ආණ්ඩු කිරීම විවේචනය තරම් සුන්දර නැති බව අනුරට තේරිලා ආණ්ඩු කිරීම විපක්ෂයේ සිට විවේචනය කරන තරම් සුන්දර නැති බව අනුර කුමාර ජනපති ඇතුළු කණ්ඩායමට දැන් වැටහී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය නායක නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්රික් කණ්ඩායම් නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 03 November 2024
ලොහාන් ජාතික රෝහලට නීති විරෝධී අයුරින් කොටස් එකලස් කරන ලද අති සුඛෝභෝගි මෝටර් රථයක් පරිහරණය කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි. 03 November 2024
ශ්රී ලංකාව අවසන් මහ තරගයට ශ්රී ලංකා පිල හොංකොං සය සාමාජික ක්රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය. 03 November 2024
බුලත්කොහුපිටියේ කන්දක් නාය යයි බුලත්කොහුපිට්ය ප්රදේශයට ඊයේ පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උඩපොත ඉහළගම ප්රදේශයේ කන්දක් නාය යෑමකට ලක්විය. 03 November 2024
ඉරානයෙන් අනතුරු ඇඟවීමක් ඉරානයේ මිසයිල පද්ධති, ඩ්රෝන කර්මාන්තශාලා, මිසයිල කර්මාන්ත ශාලා සහ ගුවන් මෙහෙයුම් පද්ධතිවලට පසුගිය 26 වැනිදා එල්ල කළ ඉලක්කගත ප්රහාර මාලාවට නිසැකවම ඇමෙරිකාවට සහ ඊශ්රායලයට දැඩි පිළිතුරක් ලැබෙනු ඇතැයි ඉරානයේ අධ්යාත්මික නායක අයතුල්ලා අල් කමේනි පැවැසුවේය. 03 November 2024
බස් අනතුරින් තුවාල ලැබූ සිසුවෙක් රෝහලෙන් පැන ගිහින් බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්රදේශයේ දී සිදු වූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි සරසවි සිසුවකු ඊයේ (2) හොර රහසේ වාට්ටුවෙන් පැන පලාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 03 November 2024
පුද්ගල ඝාතනයකට BOI හිටපු ස. අධ්යක්ෂකවරයෙක් අත්අඩංගුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාන්ත්රික ඉංජිනේරුවරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ දේපළ ව්යාජ ලෙස පවරා ගත් බව කියන ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සහකාර අධ්යක්ෂවරයකු සහ ව්යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 03 November 2024
සතොස මුංඇට-සුදු කව්පි - සුදු සීනි මිල අඩු කරයි ජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස මගින් අලෙවි කරන අත්යවශ්ය භාණ්ඩ කීපයක මිල පහල දැමූ බව ලංකා සතොස ආයතනය පවසයි. 03 November 2024
එකලස් වාහන බදු මගඩියකින් රජයට කෝටි 10ක් අහිමිවෙලා රේගු ගුදම් තුළ එකලස් කර දේශීය වෙළඳපොලට නිකුත් කළ වාහන 326 කට කර්මාන්ත අමාත්යවරයාගේ නිර්දේශය පරිදි රේගු ආඥා පනතට පටහැනිව ලබාදී ඇති බදු සහනයකින් රජයට රුපියල් 103,803,200 ක ආදායමක් අහිමිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 03 November 2024
අද නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්රිකා තැපැල් මගින් බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (3) ඉරිදා ප්රකාශයට පත් කර තිබේ. ඒ සඳහා ලිපි බෙදා හැරීමේ තැපැල් කාර්යාල 2090 ක් අද විවෘතව තැබෙන බව ජ්යෙෂ්ඨ නියෝජ්ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. 03 November 2024
පොලිස් සැරයන්ගේ -කොස්තාපල්වරියගේ වැඩ තහනම් පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ 15 ක් සමග පතුරොම් ගැබ අස්ථානගතවීම සම්බන්ධයෙන් මිහිජය සෙවණ පොලිසියේ පොලිස් සැරයන් වරයෙකුගේ සහ - පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි 03 November 2024
‘‘ජල සම්පාදනය කෝටි 69ක් අය කරගෙන නෑ‘‘ රුපියල් පනස්දහසකට වඩා වැඩි ජලබිල්පත් නොගෙවිම නිසා ජල සැපයුම විසන්දිකරණු ලැබු ජල පාරිභෝගිකයින් 4,448 දෙනකුගෙන් ලැබිය යුතු රුපියල් මිලියන 695.48 ක මුදලක් ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අයකර ගැනීමට කටයුතු කර නොමැති බැව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 03 November 2024
පළාත් දෙකකට මිලි මීටර් 100ට වඩා තද වැසි මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 03 November 2024
අගමැතිනිය කැලණියට අග්රාමාත්යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය . 02 November 2024
විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්යනුකූලව පවරාගෙන නෑ විභාග දෙපාර්තමේන්තු ප්රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්රමාණයෙන් යුත් ඉඩමේ නීත්යනුකූල අයිතිය මෙතෙක් පවරාගෙන නැතැයි විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි. 02 November 2024
තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි කළුතර, සේරුපිට ප්රදේශයේ අද (02) රාත්රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 02 November 2024
ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක්ෂම ලෙස ඝාතනය කර කෝටි සියයකට අධික දේපළ පවරා ගත්තේ යැයි කියන සිද්ධියේ ප්රධාන සැකකරු රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අද (02) අත්අඩංගුවට ගෙන ඇත. 02 November 2024
තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට හිටපු රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු ලබන දේවාලයක කපුවෙකු සහ ඔහුගේ බෑනා විසින් භාවිතා කළ බවට අනාවරණය වීමෙන් පසු එම දේවාලයේ කපුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 02 November 2024
ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි රාජ්ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි කරයි. 02 November 2024
දිස්ත්රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්රික්ක අටක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (02) පස්වරුවේ පියවර ගෙන තිබේ. 02 November 2024
කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක් බ්රිතාන්යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාතික බ්රිතාන්ය කාන්තාවක වන 44 හැවිරිදි කෙමී බේඩ්නොච්ය. 02 November 2024
රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්රෑම් 76 යි ග්රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු ඊයේ (01) දින රාත්රී කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. 02 November 2024
ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආර්ථික විද්යා හා සංඛ්යාන අධ්යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය. 02 November 2024
කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක් බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන පුද්ගල මල සිරුරක් (02) දින සොයගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය. 02 November 2024
ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක් පුද්ගලයෙකු මියගොස් 18 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නානුඔය පොලිසියේ නිලධාරියෙකු පැවසිය. 02 November 2024
කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 02 November 2024
පළාත් රැසක අද තද වැසි සහ සුළං දිවයිනේ බොහො ප්රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 02 November 2024
හෝටල්වල පාටි දැමූ අයගේ මන්ත්රී පට්ටම් අහෝසියි ? ජනතාව දහස් ගණනින් තරු හෝටල් වලට කැඳවා සංග්රහ කළ අපේක්ෂකයන් මන්ත්රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්රී ධූර ශ්රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහෝසි කිරීමට අවධානය යොමු වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. 02 November 2024
සෝඩියම් එන්නත් හිඟයෙන් දොස්තරලා අමාරුවේ වකුගඩු රෝග, පාලනය කළ නොහැකි දියවැඩියාව, දැඩි විජලනය වැනි රෝගවලින් පෙලෙන රෝගීන්ගේ සංකූලතා පාලනය කිරීමට භාවිත කරන සෝඩියම් බයි කාබනේට් එන්නත් හිඟයක් බව සෞඛ්ය අමාත්යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේය. 02 November 2024
ඡන්ද ප්රචාරයේ ගිය බසයට එරෙහි පැමිණිල්ල වීසි වේ මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්රික්කයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයකු සිය මැතිවරණ නිල රථය ලෙස බස් රථයක් භාවිතා කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් යැයි පවසමින් බස් රථයේ රියදුරුට එරෙහිව වැලිකඩ පොලිසිය පවරා තිබූ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්රාත් මංජුල රත්නායක මහතා අද (01) නිෂ්ප්රභා කිරීමට නියෝග කළේය. 01 November 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026