ඉන්දියාව සංචාරක වීසා අත්හිටුවයි අප්‍රේල් 15 වැනිදා දක්වා සියලු සංචාරක වීසා අත්හිටුවීමට ඉන්දීය රජය අද(12) තීරණය කර තිබේ. 12 March 2020
‘අත්අඩංගුවට ගන්නා විදේශිකයන් රඳවාගන්න වෙනම සිර කුටියක්‘ විවිධ චෝදනා මත ගුවන්තොටුපොළෙන් හා වෙනත් ස්ථානවලින් අත්අඩංගුවට ගන්නා විදේශිකයින් මෙන්ම විදෙස්ගතව පැමිණෙන ශ්‍රී ලාංකිකයින් රඳවා තැබීම සඳහා සෑම රිමාන්ඩ් බන්ධනාගාරයකම විශේෂ සිර වාට්ටුවක් වෙන් කිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි. 12 March 2020
‘ප්ලාස්ටික් බෝතල් කපා ආහාර දීමේ ක්‍රමයක් හමුදාවේ නැහැ’ කුරිරු ත්රස්තවාදයට එරෙහි සටනේ දීත් අවතැන් වූ ජනතාවට පවා හැකි උපරිමයෙන් මානුෂියව සැලකූ බවත් නිරෝධායනයට යොමුකළ පිරිසට ප්ලාස්ටික් බෝතල් කපා ආහාර පාන ලබා දෙන ක්‍රමවේදයක් හමුදාව තුළ නොමැති බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 12 March 2020
සියලු පාසල් 26 තෙක් වහයි දිවයිනේ සියලුම රජයේ පාසල් මාර්තු මස 26 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීම රජය පියවර ගෙන තිබේ. 12 March 2020
චීනයේ කඩාවැටුණු නිරෝධායන ගොඩනැගිල්ලට යටවී 29ක් මරුට ඉකුත් සෙනසුරාදා දිනයේදී චීනයේ දකුණුදිග ප්‍රදේශයේ චුවැන්ෂෝ නගරයේ කඩාවැටුණු හෝටල් ගොඩනැගිල්ලට යටවීමෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. 12 March 2020
කල්පිටිය මුහුදේ ඩොල්පින් රැඟුම් පුත්තලම - කල්පිටිය අර්ධදීපයේ මුහුදු තීරයේ මේ දිනවල ඩොල්පින් මසුන්ගේ රැගුම් දැක බලා ගැනීමට හැකි බව සංචාරක මග පෙන්වන්නෝ පවසති. 12 March 2020
ස්වාධීන කණ්ඩායම් 86ක් ඇප තැන්පත් කරති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 86ක් මේ වනවිට ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 12 March 2020
නිරෝධායනය කටයුතුවලට නොමිලේ නිවාඩු නිකේතනයක් පරිත්‍යාග කරයි විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශී‍්‍ර ලාංකිකයින් නිරෝධායනයට හංවැල්ල ඉහළ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි කාමර 15 කින් සමන්විත තම නිවාඩු නිකේතනය නොමිලයේම ලබා දීමට හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන එච්.ඩී.ආර්. ප්‍රියන්ත මහතා කැමැත්ත පළ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 12 March 2020
රවීගේ පෙත්සමේ වැඩිදුර කරුණු තහවුරුකිරීම ඇරැඹෙයි හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනෙක් ගොනු කළ රිට් පෙත්සම් පහ සම්බන්ධයෙන් දෙවැනි දිනයටත් වැඩිදුර කරුණු තහවුරු කිරීම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ (11) දහවල් 11.45ට ආරම්භ විණි 12 March 2020
කොරෝනා යැයි සැක තවත් දෙන්නෙක් හලාවතින් කුරුණෑගල රෝහලට හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට අද ( 12 ) දහවල් පැමිණ සිටි යුවළකට කොරෝනා රෝග ලක්ෂණ යැයි ඇති වූ සැකයක් මත වැඩිදුර පරීක්ෂණ සදහා ඔවුන් කුරුණෑගල මහරෝහලට යැවීමට පියවර ගත් බව රෝහල් අධ්යක්ෂ කපිල මල්ලිමාරච්චි මහතා කීය. 12 March 2020
ගිහාන් පිලපිටිය ගොනු කළ පෙත්සම සලකා බැලීම කල් යයි තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වැඩබලන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ පෙත්සම සලකා බැලීම ලබන මැයි මස 4 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (12) තීන්දු කළේය. 12 March 2020
‘අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා ‘ කොරෝනා වෛරසය ආසාධනය වු පුද්ගලයින් ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් හමුවී ඇති බවට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අසාත්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙසට පොලිස් මුලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 12 March 2020
පාසල් අධ්‍යාපන චාරිකා අත්හිටුවයි සියලුම පාසල් වල අධ්‍යාපන චාරිකා අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී තිබේ. 12 March 2020
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ අයෙක්-තවත් අයෙක් අයි.ඩී.එච් රෝහලට නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් දෙදෙනෙක් පොළොන්නරුව මහ රෝහලෙන් අද (12) අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට රැගෙන යාමට පියවර ගෙන තිබේ. 12 March 2020
‘කොරෝනා රෝගියාගේ දරුවාටත් එය වැළඳී ඇතැයි පැතිර යන ප්‍රචාර අසත්‍යයි’ ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වයිරස ආසාදිත පුද්ගලයාගේ දරුවාට ද එම වයිරසය ආසාදනය වී ඇති බවට පැතිර යන ප්රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 12 March 2020
