
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලියන දේවල් ගැන මාධ්‍යවේදීන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීම නොකළ යුතු බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(25) පැවැසීය.
ප්‍රශ්නයක් තිබේ නම් මාධ්‍යවේදීන් ළඟට ගොස් විමසීමක් කිරීම සුදුසු බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනමාධ්‍ය මාත්‍යාංශය සහ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යාංශය යන ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
තමන්ට ලැබෙන තොරතුරක් හෙළි නොකිරීමට මාධ්‍යවේදීන්ට වගකීමක් ඇති බවත් මාධ්‍යකරුවාට ඇති ඒ අයිතිය පිළිගත යුතු බවත් යාපා මහතා කීවේය.
ජනමාධ්‍යකරුවා විවේචනය කරනවාට වඩා ඔහු ඉදිරිපත් කර ඇති කරුණුවලට සාධාරණ ලෙස පිළිතුරු දීමේ හැකියාව වර්ධනය කළ ගත යුතු බව පැවසූ මන්ත්‍රීවරයා සමාජ මාධ්‍ය නවත්වාලිය යුතු දෙයක් නොවන බවද ප්‍රකාශ කළේය.
COMMENTS
පියතුමෙක්ව ගෙන්වලා පැය ගණන් ප්‍රශ්න කරාට කමක් නැද්ද එතකොට.?
කොයි රටේ ද එහෙම වෙන්නේ?
කිසිදු තර්කයක් නැහැ. එසේ නොකළ යුතුයි. ඔවුන්ගේ අදහස් සමග එක්ග විය නොහැකිනම් ඒවාට පිලිතුරු දියහැකියි.ඔය අදහස් දක්වන්නේ පිවිතුරු චේතනාවකින්නම් විය නොහැකියි. අප්‍රසන්න ආණ්ඩුවක කොටස් කරුවෙක් ජනතා ප්‍රසාදය ලබා ගැනීමට දරන උත්සාහයක් පමණයි. ලසන්තගේ මරණය ගැන අදවනතුරු වචනයක්වත් ප්‍රකශ නොකලේ මන්ද?
මේ රටේ නීතිය කාටත් පොදුයි.
වෙනදා මොලේ පැදෙන්නේ බලේ නැති උනාම. දැන් බලේ තිබෙනකොට මොළෙත් පෑදිලා.