ශ්‍රි ලන්කන් ගුවන් සේවය ‘ගැන් දූපතට‘ ගමන් අරඹයි ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ ’ගැන් දූපත’ වෙත යළි ගුවන් ගමන් ආරම්භ කර තිබේ. 06 December 2021
අම්මයි දුවයි නිල්අඹ ඔයේ ගසාගෙන යති ගම්පොළ නිල්අඹ ඔයෙහි ඊයේ (5) සවස දිය නෑමට ගිය 5 දෙනකු දියේ ගසාගෙන ගොස් ඉන් දෙදෙනකු බේරාගත් බවත් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු අතුරුදන් වී ඇති බවත් පොලීසිය කියයි. 06 December 2021
’’කෙසෙල්වත්ත පවාස්’’ ඝාතනයට හතරක් මාට්ටු කොළඹ කෙසෙල්වත්තේ පරණ යොන් වීදියේ දී ඉකුත් 4 වැනි දින රාත්‍රියේ දී ’’කෙසෙල් වත්ත පවාස්’’ නැමැති පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිවුදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දූව මහතා පැවසීය 06 December 2021
මන්ත්‍රී නොහික්මුණු හැසිරිම් ගැන කතා කරන්න පක්ෂ නායකයෝ එක් වෙති මැතිසබයේදී සහ ඉන් පිටතදී පසුගිය දින කිහිපයේදී ඇතිවූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ ( පක්ෂ නායක රැස්වීම) විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද( 6) උදේ 8.30ට පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග වලින් පැවසේ . 06 December 2021
දරුවන්ට ඔන්ලයින් කරන්න ගෙට ලයිට් ගන්න දඟලන මවක් තම දරුවන් හතර දෙනාගේ අධ්‍යාපන හා ආරක්ෂාව වෙනුවෙන් කුඩා පැල්පතට වසර අටක් තිස්සේ විදුලිය ලබා ගැනීමට වෙරදරන මවක වැලිඔයෙන් අපට හමු විය. 06 December 2021
යුගදනවි ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙ කොටස් විකිණීමට අදාළව ඇමරිකාවේ නිව් ෆොට්රස් එනර්ජි සමාගම සමග අස්සන් කරන ලද ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට හෙට ඉදිරිපත් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි . 06 December 2021
‘‘දරුවන් වෙනුවෙන් ප්‍රියන්තට සාධාරණයක් කරන්න‘‘ මහත්තයා නිතරම අපිට කතා කරනවා. කිසිවිටෙක කරදරයක් හිරිහැරයක් ගැටලුවක් ගැන කිව්වේ නැහැ. ප්‍රවෘත්තිවලට කිව්වාම තමයි අහස පොළොව නුහුළන මේ අපරාධය අහන්න ලැබුනේ. ලංකාවේ ජනාධිපතිතුමන්ගෙනුත් පකිස්තානේ ජනාධිපති අගමැති තුමන්ලාගෙනුත් මම ඉල්ලන්නේ දරුවන් දෙදෙනා වෙනුවෙන් සාධාරණයක් කරන්න යැයි පකිස්ථානයේදී අන්තවාදීන් පිරිසක් පහරදී මරා පුලුස්සා දැමූ ශ්‍රී ලාංකික ඉංජිනේරු දියවඩනගේ දොන් ප්‍රියන්ත කුමාර (49) මහතාගේ බිරිය නිලූෂි දිසානායක මහත්මිය පැවසුවාය. 05 December 2021
ඔමික්‍රෝන් ගෙනා කත එන්නත් නැතිව රට ගියේ කොහොමද ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනයවූ කාන්තාව එන්නත් ලබා නොගෙන තිබියදීත් රටට ඇතුළු වූයේ කෙසේදැයි වහාම විමර්ශනයක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 05 December 2021
රනිල් ඉන්දියන් සාගර සමුළුව අමතයි කොරෝනා වෛරසයේ අඛණ්ඩ විකෘති වීම් හමුවේ සෞඛ්‍ය පද්ධති සහ රාජ්‍ය මූල්‍ය මත ඇති වන පීඩනය නිසා ඉදිරි වසරේ ආහාර හිඟයක් ඇති වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අබුඩාබියේ පැවති ඉන්දියන් සාගර සමුළුව අමතමින් අද (5)පැවසීය. 05 December 2021