හබරණ සියලු සම්බාහන මධ්‍යස්ථාන තාවකාලික වසා දමන්න උපදෙස් ඇතිව තිබෙන හදිසි තත්ත්වය සළකා බලා හබරණ ප්‍රදේශයේ සියලුම සම්බාහන මධ්‍යස්ථාන තාවකාලිකව වසා දමන්නැයි එහි හිමිකරුවන්ට උපදෙස් ලබා දුන් බව දඹුල්ල පොලීසිය සඳහන් කළේය. 12 March 2020
වවුනියාවේ බස් අනතුරකින් 10 ක් රෝහලේ මැදවච්චිය , මන්නාරම මාර්ගයේ වවුනියාව නේරියකුලම ප්‍රදේශයේදී පෞද්ගලික බස්රථයක් හා ලංගම බස්රථයක් එකිනෙක ගැටී පුද්ගලයින් දස දෙනකු තුවාල ලබා අද (12) රෝහල් ගත කළ බව සෙට්ටිකුලම පොලිසිය කියයි. 12 March 2020
කොරෝනා අසාදිතයාට සේවය සැපයූ සම්බාහන මධ්‍යස්ථානයක තරුණයෙක් රෝහලට පළමු ශ්‍රී ලාංකික කොරෝනා වයිරසය අසාදිත පුද්ගලයාට සේවය සැපයූ හබරණ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තරුණයෙකු (30) හදිසියේ රෝගාතුර වීමෙන් හබරණ පොලීසියේ මැදිහත්වීමෙන් අද ( 12) අනුරාධපුර මහ රෝහලට ඇතුළු කර තිබේ. 12 March 2020
නිරෝධායනයට මඩකලපුවට ගුවන් මගීන් නොගෙනෙන්නැයි හර්තාල් මඩකලපුව විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධ්යාන මධ්‍යස්ථානයක් කිරීමට විරෝධය පළකරමින් මඩකලපුවේ අද(12) හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. 12 March 2020
ඇමෙරිකාවෙන් යුරෝපයට සංචාරක සීමා ‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් බ්‍රිතාන්‍යය හැර යුරෝපයේ සියලු රටවලින් පැමිණෙන කිසිවකුට රට තුළට ඇතුළුවීමට ඉඩ නොදෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. 12 March 2020
සෞදි අරාබියෙත් සංචාරක තහනම දිගු කරයි කොරෝනා වෛරසය හේතුවෙන් යුරෝපය, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 12 ක සංචාරය කිරිම තාවකාලිකව නතර කිරිමට සෞදි අරාබිය තීරණය කර ඇත. 12 March 2020
කුවේට් රාජ්‍යය මගී ගුවන් ගමන් අත්හිටුවයි කුවේට් රාජ්‍යයට එන සියලුම මගී ගුවන් ගමන් සිකුරාදා සිට අත්හිටුවීමට තීරණය කර තිබේ. 12 March 2020
නීතිපතිට පැවරී ඇති කාර්ය ගැන ප්‍රශ්න කරන්න ජනපති කොමිසමට බලයක් නෑ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නීතිපතිවරයාට පැවරී ඇති කාර්යභාරය ගැන ප්‍රශ්න කිරීමට දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසන් සභාවට කිසිඳු නෛතික බලයක් නැතැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා එම කොමිසමට ලිපියක් යවමින් දැනුම් දී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය. 12 March 2020
කොරෝනා වෛරසය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ රටවල් 110 කට වැඩි ප්‍රමාණයකට ව්‍යාප්ත වී තිබෙන කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (11) නිල වශයෙන් නිවේදනය කළේය. 11 March 2020
කොරෝනා වයිරසයෙන් බෙල්ජියමේ 3 ක් මරුට ගෝලීයව ව්‍යාප්ත වෙමින් තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයෙන් පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇතැයි බෙල්ජියම අද (11) පළමුවරට නිවේදනය කළේය. 11 March 2020
ගුවන් තොටුපළට පැමිණි පසු වීසා ලබාගැනීමේ පහසුකම අත්හිටුවයි විදේශිකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබූ ගුවන් තොටුපළට පැමිණි පසු වීසා ලබාගැනීමේ (ඔන් ඇරයිවල්) පහසුකම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර ඇත. 11 March 2020
අපි කියන විදිහට ඉන්න බැරිනම් ආපු රටවලටම යන්න ඉරානය , ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 622 ක් නීරෝධායන කටයුතු සදහා පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමු කර ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය. ඔවුන් එම ස්ථාන වෙත රැගෙන යෑම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සුඛෝපභෝගී බස් රථ 25 ක් සහ ඔවුන්ගේ ගමන් මලු ප්‍රවාහනයට තවත් වෑන් රථ 05 ක් පමණ ද යොදාගෙන තිබුණි . 11 March 2020
බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළට නව ආසාදිතයන් 83 දෙනෙකු වාර්තා වීමත් සමඟ බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 456 දක්වා ඉහළ ගොස් තිබේ. 11 March 2020
කුකුළු මස් මිල පහළට කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිලක් අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබේ. 11 March 2020
නේටෝ සංවිධානය යුද අභ්‍යාස නවත්වයි උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ සහ මිත්‍ර රටවල සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ යුද අභ්‍යාසය අවලංගු කළ බව නෝර්වේ රාජ්‍ය අද (11) ප්‍රකාශ කළේය. 11 March 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026