විපක්ෂයේ මන්ත්‍රීවරු මැතිසබයෙන් පිටව යති විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පහරදීමට උත්සහ දරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගැබින් ඊයේ පස්වරුවේ පිටව ගියහ. 04 December 2021
මැතිසබයේ පහරදීමේ උත්සාහයක් සමගි ජන බලවේගය පක්ෂයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ විපක්ෂ නායක කාර්යාලය අසලදී අද දහවල් පහරදීමට උත්සාහ දරා ඇතැයි වාර්තා වේ. 04 December 2021
’’ඔමික්‍රෝන් ආසාදිත කත එන්නත් ගෙන නැහැ’’ මෙරටින් හමුවූ ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරසය ආසාදනයවූ ශ්‍රී ලාංකික කාන්තාව එන්නත්කරණයට ලක් නොවූ තැනැත්තියක බවට තොරතුරු අනාවරණයවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 04 December 2021
කර්මාන්ත - ආදාහනාගාරවලට ගෑස් නිකුත් කිරීමට අවසර කර්මාන්තවල අවශ්‍යතාවය සඳහා සහ ආදාහනාගාර භාවිතයට ගෑස් නිකුත් කිරීමට ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික සේවා කටයුතු අධිකාරිය අවසර ලබාදී තිබේ. 04 December 2021
අද සිට විදුලි කප්පාදුවක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (4) සිට දින හතරක් පමණ අවම වශයෙන් පැයක කාලයකට විදුලි සැපයීම අත්හිටුවීම සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය පවසයි. 04 December 2021
’’ජනමාධ්‍යවේදීන් සඳහා පඩිපාලක සභාව ශක්තිමත් කරනවා’’ ජනමාධ්‍යවේදීන් සඳහා වන පඩිපාලක සභාව ශක්තිමත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 04 December 2021
ලාංකික කළමණාකරුගේ ඝාතනයේ තොරතුරු එලියට පාකිස්තානයේ සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකික කර්මාන්ත ශාලා කළමනාතරු අමානුෂික ලෙස පහර දී පුළුස්සා දැමීම හේතු වී ඇත්තේ කර්මාන්ත ශාලාවේ ප්‍රදර්ශනය කර තිබු ආගම් සම්බන්ධයෙන් වන සටහනක් ඉවත් කිරීමට මෙම ශ්‍රී ලාංකිකයා කටයුතු කිරීම යැයි පකිස්ථාන ආංරංචි මාර්ග වලන් සදහන් වේ. 04 December 2021
ආණ්ඩු පක්ෂ, විපක්ෂ සංවාදයකින් මැතිසබය උණුසුම් වෙයි පෙරදින ඇති වූ සිද්ධියක් පදනම් කරගෙන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ දිගු සංවාදයක් හේතුවෙන් මැතිසබයේ උණුසුම්කාරී තත්වයක් අද(4) පෙරවරුවේ ඇතිවිය. 04 December 2021
විශ්‍රාම යාමේ වයස 55 න් ඉහළට ගෙනියන්න එපා රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 55 න් ඔබ්බට දීර්ඝ නොකරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. 04 December 2021
මන්ත්‍රීවරු රොත්තක් කාර්ය මණ්ඩල තනතුරු පවුල් අතරේම බෙදාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට හැත්තෑවක් පමණ සිය කාර්ය මණ්ඩලය සඳහා බිරිඳ ,දූ පුතුන් සහ පවුලේ කිට්ටුවන්ත ඥාතීන් පත් කරගෙන සිටිතියි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 04 December 2021
තෙල් බදු අඩුකරන්නැයි ඇමැති ඉල්ලයි තෙල් සංස්ථාව ආර්ථික දුෂ්කරතා මැද පවත්වාගෙන යන හෙයින් ඉන්ධන සඳහා අය කෙරෙන බදු මුදල් අඩුකර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය. 04 December 2021
හිටපු ඇමැති දෙකක් රජයේ ඉඩම් කොල්ල කාලා මීගමු ප්‍රදේශයේ හිටපු ඇමැතිවරයකු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අනුරාධපුර අක්කර 50 ක පමණ කැලෑ ඉඩමක් පොල්වත්තකට මාරු කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවැසීය. 04 December 2021
සිසුන් දෙදෙනා මුහුදට බිලි ඊච්චලන්පත්තු වාලෙයිතෝට්ටම් ප්‍රදේශයේ මුහුදේ දින නෑමට ගිය සිසුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි ඊච්චලන්පත්තු පොලිසිය කියයි. 04 December 2021
හොරොව්පොතානෙන් කොල්ල කෑ බසය ගල්ඔයෙන් අල්ලයි හොරොව්පොතාන අලුත්ඔය ප්‍රදේශයේ ඇඟළුම් සේවිවාකවන් ප්‍රවාහනය කළ බස් රථ්‍යක් රියදුරුද සමග පැහැරගෙන යමින් සිටියදී ගල්ඔය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව ගල්ඔය පොලිසිය කියයි. 04 December 2021
තැනින් තැනට අද රෑ තද වැසි පළාත් කිහිපයකට අද (4) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 December 2021
සරත් චන්ද්‍රසිරි දිවි රඟ මඩලින් බැසයයි ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (4) අලුයම අභාවප්‍රාප්ත විය. 04 December 2021
ගුවන්තොටේ කුලි වෑන් රියේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 23 පොටෑසියම් පර්ක්ලෝරයිඩ් නැමැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 25 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපළට ඇතුළුවීමට තැත් කළ ගුවන් තොටුපළ කුළී රථ රියැදුරකු සහ එම වෑන් රථය අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය කියයි. 04 December 2021