මෝටාර් උණ්ඩය කපන්න ගොස් මරු තුරුළුට යයි කිලිනොච්චිය , පරන්තන් උමයාගපුරම් ප්‍රදේශයේ අබලි යකඩ එකතු කරන නිවසක මෝටාර් උණ්ඩයක් පුපුරායාමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව 15 හැවිරිදි දරුවකු තුවාල ලබා රෝහල්ගත කළ බව කිලිනොච්චිය පොලිසිය කියයි. 05 December 2021
කොරෝනා වයිරසයේ ගෝලීය තත්ත්වය ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 05 December 2021
පළමු වටයේ රෝගීහු 500 සීමාව පනිති කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 586 දෙනකු අද (5) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 05 December 2021
කොරෝනා මරණ අදත් 20 පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය. 05 December 2021
පාකිස්තාන සිද්ධියෙ සැකකරුවන් 6 හඳුනා ගැනෙති ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් හයදෙනකු හඳුනාගෙන ඇතැයි පන්ජාබ් පොලිසිය අද (5) ප්‍රකාශ කළේ ය. 05 December 2021
අනුරපුරයේ සංචාරක හෝටල් පහක් බැංකුවට සින්නවෙයි බැංකුවලින් ලබාගත් ණය මුදල් ගෙවාගත නොහැකි විම නිසා අනුරාධපුරයේ සංචාරක හෝටල් පහක් මේවන විටත් බැංකුවට සින්නවි ඇතැයි අනුරාධපුර සංචාරක හා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ ගුණසේකර මහතා පැවසිය. 05 December 2021
ඉන්දියාවෙන් කෝටි 38,000 ක ණයක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියවේ කළ සංචාරයේදී ඩොලර් මිලියන 1900 ක (රුපියල් කෝටි 38,000) පමණ සහනදායි ණයක් ලබාගැනීමට හැකි වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය. 05 December 2021
හිතුමතේට වියදම් කළ පළාත් ආයතන රැසක් විසුරුවයි අයවැය සම්මත කිරීමෙන් තොරව මුදල් වියදම් කර ඇතැයි පැවසෙන පළාත් පාලන ආයතන ගණනාවක් විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇත. 05 December 2021
සෞඛ්‍ය නීති කැඩූ නව යුවළට වැඩ වරදී සෞඛ්‍ය උපදෙස් නොතකා 1000 කට ආසන්න පිරිසක් කැදවා හබරාදුව දුවමලලගම ප්‍රදේශයේදි මංගල උත්සවයක් පැවැත්වූ මනාල යුවළක් අත්අඩංගුවට ගෙන බැදුම්කර ඇපයක් මත අද (5) මුදාහැරිය බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 05 December 2021
ගගන නාවික තොරතුරු සේවයට පාලකවරු හරහට හිටී ගුවන් සංතරණ අංශයේ අනු අංශයක් ලෙස ක්‍රියාත්මක වන ගගන නාවික තොරතුරු සේවය වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත කරන්නේ නම් ගුවන් ගමන් පාලකවරුන්ගේ බඳවා ගැනීමේ පටිපාටිය ද වෙනස් කරන ලෙස ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය ඉල්ලා සිටීමෙන් ගැටලුකාරී තත්වයක් නිර්මාණය වී තිබේ. 05 December 2021
ජපානයේ සිට උඩින්ම සිංහරාජයට ඇවිත් ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කිසිම දිනක දැක නැති සංචාරක පක්ෂියකු සිංහරාජය ආශ්රිත මෝනින් සයිඩ් ප්‍රදේශයෙන් වාර්තා වූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. 05 December 2021
මතුගම ඇළකට සායනික අපද්‍රව්‍ය ගෙනත් දමලා මතුගම බෝපිටිය නැගෙනහිර ශ්‍රී සාරානන්ද මාවතේ ඇළ මාර්ගයකට එන්නත් කුප්පි ,සිරින්ජර් ඇතුළු සායනික අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දමා ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති. 05 December 2021
