නෙවිල් වන්නිආරච්චිට ඇප
උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ දේපළකට උරුමකම් කියමින් වත්කම් බැරකම් නිසිපරිදි ඉදිරිපත් නොකළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක,ශ්රී ලංකා යුධ හමුදාවේ විශ්රාමික ලුතිනන් කර්නල් වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි සැකකරු ඇප මත මුදාහැරීමටට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.