සරසවි සිසුවා මැරී වැටෙයි කහතුඩුව දියගම තාක්ෂණික ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටුණු සිසුවකු හෝමාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇතැයි හෝමාගම රෝහල් පොලීසිය පවසයි. 03 January 2023
පොලිස් අවි ගබඩාවේ අවිය උස්සා දඩයමේ ගිහින් තන්තිරිමලය පොලිසියේ රාජකාරි කරන පොලිස් නිලධාරියකු එම පොලිස් ස්ථානයේ අවි ගබඩාවෙන් හොරා ගෙන ලබාදුන් ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියක් රැගෙන දඩයමේ ගිය පුද්ගලයෙක් එම අවිය සමග විල්පත්තුව වනෝද්‍යානය තුළදී වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා පළවෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 03 January 2023
මෙරට මහ කුඩ්ඩෝ එතෙර කුඩ්ඩන්ට පොලු තියලා ඩුබායි ඉන්දියාව සහ ප්‍රංශය යන රටවලට පැන ගොස් එම රටවල සිට මෙරටට මත්ද්‍රව්‍ය තොග වශයෙන් ඉවීමේ නිරතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බහුතරයක් පකිස්ථානයේ සිටින ජාවාරම්කරුවන්ට රුපියල් කෝටි ගණනින් මුදල් ගෙවීම පැහැර හැර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඉහළ පෙළේ පොලිස්ආරංචිමාර්ග සඳහන් කරයි. 03 January 2023
බිරියගේ ගෙල කපා ඝාතනය කරලා තියුණු ආයුධයකින් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කර සැමියා පලාගොස් ඇතැයි තිනියාවල පොලිසිය පවසයි. 03 January 2023
තියුණු සටනකින් ඉන්දියාව ජය ලබයි ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මුම්බායිහිදී අද (3) රාත්‍රී පැවැති පළමු තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. 03 January 2023
ශානිගේ කාරයට කොස්තාපල් අතින් වෙඩි වැදිලා අපරාධ පරීක්ෂණ දෙපාර්තවේ අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කළ වැඩතහනමට ලක් වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ මොටර් රථයකට පොලිස් කොස්තාපල්වරයකු අතින් වෙඩි වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 02 January 2023
භූමිතෙල් සහ සුදු ඩීසල මිල පහළට භූමිතෙල් සහ ලංකා සුදු ඩීසල මිල ඊයේ (02) මධ්‍යම රාත්‍රීයේ සිට පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව තීරණය කළේය. 02 January 2023
මග නැගුම සභාපතිට පහර දුන් දෙදෙනෙක් මාට්ටු පෑලියගොඩ නව නුගේ පාරේ පිහිටි නැගුම ව්‍යාපෘති කාර්යාලයේ දී 2023 වසර ආරම්භය වෙනුවෙන් අද (2) පෙරවරුවේ පැවති උත්සවයක් අතරතුර එහි සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂකවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි 02 January 2023
පරණ පාඩු පියවන්න විදුලි බිල වැඩි කිරීම අසාධාරණයි විදුලිබල මණ්ඩලයේ පරණ පාඩු පියවා ගැනීමට විදුලි බිල යළි වැඩි කිරීමට රජය ගෙන ඇති තීන්දුව ජනතාවට සිදු කරන බරපතළ අසාධාරණයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ දී පැවසීය. 02 January 2023
හරි මතය හරියට ගෙනයාම මාධ්‍යයේ ප්රමුඛ කාරියයි සමාජීය හා දේශපාලනික වශයෙන් අතිශය අභියෝගාත්මක කාල පරිච්ඡේදයක රජයේ නිල ස්ථාවරය ජනතාව අතරට නිවැරදිව ගෙන යාම සහ රාජකාරිය කාර්යක්ෂමව ඉටු කිරීම රජයේ සේවකයින්ගේ ප්‍රමුඛතම කාර්යභාරය විය යුතු බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (02) ප්‍රකාශ කළේය. 02 January 2023
ඩෙංගු බියෙන් තොර නව වසරක් කාලෙන් කාලෙට හිස ඔසවන ලෙඩ රෝග අතර ඩෙංගු රෝගය විශේෂිතයි. 2022 වර්ෂයේ දෙසැම්බර් මස 26 වැනිදා වන විට අපේ රටේ ඩෙංගු බවට සැක කටයුතු රෝගීන් 75,434ක් සොයා ගෙන ඇත. 02 January 2023
බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය වෙළඳ පොළේ විශාල ලෙස මිල වැඩි වී ඇති බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අද (02) රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. 02 January 2023
ෂාෆ්ටර් ඝාතනයට ඩී.එන්.ඒ වාර්තා කැඳවයි ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනයට අදාළව එම අපරාධ ස්ථානයේ තිබූ නඩු භාණ්ඩ සහ රුධිර සම්පල් පරීක්ෂා කර ඩී එන් ඒ වාර්තා සහ රස පරික්ෂක වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (02) රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළාය. 02 January 2023
විදුලි බිල වැඩි කිරීමේ ගැසට්ටුව කැබිනට් මණ්ඩලයට විදුලි බිල යළිත් වරක් වැඩි කිරීමට අනුමැතිය ඉල්ලා විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කන්චන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. 02 January 2023
කොම්පඤ්ඤ වීදියටම නිකං කන්න දෙන කුස්සිය කොම්පඤ්ඤ වීදිය පොලිස් බල ප්‍රදේශයේ අඩු ආදායම් ලබන පවුල් 2500ක් සඳහා සහන සලසන ’’ප්‍රජා මුළුතැන්ගෙය’’ වැඩසටහන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ඇරඹිණි. 02 January 2023
