විපක්ෂ නායක රට බාර ගන්නවා නම් විශ්වාසභංගයට සහය දෙනවා විපක්ෂ නායකවරයා රට බාර ගන්නවා නම් විශ්වාසභංගයට අත් දෙකම උස්සා සහයෝගය ලබාදෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා(පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය. 05 May 2022
කපුටකු වීම ගැන ලැජ්ජා වෙනවා පාර්ලිමේන්තුවේ කපුටන් දෙසිය විසි පස් දෙනාගෙන් එක් කපුටකුවීම ගැන තමා ලජ්ජා වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 May 2022
පරිසර සංරක්ෂණයට පීපල්ස් ලීසිං පෙරට එයි පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, පරිසර සංරක්ෂණයේ හවුල්කරුවකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ කළමනාකාරීත්වයේ මගපෙන්වීම යටතේ ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන් දැනුවත්කිරීමේ මූලික පරමාර්ථයෙන් තෙත්බිම් උද්‍යානය තුළ පරිසරය දැනුවත් කිරීමේ පුවරු ස්ථාපනය කරන ලැබීය. 05 May 2022
අන්තරේ පාගමන කොළඹ දෙසට ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ලය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් ශ්‍රි ජයවර්ධනපුර සරසවියෙන් ආරම්ක කර ඇත. 05 May 2022
ගජමුතු විකුණන්න ගිහින් අමාරුවේ වැටෙයි රුපියල් කෝටි 10 ට අලෙවි කිරීමට සූදානමින් සිටි ගජමුතු 07 ක් සහ මුතු 06 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 05 May 2022
තේ අපනයනය පල්ලම් බහී රුසියානු-යුක්රේන ගැටුම සහ පොහොර තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයනය වසර 23 කින් වාර්තා කළ අඩුම මට්ටමට පහත වැටී ඇත. 05 May 2022
ජනතා හඬ තේරුම් නොගත්තොත් පාර්ලිමේන්තු විශ්වාසය නැති වේවි ජනතාවගේ හඬ තේරුම් නොගත්තොත් පාර්ලිමේන්තුවේ විශ්වසනීයත්වය නැතිවනු ඇතැයි සමගි ජන ජනබලවේගයේ පත් පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය. 05 May 2022
ආගමන විගමන ලොක්කෝ වී.අයි.පී. වැඩවලින් ඉවත් වෙති කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු ගුවන්තොටුපළවල ශ්‍රී ලාංකික ප්‍රභූන් සඳහා ප්‍රභූ පර්යන්තයන්හි ආගමන හා විගමන රාජකාරි කටයුතු (වී.අයි.පී) සහ විශේෂ සත්කාර මගින් සඳහා වන සේද මාවත (සී.අයි.පී) මගී නිෂ්කාශන කටයුතු හෙට (6) සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. 05 May 2022
පැය 3 ක විදුලි කප්පාදුව තවත් දින තුනක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා ක්‍රියාත්මක විදුලි කප්පාදුව හෙට (6) සිට 8 වැනිදා දක්වා තව දුරටත් පැය 3 යි මිනිත්තු 20 ක් ලෙස පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය. 05 May 2022
විපක්ෂය සටන පාවා දුන්නා විපක්ෂයේ එකමුතු බලවේගයක් නිර්මාණය කිරීම තම අරමුණ වුවත් විපක්ෂය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම තම බලවත් කණගාටුව පළකරන බව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 May 2022
යකඩ ප්රශ්නය අධිකරණයටත් යයි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ඉන්දීය ණය පහසුකමින් යකඩ ද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍යය වහා කරුණු පැහැදිලි කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 05 May 2022
හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි හදිසි පක්ෂ නායක රැස්වීමක් පස්වරු 1:30 ට කැඳවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. 05 May 2022
ඉතිහාස ගත ලෙස රුපියල බාල්දු වෙයි ශ්‍රී ලංකා මහ බැංකුව අද (05) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 356.83 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 369.99ක් විය. 05 May 2022
බස් ගැමුණුගෙන් රතු එළියක් බස් ධාවනයෙන් හෙට (6) දිනයේ ඉවත් වන බවත් ඩීසල් ප්රශ්නය හේතුවෙන් ඇතැම් විට තවත් කාලයක් ධාවනයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (5) පෙරවරුවේ පැවසීය. 05 May 2022
