාදියයුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) තීන්දු කළේය. 09 November 2019
ෆේස්බුක් සාදයකින් 30ක් අත්අඩංගුවට මුහුණු පොතෙන් හඳුනාගත් මිතුරු මිතුරියන්ගේ මත්ද්‍රව්‍ය සාදයක් වටලා එහි සිටි තරුණියන් 9 දෙනෙකු ඇතුළු 30 දෙනෙකු අත්අඩංගුවට ගත්බව මීගොඩ පොලීසිය පවසයි. 09 November 2019
හලාවත වෙරළ තීරය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් සහජීවනය සඳහා වන අන්තර් ආගමික සංචාරයක් අතරතුරදී ගාල්ල ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් අද (9) පෙරවරු කාලයේදී හලාවත වෙරළ තීරය පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන මෙහෙයක නිරතව සිටිනු දැක ගත හැකි විය. 09 November 2019
‘‘සංචාරක ක්ෂේත්රය නව මාවතකට රැගෙන යනවා‘‘ අලුත් රටවල් වලින් මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා ඩොලර් මිලියන 10 ක ආර්ථික සංවර්ධන ඉලක්ක ගත කරගෙන තිබෙන බවත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 08 November 2019
හිටපු ජනාධිපතිනිය සහභාගී වූ රැස්වීමක් අතරතුර උණුසුම් තත්ත්වයක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ පැවති රැස්වීමකට අද (08) සහභාගී වූ අතර ඒ අවස්ථාවේදී එහි රැඳීසිටි පිරිස් අරුවක්කාලු කසල අංගනය පිළිබඳ හිටපු ජනාධිපතිනියගෙන් විමසූ අවස්ථාවේ උණුසුම් තත්වයක් ඇතිවිය. 08 November 2019
විදුලි බල මණ්ඩලය දුප්පත්කම වැඩි කරනවා ලංකා විදුලි බල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රීලංකන් ගුවන් සේවය යන ආයතන මේ රටේ දුප්පත්කම වැඩි කරන ආයතන අතර ඉදිරියෙන්ම සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී අද (8) පැවසීය. 08 November 2019
ග්‍රාම නිලධාරීන්ගේ සංගමයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් නව ප්රජාතාන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකවරයාගේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සඳහා ග්‍රාම නිලධාරීවරයෙකුගේ චරිතය යොදා ගෙන නිර්මාණය කර ඇති දැන්වීමක් වහාම ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය අද (08) වැනිදා මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම සංගමයේ සභාපති කේ.ඩී.එස්.කොඩිකාර මහතා ප්‍රකාශ කරයි. 08 November 2019
‘‘එජාපයට ගොඩින් බැරි නිසා මඩ ව්‍යාපාරයක් පටන් අරන්‘‘ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ඉදිරි දින පහ හය තුළ මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඒවා මාධ්‍ය හරහා මුදා හැරීමට පියවර ගෙන ඇති බව දැන ගන්නට ලැබී ඇති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය. 08 November 2019
නිශ්ශංක සේනාධිපතිගේ ඇප අයැදුම ප්‍රතික්ෂේප වෙයි ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට ඇප ලබාදීම ත්රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (08) ප්‍රතික්ෂේප කළහ. 08 November 2019
‘‘එක්සත් ජාතික පක්ෂයේ කුණු ගොඩවල් තියෙනවා‘‘ එක්සත් ජාතික පක්ෂයේ කුණු ගොඩවල් තියෙන බවත්.කුඩු වෙළදාම , මත්ද්‍රව්‍ය වෙළදාමට ජනප්‍රිය දෙදෙනෙක් වේදිකාවට ගෙනත් දා ගත් බවත් වසන්ත සේනානායක මහතා පැවැසීය. 08 November 2019
ජනාධිපති අපේක්ෂකයෝ 6 දෙනෙක් සංවාදයක පැටලෙති ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හයදෙනකුගේ සහභාගීත්වයෙන් සංවාදයක් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී ඊයේ (7) පෙරවරුවේ පැවැත්විණි. 08 November 2019
ඥානසාර හිමි ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලීම කල්යයි අධිකරණ නියෝග නොතකමින් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරභූමියේදී ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහි පෙත්සම ලබන වසරේ පෙබරවාරී මස 17 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (08) තීරණය කළේය. 08 November 2019
‘‘රටේ තරුණ ප්‍රජාවට පිළිගත හැකි එකම අපේක්ෂකයා සජිත්‘‘ පක්ෂ භේදයකින් තොරව රටේ තරුණ ප්‍රජාවට පිළිගත හැකි එකම අපේක්ෂකයා බවට නව ප්රජාතාන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවැසීය. 08 November 2019
‘බුල්බුල්’ සුළි කුණාටුව චණ්ඩ වෙයි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘බුල්බුල්’ සුළි කුණාටුව ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 November 2019
වසන්ත සේනානායක පොහොට්ටුවට එකතු වෙයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක් විය. 08 November 2019
මාඳුළුවාවේ සෝභිත හිමිගේ ගුණ සැමරේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ සිව් වැනි ගුණ සැමරුම් උත්සවයක් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සෝභිත හිමියන්ගේ උපන් ගම වන පාදුක්ක මාදුළුවාවේ දී අද (08) පැවැත්විණි. 08 November 2019
ජනපතිවරණයට දිවයින පුරා ආපදා සහන සැලැස්මක් ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දිවයින පුරා ආපදා සහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 08 November 2019
‘එජාපය අසත්‍ය ප්‍රචාර පතුරවන්න අරන්’ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ඉදිරි දින පහ - හය තුළ අහේතුකව අසත්‍ය ප්‍රචාර පතුරවා ඒවා මාධ්‍ය හරහා මුදාහැරීමට පියවර ගෙන ඇතැයි දැන ගන්නට ලැබී ඇති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(08) කීය. 08 November 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026