ඔමික්‍රොන් කත ගැන දැනගත්තේ පැමිණ දින 9කට පසු ඔමික්‍රොන් වයිරසය වැළඳී ඇතැයි හෙළි වූ, නයිජීරියාවේ සංචාරය කර මෙරටට පැමිණ සිටින කාන්තාව ලුනාව නිරෝධායන මධ්‍යස්ථානයට යැව්වත් ඇය එහි රඳවාගෙන ඇත්තේ එක් දිනක් පමණක් යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි. 05 December 2021
ලක්ෂ 70 ක කේරළ ගංජා සමඟ අයෙක් අල්ලයි මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් රිජිෆෝම් පෙට්ටි වල අසුරා රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මිනුවන්ගොඩ යකහපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි 05 December 2021
ප්‍රියන්ත කුමාරගේ සිරුරේ අවශේෂ හෙට ලංකාවට පාකිස්තානයේ සියල්කොට්හිදී අමානුෂීය සහ මිලේච්ඡ අන්දමින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහයේ අවශේෂ ශ්‍රී ලංකා රජයේ වියදමින් හෙට (6) මෙරටට ගෙන්වන බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 05 December 2021
පාකිස්ථානයේදී ලාංකිකයාගේ ඝාතනයට 235 ක් අත්අඩංගුවට පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සාමාන්‍යධිකාරී ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතාට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (05) වන විට එහි ප්‍රධාන සැකකරු ෆර්හාන් ඉද්රීස් නම් පුද්ගලයා ඇතුළු 235 දෙනෙකු මේ වනවිට පකිස්ථානයේ සියල්කොට් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට තානාපති ආරංචි මාර්ග සදහන් කරයි. 05 December 2021
දරුවන් පස් දෙනා කැලේ දමා මව හොර මිනිහා එක්ක යයි වාරියපොළ අඹකඩවර ප්‍රදේශයේ පස්දරු මවක තම දරුවන් පස් දෙනා කැලෑවක අතරමං කර අනියම් සැමියකු සමග ගිය පුවතක් වාරියපොළ පොලිසියෙන් වාර්තා වෙයි. 05 December 2021
පකිස්ථානයේදී ලාංකිකයකු ඝාතනය කිරීම හෙළා දකිනවා පාකිස්ථානයේ දී සිදුවූ ශ්‍රීලාංකිකයාගේ කෘර ඝාතනය දැඩි සේ, හෙළා දකින බවත් මෙම අපරාධය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කොට වරදකරුවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පාකිස්ථාන බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. 05 December 2021
ඥානසාර හිමියන්ට කාන්තන්කුඩියේදී උණුසුම් පිළිගැනීමක් ශ්‍රී ලංකාව තුළ ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පත්කළ එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා කාන්තන්කුඩිය බද්රිය්යහ් ජුම්මා පල්ලියේදී ඊයේ (4) පැවැති විශේෂ වැඩසටහනේදී මුස්ලිම් ජනතාව එම කමිටුවේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උණුසුම් ලෙස පිළිගත්හ. 05 December 2021
ජනපති ඉන්දියානු සාගර සමුළුව අමතයි ‘කෙවිඩ්’ වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් කරගැනීම සඳහා කලාපයේ සියලුම දෙනා සහයෝගයෙන් එක්විය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 05 December 2021
කොටින්ට අයත් ගිනි අවි-පතුරොමි මුලතිව් කැලෑවකින් හමුවෙයි මුලතිව්, අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබූ එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කළ ටි 56 ගිනිඅවියක් , පතරොම් 116 ක් හ එම ගිනිඅවියට යොදන මැගසින් 4ක් සොයාගත් බව මුලතිව් පුදුකුඩිරිප්පු පොලිසිය පවසයි. 05 December 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026