ලංගම බස් ධාවනය ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ සාමාන්‍ය පරිදි හෙට (6) දිනයේ ධාවනයේ යෙදවීමට සූදානමින් සිටින බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය. 05 May 2022
දුම්රිය ස්ථානාධිපතිවරු හර්තාලයට සහය දක්වයි රජයට විරෝධය දක්වමින් වෘත්තීය සමිති 2000 ක පමණ සහභාගිත්වයෙන් හෙට (6) පැවැත්වෙන හර්තාලයට සහයෝගය දක්වමින් හෙට දිනයේ සේවයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව තීරණය කළ බව එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 05 May 2022
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත්විය. 05 May 2022
නියෝජ්‍ය කතානායක ඡන්දෙට අටදෙනෙක් නෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අටදෙනෙක් නියෝජ්‍ය කතානායක තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැත. 05 May 2022
පාස්පෝට් කන්තෝරුවේ පරිගණක යාවත්කාලීන කරයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳ වැටීම අද (5) පස්වරු වන විට යථා තත්වයට පත්කළ හැකිවනු ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 05 May 2022
ඡන්ද විමසීම අවසන් නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පස්වරු 12:30 ට අවසන් විය. 05 May 2022
‘යකඩ කතාව ප්‍රබන්ධයක්‘ ඉන්දියාව අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 750ක් යකඩ ගෙන්වීමට වැය කර ඇතැයි ගෙන යන ප්‍රචාරය නිර්මාණය කළ ප්‍රබන්ධයක් බව මුදල් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 May 2022
නි.කතානායක තෝරන ඡන්දය කඩිනම් කරයි නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම වේගවත් කිරීම සඳහා තවත් අමතර ඡන්ද කුටියක් සභා ගැබේ ස්ථාපිත කරනු ලැබීය. 05 May 2022
අද-හෙට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග වහයි පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අද (5) සහ හෙට (6) යන දෙදින පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග සහ අතුරු මාර්ග වසා තැබෙන බව පොලිස් මූලස්ථානය පවසයි. 05 May 2022
‘ගුවන් යානා මිලදී ගන්න පෙර සමාගමේ අනාගතය ගැන තීරණයක් ගන්න‘ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අනාගතය ගැන තීරණය කරන්නට පෙර ගුවන්යානා මිලදී ගැනීමේ තේරුමක් නැතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 May 2022
සජිත්ගෙන් ආණ්ඩුපක්ෂයට ප්‍රශ්න පත්‍රයක් ඉන්දියාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලබා දුන් ණය මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 750 ක් යකඩ මිලදී ගැනීමට යොදවා ඇතැයි වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 May 2022
සජිත් ඡන්ද පත්‍රිකාව පෙන්නයි නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දය සලකුණු කිරීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද පත්‍රිකාව ඉහලට ඔසවා ප්‍රදර්ශනය කිරීම විශේෂ සිද්ධියක් විය. 05 May 2022
ශ්‍රී ලංකාවට ජනමාධ්‍ය නිදහස අහිවෙයිද? දේශ සීමා රහිත වාර්තාකරුවන්ගේ සංවිධානයේ, 2022 ජනමාධ්‍ය නිදහස පිළිබඳ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනූව ශ්‍රී ලංකාවට 146 වෙනි ස්ථානය හිමිව ඇත. 05 May 2022
ඉන්ධනවලට මිල සූත්‍රයක් විනිවිදභාවයෙන් යුතු මිල සූත්‍රයක් ලබන සතියේ දී කැබිනට් මණ්ඩලයට හඳුන්වා දීමට බලාපොරොත්තු වෙන බව බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 May 2022
ගුවන් යානා මිලදී ගැනීම මාස තුනකට කල් දමයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙි ගුවන් යානා මිලදී ගැනීම මාස තුනකට කල් දැමූ බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 05 May 2022
නියෝජ්‍ය කතානායක පත්කර ගැනීමේ ඡන්ද විමසීම ඇරඹෙයි නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම දැන් පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය. 05 May 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026