දුම්රිය බලධාරීන් ගැටළුවට විසඳුම් දෙන්නෙ නෑ දුම්රිය ස්ථානාධිපතිවරු බඳවාගැනීමෙන් දුම්රිය අවලංගුවීම කිසිසේත්ම පාලනය කර නොහැකි බවත් දුම්රිය රියදුරු, නියාමක, කැබින්මන් ,පයින්ටුකරු සහ දුම්රිය කාර්ය සහයක යන තනතුරුවල පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවිය යුතු බවත් දුම්රිය වෘත්තිය සමිති පවසයි. 02 January 2023
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පෙත්සම් අත්සන් කරයි අනීතික හා අසාධාරණ විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හා බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව සංවිධානය කරන ලද 69 ලක්ෂයක් මහජන පෙත්සම් අත්සන් කිරීම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (02) පැවැත්විය. 02 January 2023
දං ගසකින් වැටී පිරිමි දරුවෙක් මරුට කඩවත රම්මුතුගල පිහිටා ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථනයේ රදවා සිටි වයස අවුරුදු 13 ක පිරිමි දරුවෙක් අඩි 20 ක පමණ උස දං ගසකින් ටැවී මියගොස් ඇති බව කඩවත පොලිසිය කියයි. 02 January 2023
විදුලිබිල වැඩිකළොත් උසාවි යනවා විදුලි ගාස්තු යළිත් වැඩිකිරීමට රජය ක්‍රියා කළහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (2) පැවසීය. 02 January 2023
’’බිත්තර 55ට විකුණන්න තොග බෙදා දුන්නා’’ රුපියල් 55 කට බිත්තර අළෙවි කිරීම සඳහා සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ තොග වෙළඳසැල් සඳහා බිත්තර තොග ලබා දී ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා පැවසීය. 02 January 2023
නොදැන කළ වැරදිවලට සමාව ඉල්ලයි බාලවයස්කරුවන්ව සිටියදී කරන ලද වැරදි හේතුවෙන් මරණ දඬුවම ලැබ මේ වන විටත් බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් ජනාධිපති සමාව මත නිදහස ලබා දෙන්නැයි නීතිඥ දර්ශන කුරුප්පු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට ඇත. 02 January 2023
ඇසට හුරු අඳුර තවත් දින 4ක් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට (3) සිට මේ මස 6 වැනිදා දක්වා දින හතරක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පස්වරුවේ පැවසීය. 02 January 2023
’’ෆේස්බුක්, වට්ස්ඇප්වල කාලෙ කෑවොත් පියවර ගන්නවා’’ රාජකාරි කටයුතු කරන අවස්ථාවේදී අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට ෆේස්බුක්, වට්ස් අප් වැනි සමාජ මාධ්‍යවල කාලය ගත කිරීමෙන් වලකින්නැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසීය. 02 January 2023
ශිෂ්‍ය නියෝජිතයන් දෙදෙනකු අත්අඩංගුවට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත් වු උද්ඝෝෂණයක් අතුරතුර පොදු දේපළ වලට පහර දී අලාභ හානි කළැයි කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ ශිෂ්‍ය සංගම් නියෝජිතයෙක් වන ඩිල්ශාන් විජේසිරි යන දෙදෙනා තලංගම පොලීසිය විසින් අද (2) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදි. 02 January 2023
පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි 2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි. 02 January 2023
උපාධිය හැදෑරීමට දුන් කෝටියක් වතුරේ රජයේ නිලධාරින් ඇතුළු 147 දෙනකුට පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලා හැදෑරීම සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය ලබා දුන් රුපියල් එක්කෝටි විසි හය ලක්ෂයකට වැඩි මුදලක් අයකර ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 02 January 2023
දුම්රිය ස්ථානාධිපතිවරු 50ක් පත්වීම් ලබති දුම්රිය ස්ථානාධිපතිවරු 44 ක් හෙට දිනයේ බඳවා ගන්නා බවත් ස්ථානාධිපතිවරු 50 ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා අද (2) පැවසීය. 02 January 2023
අත්‍යවශ්‍ය දුම්රිය නිලධාරීන් රඳවා ගන්න අත්‍යවශ්‍ය දුම්රිය සේවා නිලධාරීන් රඳවා ගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුම්රිය බලධාරීන්ට දැනුම් දී තිබේ. 02 January 2023
ව්‍යවස්ථා සභාවට බාලගිරි දෝෂය ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් සිවු දෙනෙකු පත් කිරීමේදී ඇතිවී තිබෙන ගැටලුකාරී සහ මතභේදාත්මක තත්වය හේතුවෙන් එම සභාව මෙන්ම ඒ සභාවෙන් කෙරෙන ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමද තවදුරටත් ප්‍රමාද වන ලකුණු පහළව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 02 January 2023
පුංචි ඡන්දෙදී නව සන්ධාන පිහිටුවන සාකච්ඡාවලට සජබ නෑ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී සියලු වාමාංශික හා ප්රගතිශීලී දේශපාලන බලවේග එක්කරගත් සන්ධානයකින් තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වන බව එම පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 02 January 2023
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026