(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී අයුරින් කොටස් එකලස් කරන ලද අති සුඛෝභෝගි මෝටර් රථයක් පරිහරණය කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මධ්‍යයේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.
ඉකුත් 31 වෙනි දින ඔහු මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ නිවසේදී අත්අඩංගුවට ගෙන එදිනම රාත්‍රී නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
ඔහු බන්ධනාගාරයේ සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා තරමට මේ මනුස්සයා තරම් ලෙඩෙක් මුලු පාර්ලිමේන්තුවේම නෑ. බෝ නොවනරෝග ඔක්කොම තියෙනවා ඉහටත් උඩින්. ඒත් මැරෙන්නේ නෑ වගේ ජීවත් වෙන්නේ.
මට හිතෙන්නේ ප්‍රශ්න කිරීමේදී පොලිසිය මේ අහිංසකයාට හොඳටම පහර දීලා, නැතිනම් බොහෝම හොඳට ඇවිදගෙන පොලිසියට අපු මේ මනුස්සයා රෝහල් ගතවන තරමට ලෙඩ වුනේ කොහොමද?
හා... ඇත්ත වෙන්නැති නේද? ඇත්තෝ කති බොති. නැත්තෝ ලෙවකති. කොහොමත් ඔය උදවියට බන්ධනාගාරෙ ළඟින් ගියත් ලෙඩ හැදෙනවා. මතක නේද අර ගැහැණු පරාණයක් එක්ක පිස්තෝල කේස් එක... ජාතික රෝහලෙත් ගෙවන වාට්ටුවේද දන්නේ නැහැ...
බලාගෙන ගියාම පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙන්නේ ලෙඩ්ඩුනේ...
අතිශයින්ම පිළිකුල් සහගත පුද්ගලයෙක්. ලොහාන් මැරයෙක් සහ මිනීමරුවෙක්...
පිනට කකා බිබී සියලුම වරප්‍රසාද බුක්ති වින්දගෙන සුවසේ සැපසේ ජීවත් වෙචිචි දූෂිත දේසපාලුවන්ට සිරගත වුණාම අසනීප වෙනවා??
කිසිම ලෙඩක් නැති මිනිස්සු කොහොමද මෙහෙම බොරු වෛද්‍ය නිර්දේශ ගන්නේ. වෛද්‍යවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ගග ගන්න බැරිද මෙහෙම බොරු කියනවට? මෙයාලා එළායේ හරි චන්ඩි නේද? කොහොමද ඇතුලට දාන සැනින් වළපයයි ගොඩපයයි ඉන්න ලෙඩ්ඩු වෙන්නේ?
මේ එළියේදී හොඳට ඇවිදගෙන ඉන්න මිනිස්සු බන්ධනාගාරයට ගියාම "ලෙඩ" වෙනවා වගේ. පිරිමි කමටත් ලැජ්ජයි.
අනුරට පාට් දාන්න ආවේ මාර කෙනෙක්නේ… ලෙඩ වාට්ටුවක්…
මෙහෙම බොරු ලෙඩ්ඩු, සාමාන්‍ය ලෙඩුන් මෙන් පැදුරක දමා, රෝහල් කොරිඩෝවේ දමා තිබ්බොත් නම්, "ප්‍රභූ" කියා බන්ධනාගාර භාරයට පත්වන සොක්කන් මින් ඉදිරියට රොහල්ගත වීමට ඉල්ලුම් කරන්නේ නැති බව සහතිකයි...!!!
එතුමාව නිදහස් කරන්න . එතකොට ඔය අසනීප ඔක්කොම සනීප වෙයි
විවිද පුවත් වල මම දැක්කේ මෙතුමාගේ ලස්සන පින්තූර . පොලිසිය අල්ලපු වෙලාවේ ඉඳන් දැක්කේ ගොඩක් වයසට ගිය ලෙඩ පෙනුමක් . ඔය පොලිසිය අල්ලාගත්තේ ලොහාන් රත්වත්තේ මද ? නැත්නම් වෙන ලෙඩෙක්වද ?