මන්ත්‍රීවරු දෙකක් මැතිසබයේ සෝපානයේ හිර වෙති පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් අක්‍රියවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු අද (3) පස්වරුවේ එහි විනාඩි විස්සකට ආසන්න කාලයක් සිරවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 03 December 2021
ඔරුව සමග කළුගඟේ ගිය හතරක් බේරා ගැනෙති හොරණ ගාල්පාත ප්‍රදේශයේ සිට කළුතර බොලොස්සගම ප්‍රදේශයට පිරිසක් එතෙර කරමින් තිබූ ඔරුවක් පස් දෙනකු සමග පෙරළී ඇති අතර ඉන් සිවු දෙනකු බේරාගත් බව පොලිසිය කියයි. 03 December 2021
ලාංකිකයාගේ ඝාතනය ගැන අගමැති ඉම්රාන් කනස්සල්ලෙන් පකිස්ථානයේ සියල්කොට්හීදී ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීම පාකිස්ථානයට ලැජ්ජාවක් බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (03) පැවසීය. 03 December 2021
චූන් පාන් වෙළෙන්දා දැරියක් අරන් මාරු වෙලා බාල වයස්කාර දැරිවියක් අපහරණය කළ බව කියන චූන් පාන් වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව එඩේරමුල්ල පොලිසිය කියයි. 03 December 2021
චීවරය කෙළෙසූ කුඩ්ඩා මාට්ටු ව්‍යාජ භික්ෂු හැදුනුම්පතක් සමග අයිස් සහ හෙරොයින් පානයට ඇබ්බැහි වූ සිවුරක් දරාගත් සැකකරුවකු සහ ඔහුට මත් ද්‍රව්‍ය මිල දී ගෙනවිත් දුන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව එඬේරමුල්ල පොලිසිය පවසයි. 03 December 2021
Vivya ගෝලීය වෙළදපොළට සම්ප්‍රදායික සහල් සාරයන්ගෙන් නිපදවන ලද Vivya සන්නාමය දකුණු ආසියානු වෙළෙඳපොළ ඇතුළුව ලොව අනෙකුත් රටවල් වෙත සිය නිෂ්පාදන හඳුන්වා දීමට සූදානමින් සිටී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක් වන, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි විශිෂ්ට නවෝත්පාදනයක් වන Vivya, ශ්‍රී ලංකේය වෙළඳපොළ තුළ විශිෂ්ට සම සුරැකුම් නිෂ්පාදන විසඳුමක් වී ඇත. 03 December 2021
පැල්වත්ත කිරි නිෂ්පාදන අඩුම මිලට පිරිනැමීමට සූදානම් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය රට තුළ ඉතිරි කරමින් කිරි නිෂ්පාදන රාශියක් පිරිනමන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමය වන පැල්වත්ත කිරි මෑතකාලීන වෙළෙඳපොළ මිල වෙනස් වීම හමුවේ වුවද සිය කර්මාන්තශාලාවලින් අඛණ්ඩව රටට අවශ්‍ය කිරි සැපයුම සහතික කර ඇතැයි එම සමාගම කියයි. 03 December 2021
අයිඩියල් ෆස්ට් වොයිස් GULF ලුබ්රිකන්ටින් ලංකාවට හඳුන්වා දෙයි මෙරට රථවාහන ක්ෂේත්රයේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් ෆස්ට් වොයිස් පෞද්ගලික සමාගම විසින් ජාත්‍යන්තරව පිළිගත් GULF ලුබ්රිකන්ටින් මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබීය. 03 December 2021
ටෝකියෝ සිමෙන්ති ටොන් මිලියන 1කින් ඉහළ නැවීමේ ව්‍යාපෘතියක් ටෝකියෝ සිමෙන්ති සමූහයේ නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 1 කින් ඉහළ ඉහළ නැංවීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීම පසුගියදා ත්‍රිකුණාමලයේ දී සිදුකෙරිණි. 2023 මුල් භාගය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති මෙම කර්මාන්තශාලාව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මගින් ටෝකියෝ සිමෙන්ති සමූහයේ සම්පූර්ණ ස්ථාපිත නිපැයුම් ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 4 දක්වා ඉහළ නංවනු ඇත. 03 December 2021
අද ආසාදිතයන් 725ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 217 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 03 December 2021
අංශභාගයෙන් මිදීමේ මඟ ලංකාවේ සිදුවන මරණවලට බලපාන හය වැනි ප්‍රධාන හේතුව ආඝාතය හෙවත් අංශභාගයයි. එමෙන්ම ආබාධිත වීමට හේතු වන පස්වැනි කරුණත් ආඝාතයයි. 03 December 2021
ජනපති ‘ඉන්දියානු සාගර සමුළුවට’ යයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන පස්වැනි ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පස්වරුවේ පිටත්ව ගියේය. 03 December 2021
පාකිස්තානයේදී ලාංකිකයකු මරා පුළුස්සයි පකිස්ථානයේ සියල්කෝට් නගරයේදී කර්මාන්ත ශාලාවක සේවකයින්ගේ පිරිසක් එහි කළමනාකරුවකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකුට පහර දී ඝාතනය කර පුළුස්සා මරා දමා ඇතැයි එරට එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වෙබ් අඩවිය අද (03) වාර්තා කළේය. 03 December 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026